(හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ රෝවන් පෙරේරා)

පුත්තලම අනුරාධපුර පාරේ සිරම්බිඅඩිය විශේෂ කාර්ය බළකා කඳවුර ආසන්නයේ දී වෑන් රථයක් පාරෙන් ඉවතට පැන සිදුවු අනතුරකින් තිදෙනෙකු මිය ගොස් ඇතැයි පුත්තලම මුලස්ථාන පොලිසිය පවසයි.

මඩු සිට හලාවත දක්වා ගමන් ගත් වෑන් රියක් මෙලෙස අනතුරට ලක්වි තිබේ. අනතුරට ලක්වන අවස්ථාවේ වෑන් රථයේ 11 දෙනෙකු සිට ඇතැයි පොලිසිය පවසයි.

තුවාල ලැබූ දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවත් ඔවුන් කොළඹ ජාතික රෝහලට රැගෙන ගිය බවත් පොලිසිය සඳහන් කරයි.

ඡායාරූප - හිරාන් ප්‍රියංකර ජයසිංහ

ඡායාරූප - රොවන් පෙරේරා

විඩියෝ දසුන් සඳහා පිවිසෙන්න

https://youtu.be/LWJb97PZdtE