
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
වැල්ලම්පිටිය දෙමටගොඩ මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් මේ වන විට මතුව ඇතැයි වැල්ලම්පිටිය පොලීසිය පවසයි.
ඒ වැල්ලම්පිටිය නාගහමුල්ල හන්දියේ පිහිටි අධි බලැති විදුලි රැහැන් කණුවක නැගී පුද්ගලයකු විරෝධතාවක් ආරම්භ කර තිබීම බව කියයි.
ආපදා රථයක් යොදා ගෙන විරෝධතාකරු බිමට බැස්ස වීම සඳහා පොලිසිය සහ මහජනතාව යුහුසුළුව ක්‍රියා කරමින් සිටින බව පැවසේ. මේ හේතුවෙන් ප්‍රදේශයේ විදුලිය ද විසන්ධි කර ඇති බව කියයි.
විරෝධතාවට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර විරෝධතාකරු බිමට බැසීමෙන් පසුව ප්‍රශ්න කිරීමට නියමිත බව ද පොලිසිය පවසයි .
සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලීසිය පරීක්ෂණ පවත්වයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd