(නාලක සංජීව දහනායක)
ඉදිරි මහා මැතිවරණය සඳහා නාම යෝජනා ලබාදීමේදී අපේක්‍ෂක අපේක්‍ෂිකාවන්ගේ ජනප‍්‍රියත්වය හා ප‍්‍රසිද්ධිය පමණක් සැළකිල්ලට නොගෙන ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම් ඇතුළු වෙනත් සුදුසුකම් පිළිබඳව සළකා බලා නාමයෝජනා ලබාදීම කෙරෙහි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අවධානය යොමුව ඇතැයි එම පක්‍ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.
ඒ අනුව ජනාතාව ප‍්‍රතික්‍ෂේප කළ හා අවශ්‍ය සුදුසුකම් සපුරාලිය නොහැකි පුද්ගලයන්ට නාම යෝජනා ලබා නොදීමටත්, ජනතාවට පිළිගතහැකි ප‍්‍රතිපත්තිගරුක තැනැත්තන්ට වැඩි වශයෙන් නාම යෝජනා ලබාදීම කෙරෙහි ඔවුන්ගේ අවධානය යොමුව ඇතැයි වාර්තාවේ.
එමෙන්ම පොලිතීන් හා පෝසටර්, කටවුට් වලින් තොරව පරිසර හිතකාමීව හා විරුද්ධ පක්‍ෂයේ අපේක්‍ෂකයන්ට මඩ ප‍්‍රහාර එල්ල නොකරමින් මැතිවරණ ව්‍යාපාරය පවත්වාගෙන යෑමටද ඔවුන් දැනටමත් තීන්දු කර ඇතැයි වාර්තාවේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාම යෝජනා මණ්ඩල පත්කිරීම සම්බන්ධයෙන් වන සාකච්ඡා ලබන සතියේදී ආරම්භ කිරීමට නියමිත බවද එහි ප‍්‍රකාශකයකු සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙරි ගුඩ් ! ඒ වුනත් වැඩේ හරියටම කරනකම් ෂුවර් එකක් නැහැ.
කරලා පෙන්නන්නකෝ...!
අවශ්‍ය කරන අයට , හොර අධ්‍යාපන සුදුසුකම් ලබාදී අවසානනම් ... තෝරන්න පටනගන්න පුළුවන් නේද ..
එතකොට දැන් ඉන්න අධ්‍යාපන සුදුසුකම් නැති අයට කෝකද කරන්නේ?
පසුගිය කාලේ රටේ මතයක් ගොඩනැගුණා රටේ දේශපාලකයන් බහුතරයට අ.පො.ස. සාමාන්‍ය පෙළ තරම්වත් අධ්‍යාපන සුදුසුකම් නැහැ කියලා..! ඊට සමගාමීව ගොඩනැගුණු මතය තමයි උගත්තු මැති සබයට පත්කරන්න කියලා! මේ සියලුම දේට මූලික වුනේ" දේශපාලකයා රටේ දේපල සොරාකනවා" කියන මතයත් එක්ක... ඇත්තෙන්ම කවුරු හරි නිවැරදි සමීක්ෂණයක් කරලා බැලුවොත් පැහැදිලි වෙයි. මේ රටේ දේපොල වැඩි හරියක් සොරකම් කරලා තියෙන්නේ එහෙමත් නැත්තම් මහා පරිමාණ ජාවාරම් කරලා තියෙන්නේ ටයි කෝට්දා ගත්ත ඩිග්‍රි කාරයින්.!!! ඔවුන් දේශපාලනයේ මෙන්ම රජයේ ඉහළ ආයතනවල උසස් තනතුරු දරන නිලධාරීන්..! 1977 සිට අද වෙන කොට, මේ "නූගත්" දේශපාලකයා "උගතුන්ව" පාචිච්චි කරලා ජාතික අපරාධ කොපමණ නම් අපේ රටේ කරලා තියෙනවද? ඇත්තෙන්ම උගතුන්ට මැති, ඇමැතිකම් දුන්නා කියලා, අපේ මේ රටේ තියෙන මේ පාදඩ සමාජ දේශපාලනය වෙනස් වෙයිද?
අර මේ ලඟදී ආචාර්ය උපාධිය ගත්තා... බාලපුතාවත් ඡන්දෙට ඉදිරිපත් කරනවද? අධ්‍යාපන සුදුසුකම් අතින් නම් කියලා වැඩක් නැහැ. ඉහළම සුදුසුකම් තියෙන්නේ...
අධ්‍යාපන සුදුසුකමයි, සාමාන්‍ය දැනීමයි කියන්නේ එකක් නෙමේ දෙකක්. ඒ වගේම රටට, ජාතියට, පරිසරයට ආදරය කරන එක අධ්‍යාපන සහතිකයකින් මනින්න බැහැ. අවශ්‍ය වෙන්නේ රටේ ඉතිහාසය භූගෝලය සහ පරිසරය පිළිබඳ දැනීම... එවන් දැනීමක් නැති පිරිසට ඇමතිකම් දුන්නාම කරන දේ රටම දැකලා ඉවරයි. වහල් ආණ්ඩුවේ ඉතා ඉහළ අධ්‍යාපන සුදුසුකම් තිබ්බ ඇමතිවරු රට පාවලා දුන්නා. පරිසරය විනාශ කළා. ඉතා වටිනා ඉඩකඩම් කර්මාන්ත විදේශිකයින්ට වික්කා. ඒ වගේම රට, ජාතිය, ආගම ආරක්ෂා කරන්න සුදුසුකම් තියෙන එකම පුද්ගලයා විදිහට ගිහි, පැවිදි දේශප්‍රේමීන් තෝරාගත්ත ජනාධිපතිවරයා ඇමරිකාවට රට පාවාදෙන එක නතර කරන්න. අදටත් ජනතාවට සටන් කරන්න වෙලා. ඔහුගෙන් අදටත් කෙලින් වචනයක් ගන්න බැරි වෙලා තියෙනවා. මහින්දට විකල්පයක් විදිහට තෝරා ගත්ත ජනාධිපතියි වහල් ආණ්ඩුවට විකල්පයක් විදිහටයි හිතපු ආණ්ඩුවයි. අද යූටර්න් ගහලා රනිල්ගේ ආදේශකයෙක් සහ වහල් ආණ්ඩුවේ ආදේශකයක් විදිහට වැඩ කරන එකයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. සිංහරාජ වනාන්තරය ඇතුළු වනාන්තර විනාශ කිරීම අදටත් වෙනවා. ආදර්ශය එන්න ඕනේ ඉහළින්. එතකොට පහළ මිනිස්සු නිකම්ම හැදෙනවා.
මේක කවදාවත් කරන්න එපා. ජනමතයක් ඇති අය තෝරන්න ඕනේ.. සැබෑ උගතුන් අවශ්‍ය නම් එ්කට ජාතික ලැයිස්තුව තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ජනතා නියෝජනයක්.. ඒ නිසා මේ වැඩේ හරියන්නේ නැහැ. අනෙක මේ රට මෙතරම් විනාශ කලේ නිලධාරීන්..., ඔවුන් හරියට හිටියා නම් කිසිම දේශපාලකයෙකුට මේවා කරන්න බැහැ. හොඳම උදාහරණය ඉන්දියාව... අනෙක පහුගිය කාලේ වෛද්‍යවරු, ඉංජිනේරුවෝ, මහාචාර්යවරු පාර්ලිමේන්තුවේ හිටියා. ඒ අයගේ ක්‍රියාවන් අපි දුටුවා...
අධ්‍යාපන සුදුසුකම් නම් කොහොම හදාගන්න බැරිද? හොරට ලියලා විභාග පාස් වෙච්චි අයත් ඔය ඉන්නේ...
මිරිස්කුඩු මල්ලි, රත්‍රන්, ගීතා, පබා, මාලනි, සනත්, නිශාන්ත මෙකී නොකී කාටවත් නොමිනිසුන් නෑ. හුරේ හුරේ රටත් දිනුම්, පොහොට්ටුවත් දිනුම්... මාව අායෙත් ගොනාට අැන්දුවා නොවේ නේද?
මෙවර ජනතාව ජනාධිපතිතුමන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ සැබෑ වෙනසක්... පාට, පක්ෂ වෙනසක් නොතකා සැබෑ උගතුන්ගෙන්, බුද්ධිමතුන්ගෙන් පිරුණු පාර්ලිමේන්තුවක් ජනතාව බලාපොරොත්තු වෙනවා. කරුණා කරලා කවුරු වුණත් කමක් නැහැ... හොරුන්ගෙන්, නඩුවැටිලා තියන අයගෙන් වංචා කාරයින්ගෙන් මෙවර නව පාර්ලිමේන්තුව බේරා දෙන්න. නළු නිළියන්, ගායකයන්, උගතුන් නොවේ නම් රටට වැඩක් නැහැ. මේ ජනතාව බලාපොරොත්තු වෙන සැබෑවෙනස නොවුණොත් ජනතා බලාපොරොත්තු වතුරේ යාවි...
රටට යන එනමන් නැතිකරලා නූගතුන්ට ඇමතිකම් බාරදීලා දැන් උගත්කම් හොයන්න යනවා. රටේ ආරක්ෂාව තියෙන තැන උසස් නිලදරන්නේ කොහොමද? උපාධිය කෙසේවෙතත් විභාගයක් වත් සමත් නැතිව පොහොට්ටුවේ ඉතුරු වෙන්නේ බන්දුල ගුණවර්ධන විතරයි.. අනිත් සේරමලා ගෙදර... හොර පත්වීම් තියෙන්නේ සේරටම ටිකටික මොලේ පෑදෙනකොට රට මහා පරිමාණයෙන් විනාශ වෙලා ඉවරයි. නූගත් අැමැතිලාට බුද්ධිමත් ලේකම්ලා දෙන එක නතර කරන්න ඇමති ලියකියවිලි හදාගෙන ලේකම් ළඟට ගිහින් අත්සන් කරන තැනට වැඩ සිදු කරන්න.
පසුගිය වකවානුවල මෙරට උසස් තනතුරු දරන වැඩිපුර නිලධාරීන් හට සිදුවූයේ නූගත් දේශපාලුවන්ගේ ඕනේ එපාකම් අනුව වැඩ සිදුකිරීමට මිස නීත්‍යානුකූලව තම රාජකාරිය හරිහැටි ඉටු කරදීමට නොවේ. එයට හොඳම උදාහරණයක් ලෙස මීගමු කලපු සංවර්ධනයේ නාමයෙන් ඊයේ, පෙරේදා ජනමාධ්‍ය තුලින් හැමෝටම දැක ගැනීමට හැකිවුණා. දේශපාලුවාගේ නූගත්කම මනාවට රඟ දැක්වූවා. උසස් නිලදරුවන්ගේ දුක වේදනාව මනාවට පැහැදිලි වුණු කරුණු කාරණා පහුගිය දිනවල ජනමාධ්‍ය තුළින් හැමෝම දුටුවා. දේශපාලුවාට තම බලය මිස රට ගැන කිසිම කැක්කුමක් හෝ ආදරයක් නැතිබව කොතෙකුත් කරුණු කාරණා පසුගිය අවුරුදු කීපය තුළම දර්ශනය වුණා. දැන්වත් තම වටිනා ඡන්දය දීමට සුදුසු උගත් අයවලුන් ඉදිරිපත් කිරීමට සිතීමත් ලොකු දෙයක්...
අර කතාවට ඉතා දක්ෂ එක්කෙනා "පාර්ලිමේන්තුවට යන්න අධ්‍යාපන සුදුසුකම් තිබිලා වැඩක් නැහැ. ඡන්දය ගන්න හැකියාවත් තියෙන්න අවශ්‍යයි. ඔය උසස් අධ්‍යාපන සහතික තිබුණු අය පාර්ලිමේන්තුවට ගිහිල්ලා බැංකු සුද්ධ කළා මතකද?" කියලා පහුගියදා කියනවා ඇහුණා.
මෝදි මුණගස්සලා අතට අත දෙන එකත් සුදුසුකම් ලැයිස්තුවට දාන්න හොඳේ.
හරි සහතිකද? හොර සහතිකද කියලා දැනගත හැකි ක‍්‍රමවේද තියේද..?
ඉතාම හොදයි ,එත් මෙහෙම වෙයිද ? පළාත් සබා වලටද මේ ක්‍රමය ඉතාම වැදගත් පහු ගිය කාලයේ මේවගේ රජ කලේ කසිප්පු ව්‍යාපාරයේ යෙදුන අය ,ගමේ චන්ඩින් උගත් කමක් ගෑවිලාවත් නැති අය මෙවර බුද්ධිමතාට තැන දෙන්න
මේකයි කතාව, ඇත්ත තිත්තයි... පොහොට්ටුව දිනලා නව රජයක් බිහි වෙන බව එයාලා දන්නවා. ඉතින් අපේක්ෂකයන් දැනටමත් එයාලා තීරණයකර අවසන් කියලයි මගේ අදහස. නමුත් මේ දේශපාලකයන් අපිව රවටනවා. මේ තනතුරු දෙන්නේ එයාලගේ හිටපු පවුල්වල දුවලා පුතාලට. ගණන් කාරයින්ට, සල්ලි කාරයින්ට, ප්‍රසිද්ධ නළු නිළියන්ට ගායකයින්ට. ඔක්කොමලා වැඩ බැරි දාසලා. මේක තමා පසුගිය අවරුදු 72ම සිදු වුනේ. එකේ ප්‍රතිඵලේ අපි එතනමයි... අනිත් ආසියාතික රටවල් අපිට කොකා පෙන්නනවා.
කටින් බතල කොළ අන්තිමේ මිරිස් කුඩු කාරයෝ ඇතුලේ, දැක්කනේ ඉන්දියාවේ ගිය හැටි.
"අධ්‍යාපන සුදුසුකම්" සහ "වෙනත් සුදුසුකම්" කිව්වට මදි. මොනවද අවම අධ්‍යාපන සුදුසුකම්" ? 8 පාස් ????? "වෙනත් සුදුසුකම්" ? මැරකම්, මදාවිකම්, කඩාකප්පල් කාරී ක්‍රියා, ජාවාරම් ආදියද? එහෙම නොකොළොත් ඔය පාර්ලිමේන්තුවේ දැන් පෙරමුණේ ඉන්න "ජ්‍යෙෂ්ඨ" චරිත බොහොමයකට නාම යෝජනා ලැබෙන්නේ නැහැ. මේවත් නිකන් ජනතාව රවට්ටන සෙප්පඩ විජ්ජාවල්.
මේකත් සුරංගනා කතාවක් වෙයි ද කියලා තමයි සැක.
අයියෝ කවුරුත් බය වෙන්න එපා ඕකට. අවම සුදුසුකම වෙන්නේ 5 පාස් ද නැද්ද කියන එක විතරයි. දැන් පේන්නේ නැද්ද රියැදුරු බලපත්‍රයව විභාගයත් තියනවා. අසමත් වෙන්නේ අන්ධ අය විතරයි. මේක ලංකාවනේ. මේ විහිළු දන්න මට නම් හිතෙන්නේ මම හරියට අර අන්ධයන්ගේ රටේ ඇස් පේන ආබාධිතයෙක් හැටියටයි.
දුෂණ වලට ලංකාවෙනම් උගත් නුගත් භේදයක් නැහැ . උගත්කම මනින එකම මිනුම් දණ්ඩ අධ්‍යාපනය උනත් උගත්කම තිබී බුද්ධිය නැති නම් එම උගත්කමෙන් පලක් නැහැ. ඒ නිසා බුද්ධිය, ජනතා සේවයට ඇති කැමැත්ත, දූෂිත නොවීම, දේශපාලන පළපුරුද්ද, විනය, වැනි ගුණාංග ද සලකා බැලීම අවශ්‍යයි.