( පැතුම් දර්ශන)
අධ්‍යාත්මික බලයෙන් රෝග සුව කිරීමේ වැඩසටහනකට සහභාගී වීමට පැමිණි පිරිසක් අතරින් රෝගී ව සිටි කාන්තාවක සහ පුද්ගලයකු මියගොස් අසාධ්‍ය තත්වයෙ පසු වූ තවත් 18 දෙනෙකු රෝහල්ගත කර ඇතැයි හොරොව්පොතාන පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ අංක.271/1 ආබ්‍රපුර, මහවස්කඩුව, කළුතර ලිපිනයෙ පදිංචි පත්තිනිගේ දිනූෂා ද සිල්වා (39), සහ දික්හේනවත්ත, ඌරල,වදුරඹ, ගාල්ල, ලිපිනයේ පදිංචිව සිටි අත්තනායක මුදියන්සේලාගේ රණවක (78), යන දෙදෙනාය.
අධ්‍යාත්මික බලයෙන් රෝග සුව කිරීමේ මෙම වැඩසටහන හොරොව්පොතාන මධ්‍යමහ විද්‍යාලීය ක්‍රීඩා පිටියේ ඊයේ (07)රාත්‍රියේ සිට අද (08) දහවල් දක්වා පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබුණ අතර ඒ සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවල විවිධ රෝගාබාධවලට ලක්වූ 25000කට අධික රෝගීහු සංඛ්‍යාවක් සහභාගී වී සිටියහ.
මියගිය රෝගීන් දෙදෙනා සහ රෝහල් ගත කළ රෝගීන් 18 දෙනා එම වැඩසටහනට සහභාගී වීමට පැමිණ ඇති බව පොලීසිය සඳහන් කළේය. එම වැඩසටහන අතරතුරදී ඔවුනට වැළඳී තිබූ රෝග උත්සන්න වීම නිසා හොරොව්පොතාන රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වන විටත් බරපතළ තත්ත්වයේ සිටි දෙදෙනා මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග කියයි.
අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගත කළ 18 දෙනාගෙන් 14 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව ද රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි.
මියගිය සිරුරු සම්බන්ධයෙන් මරණ පරීක්ෂණය හොරොව්පොතාන නාගරික හදිසි මරණ පරීක්ෂක ඩී.එම්.කෙ. දිසානායක මහතා විසින් සිදුකිරීමෙන් පසු ඥාතීන් වෙත බාරදුන් අතර හොරොව්පොතාන පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රොෂාන් සංජීව මහතාගේ අධීක්ෂණය යටතේ පොලිස් කොස්තාපල්, (59233)ජයසෙන,(59397) හේරත් යන නිලධාරීන් ඉදිරි පරීක්ෂණ සිදු කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"ලෙඩ දුක් සුව වෙනවද ජපකරලා මන්තර"? ඔය බොරු දේවල් පස්සේ යන්න ඉස්සර හිතන්න මිනිස්සුනේ.. මේ 21 වැනි ශතවර්ෂයයි...
මොන ආගමිකයින්ද නොකියා සිටීමට සමත් වෙලා තිබුණත් අපි දන්නවා මේ නිකායේ උන්දැලා මැරුණු පළමු සැරේ මෙය නොවන බව... මේ නිකායේ අය මීට ප්‍රථමද බෙහෙත් නොගෙන ලෙඩ සුව කරගැනීමට ගොස් ස්වර්ගස්ථ වී තිබෙනවා. ලෙඩා මැරුණත් බඩ සුද්දවුණා කියනවා වගේ මොවුන් මැරුණත් ස්වර්ගයට කෙලින්ම යන නිසා අපි දුක්විය යුතු නැත.
පිළිකා සුව කරනවා. වකුගඩු ආබාධ සුව කරනවා ආදී වශයෙන් දැන්වීම් පලකරමින් අසරණ වූ මිනිසුන් තවත් අසරණ කරන පුද්ගලයින්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළ යුතුය. ඇත්තටම ලෙඩ්ඩුන්ට උපකාර කිරීමට අවශ්‍ය නම් කෙලින්ම පිළිකා රෝහලට ගිහින් ප්‍රතිකාර කරන්න...
මෝඩකමට බෙහෙත් නෑ කියන්නේ ඕවට තමයි...
ශ්රී සද්ධර්මය හැමතැනම ඇහෙනවා. හිත දියුණු කරගන්න. නිවැරදිව ලොව දකින්න. වෛද්‍යවරුන් ඕනෑතරම් මිනිසුන් දැනුවත් කරනවා. 21 වැනි සියවසේත් මිනිසුන් බොරුව පස්සේ යනවා. දෙලොවම පාඩුව තමන්ටමයි.
අසත්‍ය පණිවිඩයක්ලු. නැවත සොයා බලන්න.
ඕවට යන ගොන්හරක් මැරෙන්නමයි ඕනෑ. මේ මගඩිය කරපු අය අත්අඩංගුවට ගන්නේ නෑ වගේ.. ඒ අය දෙවිවරු වෙන්නැතිනේ...
බලධාරීන් මොනවටද මේ වගේ විකාරවලට අවසර දෙන්නේ. රැස්වීමක් තියන්න අනිවාර්යයෙන් අවසර ගත යුතුයි. පිස්සු දූපතේ පිස්සු ආතල්...
හොඳ වෙලාවට මලේ... හිටියා නම් ඔය මෝඩයින්ගේ ඡන්දත් අප්පච්චිලටනේ...!
මෙච්චර දියුණු ලෝකේ මේවගේ මෝඩ මිනිස්සුත් ජීවත් වෙනවනේ.. මියගිය අයට නිවන්සුව...!!!
ලෝකය, තාක්ෂණය මෙතරම් දියුණු යුගයක මිත්‍යා විශ්වාසයන්ට වහල් වූ මිනිසුන් තවමත් සිටිනවා. පැමිණි පිරිස 25000ක්.. ඇයි මේ වගේ මිනිසුන්ව රවටන ඊනියා අධ්‍යාත්මික හොරුන් නීතියේ රැහැනට හසුකර නොගන්නේ..?
මැරෙන්න හිටිය අය තමයි ඔය තැනට ගියේ... පිදුරු ගසේ එල්ලී බලන්නට. හිතන්නකෝ 25000ක් රැස්වුණු තැන තිබුණු තෙරපීම, තෙහෙට්ටුව, විෂබීජ වැනි දේ... ලෙඩ සනීපකරණ බොරු දේවල් පැත්තකින් තියන්නකෝ? හොරොව්පොතාන පැත්තේ ඉස්පිරිතාල පවත්වන්න ඕනෑ නැහැ. අධ්‍යාත්මික බලයෙන් රෝග සුවකිරීමේ මෙම වැඩසටහන පමණයි. බෙහෙත් ඕනෑ කරන්නේ නැහැ. දොස්තරලා, නර්ස්ලා ඕනෑ කරන්නේ නැහැ. අවශ්‍ය එකම දේ තමයි එන හරකුන්ට කන්නදෙන්න අවශ්‍ය ප්‍රමාණයට තණකොළ, පිදුරු, පුන්නක්කු, වතුර තියන්න...
අධ්‍යාත්මික බලවලින් රෝග සුවකරන්න පුලුවන් නම් බුදුපියාණන් වහන්සේ අසනීප වූ අවස්ථාවේදී උන් වහන්සේටම සුව කරගන්න තිබුණා නේද? නමුත් එහෙම කළාද? බුදුන්ට තිබුණා වූ ඕනෑම දෙයක් දරා ගැනීමේ ශක්ති බලයෙන් රෝග වේදනාව ඉවසා දරාගැනීම පමණයි උන්වහන්සේ සිදුකලේ... සාමාන්‍ය මනුෂ්‍ය ශරීරයකට අධ්‍යාත්මික බලයක් ආරුඨ වෙලා කියා කව්රුන් හෝ කියනවා නම් එය එක්තරා මානසික රෝග ලක්ෂණයක්...
දොස්තරලා නක්ෂත්‍රය විශ්වාස කරන, ඉංජිනේරුවෝ වාහනයේ දෙහි ගැට ගහන, ගෘහ නිර්මාණ ශිල්පින් වාස්තු බලන, බෝම්බ ගහද්දී ආරක්ෂා කරන්න බැරි දෙයියෝ තාමත් අදහන, ප්‍රාඩෝ එකෙන් ඇවිත් අපිට අනිත්‍ය, නිවන දේශනා කරන චීවරධාරීන් අදහන මිනිසුන් ඉන්නා මේ රටේ මෙව්වා නොවී තිබ්බොත් තමයි පුදුමේ...
මේ වැඩසටහන කරපු අයට විරුද්ධව නීතියෙන් කටයුතු නොකරන්නේ මොකද?
අධ්‍යාත්මික බලයෙන් රෝග සුව කිරීමට හැකිනම් වෛද්‍යවරු කුමටද? රෝහල්, බෙහෙත් ශාලා කුමටද? එහෙනම් හැකි කෙනෙක් සිටිනවා නම් බටහිර, පෙරදිග යුනානි හෝමියෝපති කියමින් විවිධ ක්‍රමයෙන් සිදුකරන වෛද්‍ය ක්‍රමයන්ට කෝටි ප්‍රකෝටි ගණනින් ජනතා මුදල් නාස්ති කරන්නේ කුමටද? අනේ මෙහෙමත් මෝඩයන් සිටින ලෝකයේ තවත් රටවල් තිබේද? මෙලෙස ආගම් ප්‍රචාරය කරන මුවාවෙන් හෝ වෙනත් අදහසකින් මිනිසුන් නොමග යවන අයට දැඩිම දඬුවම් දියයුතුයි.
පාලකයෝ තිරුපති යනවා. රටවැසියෝ නොපෙනෙන බලවේග පසුපස යනවා. මේ රටට වගතුවක් තියෙයිද?
රෝහල්වලට නොගිහින් අධ්‍යාත්මිකව රෝග සුව කරන්න පුළුවන් කියලා ඔය ගිහින් තියෙන බුද්ධිමත් ජනතාව දන්නවා...
අපි දවසෙන් දවස පුදුමාකාර වේගයකින් අන්ධකාරයට යන ජාතියක්, කාලෝ ෆොන්සේකලා පනහක් හිටියත් මදි...
දුර බැහැර ගිහින් ඔය වගේ සෙනග ගොඩක් අස්සේ තෙරපෙන්න ආවම අසාධ්‍ය නොවුණත් නිකම්ම මැරෙනවා.
විවිධ රෝගාබාධයන්ට මුහුණදී අන්ත අසරණ තත්වයට වැටි යන එන මන්නැතුව ඉන්නා අහිංසක මිනිසුන් රවටා තමන්ගේ බඩ වඩාගන්නා මෙවැනි අපරාධකාරයින් අද අප රටේ අස්සක්, මුල්ලක් නෑර දක්නට ලැබෙන බව කිවයුත්තේ ඉතාම කණගාටුවෙනි. මේ අතර බෞද්ධ භික්ෂුන් වහන්සේලා සහ අනෙකුත් ආගම්වල පූජකවරුන්ද ඉන්නා බව පෙනෙන්නට ඇත. දිනපතා පුවත්පතක් ගෙන බැලුවහොත් "අද්භූත අභිරහස් වශී ගුරුකම්, කිලි නැත, කැවීම්, පැන්නවීම්, රත් කිරීම් නැත, පහසු ගෙවීමේ ක්‍රමයට මලයක්ෂයින්, ප්‍රේතයින්, පිශාචයින්, යක්ෂණියන් ලවා ඔබට අවශ්‍ය කාර්ය ඉටුකරදෙනු ලැබේ" වැනි අහිංසකයින් මුලාකරන දැන්වීම් පිටු පුරා පළකර තිබෙනු දක්නට පුළුවනි. මේ අපරාධකාර කපටින්ට ගොදුරුවන්නේ අහිංසක ජනතාවයි. මෙවැනි ක්‍රියාකාරකම් පිළිබඳව බලධාරීන් වහාම සොයාබලා එවැනි බොරුකාරයින්හට නිසි දඬුවම් ලබාදී ඔවුන්ට රැවටෙන අහිංසකන් ගලවා ගැනීමට කටයුතු කිරීම අත්‍යාවශ්‍ය වන්නේය.
තමන් කැමැති ආගමක්, ලබ්ධියක් ඇදහීමේ නිදහස ආණ්ඩුක්‍රම ව්‍ය්වස්ථාවෙන්ම ප්‍රතිශ්ඨාපනය කර ඇති මූලික මිනිස් අයිතිවාසිකමකි. ආගමක් යනු කුමක්ද ? සරලව කිව්වොත් "විශ්වාසයක් මත පදනම් වූ ඇදහිල්ලකි " සමහර විශ්වාස මුලු සමාජයටම භයංකර ප්‍රතිඵලවලට ගොදුරු වන අතර ඒවා මැඩීමට යම් යාන්ත්‍රණයක් අවැසි බව මෙවැනි සිදූවීම් වලින් මොනවට ඔප්පු වේ.
සංහිඳියාව, සංහිඳියාව ඔහොම යං.. අපේ ලේකම්තුමා එනකම්.... බහුබූතවලින් තොර රටක් හෙට...
මෙම දැන්වීම සම්පූර්ණ මුදල් ව්‍යාජ ලෙස මුදල් ඉපැයීමට යොදාගත් ව්‍යාපාරයකි. කිසිඳු සත්‍යතාවයක් නැත.
රජය මේවට මැදිහත් වී මේ දේවල්වල ඇත්ත නැත්ත සොයාබලා මේක බොරුවක් නම් මේ අයට දඬුවම් දිය යුතුයි. ඒ වගේම මේක අැත්තක් නම් දේශීය විදේශීය රෝගීන් සුව කිරීමට පහසුකම් සලසා දිය යුතුයි...
මේ වගේ මිනිස්සු ඉන්න රටක්නේ මේ. ඉතින් හොරු සහ මහල්ලෝ රටේ පාලකයෝ වෙන එක අහන්නත් දෙයක්ද ?
මෙහෙම ලෙඩ සනීප වෙනවනම් බොරුවට ඉස්පිරිතාල ඕනේ නැහැනේ... ගෝල්ෆේස් වගේ පිට්ටනියක සතියට එක ගානේ මේවගේ වැඩසටහන් කරා නම් රටම සුවපත් වෙනවා..
මම මේ කල්පනා කලේ වෙනත් දෙයක්. මෙවැනි දෙයකින් ලොක්කෙකුට අනතුරක් වුනා නම් උන් එකෙකුගේවත් නම් දානවද?
මෝඩ කමට බෙහෙත් නැහැ.
දෙවිවරු පස්සේ යන එකත් දේශපාලුවෝ පස්සේ යනෙකත් දෙන්නම එකවගේ මෝඩයෝ. 21 නොවේ 31 සියවසට ගියත් මිනිසුන්ගේ මෝඩකම අත් හරින්න බැරිනම් මියගියාට කමක් නැහැ. එත් මේ මිනිස්සු ගොනාට අන්දන එවුන්ව නම් ජීවිතාන්තය දක්වා හිරේට යවන්න ඕනෙමයි.
මහා චුන්ද බොජ්ජංග සූත්‍රය කියා බුදුහිමියන් ද, මහා කස්සප බොජ්ජංග සූත්‍රයෙන් කාශ්‍යප මහ රහතන්වහන්සේ ද, මහා මොග්ගල්ලාන බොජ්ජංග සූත්‍රයෙන් මුගලන් මහ රහතන්වහන්සේ ද සුවපත් වූ සේක.බුදුහිමියෝ පිරිනිවන් පාන්නට වඩින ගමනේදී, බඩේ අමාරුව සමාපත්ති බලයෙන් යටපත් කරගත් සේක.(සාමාන්‍යයෙන් බුදු, පසේබුදු, මහරහත් උත්තමයන් වහන්සේලා තමන්ගේ රෝග සුවකර ගැනීමට, තමන්ගේ ප්‍රශ්ණ විසඳා ගැනීමට තමන්ගේ මානසික ශක්තීන් යොදාගන්නේ නැත.) මෛත්‍රී භාවනාවෙන් ප්‍රථම ධ්‍යානය ලබාගත් අයට ද අනුන්ගේ රෝග සුවකළ හැක.එතැන සංවිධායකයින් බෞද්ධයින් වන අතර එතැනදී පැමිණි සියලු දෙනා සාමූහිකව මෛත්‍රී භාවනාව කරති. එක ම භාවනාව සාමූහිකව කිරීමේදී ජනිත වන ශක්තිය ඉතා අධික ය. එතැනට එන්නේ වෛද්‍ය ප්‍රතිකාර කර සුව නොවූ අය ය. බුදුදහමට බොහෝ යටි උගුල් අදින නිසා, කෑම වලට හොරෙන් වස දැම්මා ද දන්නෙත් නැත. බොහෝ වේලාවක් අව්වේ එළිමහනේ සිටින විට ද රෝග උත්සන්න වීමට බොහෝ ඉඩ කඩ තිබේ. මේ ගැන හදිසි නිගමන නොගෙන, පරීක්ෂණ කළ යුතු ය.
අද ලොව බුදුන් වහන්සේ නැත. රහතුන් වහන්සේලා නැත. මිනිසා විසින් මිනිසාව යටහත් කිරීමට, බිය ඇති කිරීමට දෙවියෙක් සහ දෙවිවරු හිතෙන් මවාගෙන සිටිති. අද්භූත දේවල් වල එල්ලිලා සිටිති. මිනිසාට දෙයක් කළ හැක්කේ සානුකම්පිත මිනිසෙකුට සහ ගැහැණියකුට පමණකි. සැතපුම් සියගණන් ගෙවා දුකට පත් මිනිසුන් ගෙන්වාගෙන කරන පීඩාවෙන් මෙවැනි මරණ සිදුවිය හැකිය. මෙවැනි දේශනා පටන්ගත්තේ බටහිර මුකරි, කතාවට දක්ෂ පූජකයන් කියාගන්න මිනිසුන් විසිනි. ඇමරිකාවෙහි සහ ඉන්දියාවෙහි මෙවැනි පූජකයින් කියාගන්න මිනිසුන් විශාල ධනවතුන් විය. අන්තිමට මේවාට ගිය මිනිසුන් අගාධයටම පත්විය. මිනිසුනේ මේවා පස්සෙන් යන්න එපා.. ඉතින් අපේ රටේ බෞද්ධ නායකයින් ඉන්දියාවේ දේවාලවල උඩුකය වසන්නේ නැතිව කෝවිල්වල බිම ඉඳගෙන ලැජ්ජා නැති වැඩ කරති. තව මොනවද කතා කරන්න තියෙන්නේ...