(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සංඝ සභාව විසින් තඹුත්තේගම සමාධි බෞද්ධ මධ්‍යස්ථානාධිපති මහාචාර්ය, රාජකීය පණ්ඩිත අත්තන්ගනේ රතනපාල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අධිකරණ නායක පදවියට පත්කරනු ලැබීය.
අධිකරණ නායක පදවිය දැරූ මිනීඔළුව විද්‍යාවාස පිරිවෙන් විහාරාධිපති මකුලෑවේ විමල නාහිමියෝ එම පදවියෙන් ඉවත් වීම නිසා ඇතිවූ මේ පුරප්පාඩුවට රත්නපාල නාහිමියෝ පත් කරනු ලැබූහ.
උන් වහන්සේ මෙතෙක් අධිකරණ ලේඛකාධිකාරි ධූරය දැරූහ.
1988 සිට ප්‍රාදේශීය සංඝ සභා ලේකම්වරයෙකු ලෙස ද, 1993 සිට වසර 27ක් කාරක සංඝ සභිකවරයෙකු වශයෙන්ද ජෙට්ඨානුවිජ්ජක, උපරිමානුවිජ්ජක, ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය සාමාජිකයෙකු වශයෙන්ද ප්‍රතිපත්ති සංවර්ධන සභා ලේඛක, ශාසනික ගැටළු කළමනාකරණ කමිටුවේ ප්‍රධාන සංවිධායක, නිකායාභිවෘධිය සඳහා පත් කළ විවිධ කමිටුවල සාමාජිකයකු වශයෙන්ද අධිකරණ ලේඛකාධිකාරින් වහන්සේ වශයෙන්ද, නිකායාභිවෘද්ධිය හා ශාසන චිරස්ථිතිය වෙනුවෙන් සුවිශාල සේවාවක් සිදුකර ඇති හිමිනමකි.
විහාරස්ථාන 25ක් ඇති කළ උන්වහන්සේ 120 නමක් පමණ ශිෂ්‍ය පිරිසක් ඇතිකළ ආචාර්යවරයාණන් කෙනෙකු ද වෙයි.
කුඩා කලම ප්‍රාචීන භාෂා ශාස්ත්‍ර හදාරා ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ රාජකීය පණ්ඩිත උපාධිය 1976 ලබාගත් උන්වහන්සේ 1974 වර්ෂයේ පැවති උපසම්පදා පරීක්ෂණයෙන් ද 1978 පැවති නිකායේ ත්‍රිපිටක විශාරද පරීක්ෂණයෙන්ද ප්‍රථම ස්ථානය ලබා සමත්ව ඇත.
2025 දෙසැම්බර් මස 30
159
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
781
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
381
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
අත්තන්ගනේ රතනපාල නාහිමි රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ නායක ධුරයට
කමල් Sunday, 27 September 2020 01:41 AM
ඔය කියන අධිකරණ නායක පදවියේ වගකීම් මොනවාද, කෙරෙන කටයුතු මොනවාද?