තරිඳු ජයවර්ධන
අග්නිදිග විශ්ව විද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ලේ විරෝධතාවක නියැලී සිටින එම විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පිඨයේ සිසුන් සහ දෙමාපියන්ට වහාම විශ්ව විද්‍යාල භූමියෙන් පිටව යන ලෙස අක්කරේපත්තු මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
අධිකරණය එසේ නියෝග කළේ අක්කරේපත්තු පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් කුමාර මහතා අධිකරණයට කළ කරුණු වාර්තා කිරීමක් සැලකිල්ලට ගනිමිනි.
ඔලුවිල් අග්නිදිග විශ්ව විද්‍යාලය තුල අනවසරයෙන් පිරිසක් ඇතුළු වී සිටින බවටත්, විශ්ව විද්‍යාලයේ සාමය කඩ කිරීමට හා විශ්ව විද්‍යාලයේ දේපොළවලට හානි කිරීමට උත්සාහ කරන බවටත් පැමිණිල්ලක් ලැබුණු බවත් ඒ අනුව මෙම පිරිස ඉවත් කරන ලෙසත් පොලිසිය ඉල්ලීමක් කළේය.
අග්නිදිග විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ වසරකටත් වැඩි කාලයක සිට ඇති ගැටලුවකට විසඳුම් නොලැබීම මුල්කරගෙන සිසුහු පිරිසක් හා දෙමාපියෝ පිරිසක් මෙම විරෝධතාවය ආරම්භ කළහ. ගැටලුවලට විසඳුම් සාකච්ඡා කිරීමට විශ්ව විද්‍යාලයට පැමිණෙන ලෙස දෙමාපියන්ට ආරාධනා කර ඇති බවත්, ඒ අනුව දෙමාපියන් සාකච්ඡාවට ගිය පසු රාත්‍රී වන තුරු සාකච්ඡා පවත්වා විසඳුමක් නොදී දොරවල් වසා නිලධාරීන් පිටව ගිය බවත්, දවසකටත් වැඩි කාලයක් එනිසා ඇතුළට වී සිටීමට සිදුවූ බවත් දෙමාපියෝ කියති.
තම දරුවන්ට ඇති අධ්‍යාපනයේ අයිතිය විශ්ව විද්‍යාල පරිපාලනයෙන් නැති කිරීමට විරෝධය පළකරමින් පරිපාලන ගොඩනැගිල්ලේ රැඳී සිටින බව සිසුවකුගේ පියෙක් පැවසීය. මීට පෙර සිසුන්ට හිරිහැර කළ විශ්ව විද්‍යාල පරිපාලනයේ නිලධාරීන් සම්බන්ධයෙන් මේ වන තෙක් කිසිදු පියවරක් ගෙන නැතැයි ද ඔහු කීවේය.
අග්නිදිග විශ්ව විද්‍යාලයේ ගැටලුව සම්බන්ධයෙන් මීට පෙර පළ කර ඇති ලිපි පහතින් ඇත.
මොන්ටිසෝරි නීති වලින් වැසුණු ඔලුවිල් සරසවිය
සරසවි සිසුන් ඉවත් කරන්න පොලු මුගුරුත් අරං එයි
අග්නිදිග තාක්ෂණ පීඨ සිසුහු කොළඹදී සත්‍යග්‍රහයක
සත්‍යග්‍රහයකට ගිය දෙමාපියන් අග්නිදිග විශ්ව විද්‍යාලයේ සිරකරති
අග්නිදිග සරසවියේ සිසුන් 21කට විනය පියවර
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
අග්නිදිග සරසවි භූමියෙන් ඉවත්වන්නැයි දෙමාපියන්ට නියෝග
tony Tuesday, 16 October 2018 11:00 AM
හරියට වන්දනාවේ ගිය නඩයක් වගෙයි.
upali Tuesday, 16 October 2018 12:28 PM
මොන ලෝකෙද ඉන්නේ.............. යහපලනේ දොරේ ගලනවා