IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අඛණ්ඩව අටවැනි දිනටත් ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයන් 6000ක්

අඛණ්ඩව අටවැනි දිනටත් ඉන්දියාවෙන් පැය 24ක් ඇතුළත වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව අද (27) හයදහස ඉක්මවූ අතර එම සංඛ්‍යාව 6,387ක් ලෙස දැක්විණි.

ඉන්දියාවෙන් ඊයේ (26) වැනිදා කොරෝනා ආසාදිතයන් 6,535 දෙනකු හඳුනාගෙන තිබූ අතර අද (27) දිනයේදී ආසාදිතයන් 6,387 දෙනකු හඳුනාගත් බව එන්.ඩී.ටීවී. පුවත් සේවය වාර්තා කර තිබිණි.

ඉන්දියාවෙන් මැයි මස (21) වැනිදා සිට දෛනිකව වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ ගණන 6,000 ඉක්මවීය.

ඉන්දියාවෙන් අවසන් පැය 24ක කාලයේදී කොරෝනා ආසාදිත මරණ 170ක් වාර්තා වූ අතර ඒ අනුව එරටින් අද (27) පස්වරු 6.30 වනවිට වාර්තා වූ කොරෝනා ආසාදිත සමස්ත මරණ ගණන 4,337ක් ලෙස දැක්විණි.

ඉන්දියාවෙන් අද (27) පස්වරු 6.30 වනවිට වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ සමස්ත ගණන 1,51,767ක් වූ අතර සුවය ලබා පිට වී ගිය සංඛ්‍යාව 64,426ක් විය. කොරෝනා වයිරසය ආසාදනය වී ඉන්දියාවේ විවිධ රෝහල්වල ප්‍රතිකාර ලබන ගණන 83,004කි.

කොරෝනා වයිරසය ආසාදනය වී සුවය ලබා පිටව යන පිරිස ප්‍රතිශතයක් ලෙස සියයට 40 ඉක්මවා ඇතැයි ඉන්දීය සෞඛ්‍ය බලධාරීහු ඊයේ ප්‍රකාශ කළහ.

කොරෝනා ආසාදිතයන්ගේ පනස් දහස ඉක්මවූ පළමු ප්‍රාන්තය බවට මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය පත්ව ඇති අතර එම ප්‍රාන්තයෙන් අද (27) පස්වරු 6.30 වනවිට වාර්තා වූ ආසාදිතයන්ගේ ගණන 54,758ක් විය.

ඉන්දියාවේ මූල්‍ය අගනගරය හෙවත් මූල්‍ය කේන්ද්‍රස්ථානය වන මුම්බායි නුවර පිහිටා ඇත්තේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ය.

එන්.ඩී.ටීවී.

055

 



අදහස් (0)

අඛණ්ඩව අටවැනි දිනටත් ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයන් 6000ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site