IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


සයිටම් නමට එරෙහිව උසාවි යන්න සැරසෙති

විනීතා එම් ගමගේ
 
සයිටම් වෛද්‍ය සිසුන්ට කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ලබා දෙන වෛද්‍ය උපාධියට සයිටම් නම ද එක් කිරීමට එරෙහිව නඩු පවරන බව සයිටම් වෛද්‍ය ශිෂ්‍ය දෙමාපිය සංසදය පවසයි.
 
ඒ සඳහා කටයුතු කරමින් සිටින බවත් මේ සතිය ඇතුළත අධිකරණය ඉදිරියට යා හැකි වනු ඇති බවත් එම සංසදය කියයි. 
 
මේ වනවිටත් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මඟින් සයිටම් වෛද්‍ය උපාධිය අසාධු ලේඛන ගත කර ඇති බැවින් සයිටම් නම යෙදීම  නිසා තම දරුවන්ගේ වෛද්‍ය උපාධිය ලෝකයේ කිසිදු පිළිගැනීමක් නැති වෛද්‍ය උපාධියක් බවට පත්වන නිසා මෙසේ අධිකරණය ඉදිරියට යෑමට තීරණය කළ බව සයිටම් වෛද්‍ය ශිෂ්‍ය දෙමාපිය සංසදයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේය.
 
සයිටම් අහෝසි කළ ක්‍රමය හෝ එහි කැබිනට්  පත්‍රිකාවට  තමන්ගේ කිසිදු විරෝධයක් නොමැති  බවත් ප්‍රශ්නය ඇත්තේ උපාධියේ නමට සයිටම් යන වචනය ආදේශ කර තිබීම පමණක් බවත් හෙතෙම සඳහන් කළේය. 
 
සයිටම් සිසුන් බඳවා ගැනීම සඳහා කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යලයේ පනත  පවා සංශෝධනය කරමින් පවතින අවස්ථාවක මෙසේ උපාධියේ නම නිසා මේ සිසුන්ගේ ජීවිත අයාලේ යන්නට දීම රජයක වගකීම දැයි විමසූ විජේරත්න මහතා ඉක්මණින්ම මෙම වරද නිවැරදි කරන්නට ජනාධිපතිවරයා ඇතුළු රජය පියවර ගනු ඇතැයි  බලාපොරොත්තු වන බව ද ප්‍රකාශ කළේය. 
 
විජේරත්න මහතා මේ අදහස් පළ කළේ මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේ අද  පැවැති මාධ්‍ය හමුවක අදහස් දක්වමිනි. 



අදහස් (10)

සයිටම් නමට එරෙහිව උසාවි යන්න සැරසෙති

de silva berlin Monday, 23 April 2018 11:09 AM

මේ දවස්වල ලංකාවේ වෛද්‍ය සභාව ලංකාවේ රෝහල්වල සේවය කිරීමට ඉල්ලන්නේ එංගලන්තයේ වෛද්‍ය සභාව විසින් නිකුත්කළ බලපත්‍රය මිසක් වෙන දෙයක් නොවේ. පළපුරුද්ද සහ උපාධි සහතිකයේ කුමක් තිබුණත් ප්‍රශ්නයක් නොමැත. උදාහරණයක් ලෙස දක්වනවා නම් නෙවිල් ප්‍රනාන්දු කොහොම හරි සයිටම් එකට එංගලන්තේ වෛද්‍ය සභාවෙන් අවසර ගත්තොත් ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්න ඔක්කොම හරි...

:       0       30

akaMonday, 23 April 2018 12:28 PM

එංගලන්තයේ වෛද්‍ය සභාව අසාධු කරලා තියෙන්නේ... මුලු ලෝකෙන්ම වෛද්‍ය විද්‍යාල 14යි. ඒක කරලා තියෙන්නෙත් හොයලා බලලා. ලංකාවේ වගේ පන්දම්, ඇමතිලාගේ බලපෑම්වලට ගොඩ දාන්න බෑ.

:       4       97

naradha Monday, 23 April 2018 11:21 AM

මුලින්ම අසාදු කළ යුත්තේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවයි. ඊට පසු ඔවුන්ට ඊර්ෂ්‍යාව සඳහා ප්‍රතිකාර කළ යුතුයි.

:       155       110

de silva Monday, 23 April 2018 11:23 AM

අනේ උසාවි නම් යන්න එපා අත්දෙක එකතුකරලා නමස්කාර කරනවා. ඕක කළොත් මාෆියාව කුපිතවෙලා වර්ජන කරලා රෝහල්වල ඉන්න අසරණ රෝගීන් කිහිපදෙනෙක් මැරිලා, විශ්ව විද්‍යාලේ ඉන්න බත්කන සමහරක්, පාරට බස්සලා පාරවල් වහලා අපිට රැකියාවට යන්න විදිහක් නැතිවෙනවා.

:       117       37

විකුම් රංගන Monday, 23 April 2018 12:33 PM

ඔය සයිටම් එකත් එක්ක තියන වෛරයේ හැටියට සයිටම් ආයතනය බිමටම සමතලා කොට ළමයින්වත් මරා සුප් හදලා බිව්වා නම්, ඔය වෛරීය ප්‍රශ්න නැහැනේ. අනික ඔය පිටරට ගිහින් වෛද්‍ය උපාධි ගන්න එවුන්වත් එහේදීම මරලා, පැකට් කරලා ලංකාවට ගෙනැල්ලා, බාබකිව් දාලා අපේ දොස්තරලට හා පින්වත් ජනතාවට කන්න දී ඔවුගේ රුධිරය බොන්න දුන්නා නම්, ඒක මේ රටේ අනාගත සංවර්ධනයට හා රටේ සෞඛ්‍යට කොතරම් යහපතක්ද?

:       0       793

ධනුෂ්කMonday, 23 April 2018 02:27 PM

විකුම් රංගන පොඩ්ඩක් කියවලා හරියට අවබෝධ කරගන්න. සයිටම් එකේ නම ගෑවෙනවටවත් කැමති නැත්තේ වෙන කවුරුත් නෙමේ එ්කේ හිටපු අයමයි. සයිටම් එකේ හැටි එයාලට දැන් වැටහිලා.

:       1       58

මංජුල Monday, 23 April 2018 03:59 PM

ධනුෂ්ක, කරුණු කාරණා ගැන උඩින් පල්ලෙන් අතපත ගාලා මෙතන අදහස් පලකොට තිබෙන්නේ ඔබයි. සයිටම් ආයතනය අහෝසි කළා නම් ආයේ කොහොමද සයිටම් කියන නාමය ඇතිව වෛද්‍ය උපාධි පිරිනමන්නේ? සයිටම් වගේ තවත් ආයතන අනාගතයේදී ඉදිවෙයි කියන මර බියට තමයි ඔය ආයතනයත් විනාශ කලේ. අදටත් කොතලාවලට අනුයුක්ත කර ඇති වෛද්‍ය සිසුන්ට කරන මෙලෙච්ජ අසාධාරණය ගැන අපි හොඳට දන්නවා. කවර හෝ මුර්ගයන් පිරිසක් හීන මවනවා නම්, තරුණ සිසුන්ගේ අධ්‍යාපනය හෝ ඒ තරුණයින්ව විනාශ කල හැකියි කියා, එය විහිළුවක්. පුහු මාන්නෙන් කුල්මත්ව, වල්මත්වී රඟන කුහක මානසික අඳබාලයින්ට, විකුම් රංගන මෙතන ලියා තිබෙන ලෙසින් පමණක් ක්‍රියාකර සැහීමකට පත් නොවන බව නම් ස්ථීරයි. ඔය කීවාටත් වඩා එහා යමක් කිරීමට තරම් ඔවුන් මිලේච්ජයි.

:       22       63

Ruwan Tuesday, 24 April 2018 03:09 AM

උණු හින්ද බොන්නත් බෑ.. කිරි හින්ද අහක දාන්නත් බෑ..

:       0       0

Mo77 Tuesday, 24 April 2018 05:00 AM

මේ දවස්වල ලංකාවේ GMOA ලංකාවේ රෝහල්වල සේවය කිරීමට ඉල්ලන්නේ එංගලන්තයේ වෛද්‍ය සභාව විසින් නිකුත්කළ බලපත්‍රය මිසක් වෙන දෙයක් නොවේ.

:       0       0

asoka Tuesday, 24 April 2018 05:21 AM

SAITM අහෝසි කරන්න ඉස්සෙලා , GMOA ඉන්නේ ලංකාවේ O /L විතරක් සමත් , පිටරට ගොස් වෛද්‍යවරු වෙලා ඇවිත් , වෛද්‍ය සබාව ලියාපදිංචිය දුන්න , දැනට රාජ්‍ය සේවයේ ඉන්න හොර දොස්තරලා ටික අයින්කරන්න ඕනේ.

:       0       37

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මෛත්‍රි සමයේ අගතියට පත්වූවන් ගැන සොයන්න කමිටුවක්
2024 අප්‍රේල් මස 26 15 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ


සජිත්-අනුර විවාදයට නීතිඥ සංගමයේ සහාය පතයි
2024 අප්‍රේල් මස 26 157 1

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කරන්නැයි සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මහතා ශ්


කෝටි 30ක වංචාකරු අල්ලන්නැයි විරෝධයක්
2024 අප්‍රේල් මස 26 191 2

පුද්ගලයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියාවලට පිටත්කර යවන බවට පොරොන්දු වෙමින් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන මහරගම ප්‍රදේශයේ විද


ගාසා ළමා අරමුදලට සල්ලි ගලයි
2024 අප්‍රේල් මස 26 475 0

ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා ස


සමීක්ෂණ ප්‍රතිඵල සාපෙළට කලින්
2024 අප්‍රේල් මස 26 184 1

අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ


දේශපාලන පාතාලයක් ක්‍රියාත්මකයි
2024 අප්‍රේල් මස 26 349 2

අපරාධ මර්දනය කර නීතිය සහ සාමය ස්ථාපනය කළ හැකි පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 340 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1726 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1564 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site