IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


‘ජනපතිගේ ඉල්ලීම අනුව කටයුතු කළ නිසා අද පාර්ලිමේන්තුව සාමකාමී වුණා‘

(හර්ෂණ තුෂාර සිල්වා)

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ඉල්ලීම අනුව කටයුතු කිරීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ කටයුතු සාමකාමීව කරගෙන යෑමට හැකි වූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා අද (19) පැවැසීය.

ස්ථාවරවල නියෝගවලට අනුව, නීත්‍යනුකූලව හා සාමකාමීව කටයුතු කරන්නැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සර්ව පාක්ෂික සමුළුවේදී සියලු පක්ෂ නායකයන්ගෙන් හා පක්ෂ සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටි බවත් සියලු දෙනා එම ඉල්ලීම පිළිගනිමින් ඊට අනුව කටයුතු කළ බවත් සමරසිංහ මහතා කීය.

කොළඹ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් එම කරුණු සඳහන් කළේය.

ස්ථාවර නියෝග අනුව කටයුතු කරමින් නමින් ඡන්දයක් කැඳවා එහි ප්‍රතිඵල තමන්ට එවන්නැයි ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව අමාත්‍යවරයා කීවේය.

යෝජනා සම්මත වන ආකාරය සම්බන්ධයෙන් පැහැදිලි හා විනිවිදභාවයක් තිබිය යුතු බවත් සාමකාමී අයුරින් යෝජනා සම්මත විය යුතු බවත් ජනාධිපතිවරයා සර්ව පාක්ෂික සමුළුවේදී දැනුම් දුන් බව ද හෙතෙම කීවේය. එසේම එවන යෝජනාව විශ්වාස කළ හැකි විය යුතු බව ද ජනාධිපතිවරයා දැනුම් දුන් බවත් සමරසිංහ මහතා පැවැසීය.

ක්‍රියාවට නැංවිය හැක්කේ එසේ එවන යෝජනාවක් යැයි ජනාධිපතිවරයා පක්ෂ නායකයන්ට දැනුම් දුන් බව ද අමාත්‍යවරයා කීය.  

කතානායකවරයා සර්ව පාක්ෂික සමුළුව වර්ජනය නොකළ බව කී අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ඔහු ඊට සහභාගි නොවූයේ ඔහු පක්ෂයකට අයත් නොවන නිසා බවත් කීය.

ජනාධිපතිවරයා සහ කතානායකවරයා සර්ව පාක්ෂික හමුවට පෙර දුරකතනයෙන් කරුණු සාකච්ඡා කළ බව ද අමාත්‍ය සමරසිංහ මහතා කීවේය. 

 

 (ඡායාරූපය - ගයාන් අමරසේකර)

 



අදහස් (13)

‘ජනපතිගේ ඉල්ලීම අනුව කටයුතු කළ නිසා අද පාර්ලිමේන්තුව සාමකාමී වුණා‘

dias Monday, 19 November 2018 01:29 PM

මේ අයට සාමකාමීව හැසිරීමට තව කෙනෙක් උපදෙස් දිය යුතුද? අද අපි දකින්නේ නූගතුන් පාර්ලිමේන්තුවට යැවීමේ ප්‍රතිපලයක් පමණයි. ඉදිරි මැතිවරණ වලදී මෙවැනි අය නැවත ඡන්දයට ඉදිරිපත් වුවහොත්, ජනතාව ඡන්දය දීමෙන් වැළකී සිටිය යුතුයි.

:       963       2644

shan saudi Monday, 19 November 2018 02:03 PM

එ්කෙන් පේනවා ජනපති යටතේ ඉන්න අයවලුන් මොනතරම් අසීලාචාරද? අසංවරද කියලා... මේ වගේ නූගත්, නැහැදිච්ච පිරිසකට රට පාලනය බාර දෙනවට වඩා හොඳයි රටේ රජයක් නැතිව තියන එක... ජනපති කළ මෝඩකම්වල අරුම දැනේවි බොහෝ ඉක්මණින්.. අපි එදාට එයාට කතා කරන්නම් ලංකාවේ ජනතාව තීරණයක් ගත යුතුයි.. නූගත් නැහැදිච්ච දේශපාලකයින් ඉවත්කර උගත් දේශපාලකයින් එන ඡන්දයට ඉදිරිපත් කරනතුරු ඡන්දය දීමෙන් වැළකී සිටීමට කටයුතු කරන්න.

:       814       2362

Rata Perata Monday, 19 November 2018 02:37 PM

නිකම් විහිළු කතා කියන්න එපා. මේවා ඔක්කොටම මුල සිරිසේන කියන එක තේරෙන්න තරම් මොලයක් නැද්ද?

:       784       2453

sandy123Tuesday, 20 November 2018 06:31 AM

තියෙනවා හරක් මොලයක්..

:       0       0

චමින්ද Tuesday, 20 November 2018 01:10 AM

ප්‍රජාතන්ත්‍රවාදී රටක ව්‍යවස්ථාදායකය විධායකය හා අධිකරණය ස්වාධීනව පැවතිය යුතුයි.පාර්ලිමේන්තුවේ සිටින ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක්වන ඔබේ කථාවෙන් විධායකය විසින් ව්‍යවස්ථාදායක යටත්කර ගැනීම අනුමත කරන බවක් පෙනෙනවා මෙය රටට ඉතාම අහිතකරයි

:       0       0

Chandra Tuesday, 20 November 2018 01:34 AM

උගත්කමක් ඇති අයත් දැන් මේ කියන කතා. රට ගැන හිතන්න, අනාගත පරපුරට හැදෙන්න ආදර්ශයක් වෙන්න. නැතිනම් නැතිවෙන්නේ මේ අපේ මව්බිමයි.

:       0       0

Chandima Tuesday, 20 November 2018 02:31 AM

දුප්පත් මිනිසුන්ව රවටා පාර්ලිමේන්තු ගොස් ඉහලම වරප්‍රසාද විදිමින් කා බී අන්ත ලෙස හැසිරෙන මොවුන් වර්ග කරන්න ඕනි පුටු කඩලා ගහන අය, පොත් වලින් ගහන අය, විදුලි උපකරණ කඩලා ගහන අය, මිරිස් කුඩු හා රසායනික ප්‍රහාර එල්ල කරන අය, කට ගහන අය, පිහි සහ උල් උපකරණ වලින් අනින අය, අතින් පයින් ගහන අය, ආදී වශයෙනි.

:       0       0

dias Tuesday, 20 November 2018 07:40 AM

අපිට ජනාධිපතිවරණයක් ඕනා.......

:       0       1

dias Tuesday, 20 November 2018 08:33 AM

ඔබ හරි .

:       0       0

එරික් Tuesday, 20 November 2018 10:42 AM

එතකොට එදා එහෙම හැසිරුනේ කාගෙ ඉල්ලීමක් අනුවද?

:       0       0

padmini Tuesday, 20 November 2018 04:43 PM

බාලාංශයේ ළමයෙක්වත් කියන කතාවක්ද මුන්නැහේ කියන්නේ...? සිරිසේන මහත්තයා කීවොත් විතරක් හොඳින් හැසිරෙනවා. නැත්නම් මිරිස් කුඩු ගහනවා. හේතුව එ්ක නොවෙයි... එදා ඡන්ද විමසීමක් තිබ්බේ නැහැ...

:       0       0

Saththaya Wednesday, 21 November 2018 05:11 AM

ප්‍රශ්නය, නුගතුන් නොමනා විදියට හැසිරෙද්දී උගත් අය එය හෙලා දකින්නේ නැතුව සාධාරණීය කරන්න යනකොට උගත් කම බාල්දු වෙනවා කියල හිතෙන්නේ නැති කම. හරි පුදුමයි

:       0       415

Chanak Los angeles Wednesday, 21 November 2018 05:35 AM

අනේ රටට හිතැති ජනාධිපති ....ඒකද කීවේ මම ගියොත් යන්නේ ඔක්කොම ගිනි තියාගෙන කියලා ? මේ කතාවෙන්ම ඔහු කෙබඳු කෙනෙක්ද කියා ලොවටම කියා පෑවා නේද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 3 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


දෙමටගොඩ රුවන්ගේ කෝටි ගණනක දේපළ මුදාහරින්නයි ඉල්ලයි
2024 අප්‍රේල් මස 26 206 0

අධිකරණය මගින් අත්හිටුවා ඇති කෝටි ගණනක සිය දේපළ මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු ලෙස ප්‍රකට සිරිනාථ පතිරණග


මෛත්‍රීගේ මහමොළකරු කතාවට ටිරාන්ගෙන් පිළිතුරක්
2024 අප්‍රේල් මස 26 445 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු


මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ නාවික හමුදා ලොක්කා රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 26 256 0

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක


මෛත්‍රි සමයේ අගතියට පත්වූවන් ගැන සොයන්න කමිටුවක්
2024 අප්‍රේල් මස 26 226 1

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ


සජිත්-අනුර විවාදයට නීතිඥ සංගමයේ සහාය පතයි
2024 අප්‍රේල් මස 26 478 1

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කරන්නැයි සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මහතා ශ්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 341 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1566 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site