IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද අයිතිය දීම කෙරෙහි අවධානය

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද අයිතිය ලබාදීම ඇතුළු මැතිවරණ නීති සංශෝධනය කිරීමට තේරීම් කාරක සභාවක් ඉදිරියේදී යෝජනා කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (16) පැවැසීය.

මැතිවරණ කොමිෂන් සභාවේ උපාය මාර්ගික සැලසුම් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් සමඟ අරලිය ගහ මන්දිරයේදී අද පැවැති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඒ බව කීවේය.

‘2020-2024 මැතිවරණ කොමිෂන් සභාවේ උපාය මාර්ගික සැලසුමට’ අදාළව මැතිවරණ නීති සංශෝධනය වීම අත්‍යවශය කරුණක් බව මෙහිදි අදහස් දැක්වූ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.

මැතිවරණයට අදාළ ඇප මුදල් සංශෝධනය කිරීම, මැතිවරණය පැවැත්වෙන දිනයේ ඡන්දය දැමීමට නොහැකි පුද්ගලයන් වෙනුවෙන් ඊට පෙර වෙනම දිනයක් ලබාදීම, අවුරුදු 18 සම්පූර්ණ වූ විගස ඡන්ද අයිතිය ලැබෙන පරිදි ඡන්ද හිමි නාම ලේඛනය මාස තුනකට වරක් යාවත්කාලීන කිරීම, විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද අයිතිය ලබාදීම, මැතිවරණ වියදම් පාලනය, ආබාධිත පුද්ගලයන්ට පහසුකම් සපයන ‘සපිරි ඡන්ද මධ්‍යස්ථන’ සැකසීම සහ විශේෂ ව්‍යාපෘති යටතේ ඊ-ඡන්ද ක්‍රමය ඇතුළු කරුණු රැසක් පිළිබඳව මෙහිදි මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරිහු අග්‍රාමාත්‍යවරයා දැනුවත් කළහ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සාගර කාරියවසම්, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම්වරුන් වන චමින්ද කුලරත්න, ගනේෂ් ධර්මවර්ධන, මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක, කොමිෂන් සභාවේ ලේකම් එච්.එම්.ටී.ඩී. හේරත්, නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එස්. අච්චුදන්, පර්යේෂණ හා සැලසුම් අධ්‍යක්ෂ චන්න පී. ද සිල්වා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලන ලේකම් හා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රේණුක පෙරේරා යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

055 
 

 



අදහස් (12)

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද අයිතිය දීම කෙරෙහි අවධානය

ferna Friday, 16 October 2020 07:13 PM

අනේ අපිට එපා සර්.... ලංකාවේ අය විඳින දුක අපිට හොඳට පෙනෙනවා..

:       0       12

බද්රානි Friday, 16 October 2020 08:07 PM

අමුතු විදිහේ ඡන්ද මංකොල්ලයකට වගෙයි ඒ නම් සැරසෙන්නේ? රට ජාතියේ අභිමානය හා ප්‍රෞඩ ඉතිහාසය තලු මරමින් මුස්ලිම් හා ක්‍රිස්තියානි රටවල බැල මෙහෙවරකම් කරමින් උද්දාමයට පත්ව සිටින මෝඩයින්ගේ ඡන්ද වලින් රටකට සෙතක් සිදුවේ යයි උපකල්පනය කළ හැකිද? අපි දැක්කනේ පහුගිය මැතිවරණ සමයේ නටපු නාඩගම...

:       15       10

santhush Saturday, 17 October 2020 05:26 AM

මෙහෙම ගියොත් විදේශිකයින්ට ශ්‍රී ලංකාවේ අයිතියත් හිමිවේවි... කරුණාකර තමන්ගේ පටු අරමුණු හා ලාභ වෙනුවෙන් බහුතරය දුන් වරම බිලි නොදෙන්න. ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තුවට අවශ්‍ය නොවේ. ජාතිය බිලි නොදෙන්න..

:       3       31

nuwani Saturday, 17 October 2020 05:27 AM

ඒකෙන් වෙන්නේ දෙමළ ඡන්ද වැඩිවෙන එක...

:       2       22

Shahiwal Saturday, 17 October 2020 05:43 AM

අනේ අපිට නම් එපා. මොකද උගත් මිනිස්සු ඉන්නේ රටින් පිට විතරයි. පිටරටට ඕක ගෙනැල්ලා මෙහෙ ඉන්න මිනිසසුත් කුළල් කගන්න එක විතරයි අන්තිමට වෙන්නේ...

:       1       25

kamal Saturday, 17 October 2020 06:40 AM

ලංකාවට ගෙන්න ගන්න උනන්දු නැතත් ඡන්දෙ ගෙන්න ගන්න නම් හරිම කැක්කුමක් තියෙන්නේ.

:       3       24

Ruhunu Saturday, 17 October 2020 08:08 AM

ඡන්දෙ ගන්න නම් ඕනෑ දෙයක් කරාවි. නමුත් රට ඉන්න මිනිස්සුන්ගේ දුක බලන්න ඔය කවුරුවත් එන්නේ නැහැ.

:       0       19

dhamneth Saturday, 17 October 2020 08:35 AM

වයස අවුරුදු 70ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට පෝලිමේ නොසිට ඡන්දය දැමීමට අවස්ථාවක් සලසන්න. මේ ඇත්තන්ට බොහෝ වේලාවක් පෝලිම්වල හිටගෙන සිටින්න බැහැ.

:       0       14

pathirana Saturday, 17 October 2020 09:37 AM

ඡන්දෙ නම් නැතත් කමක් නැහැ. ඉස්සරවෙලාම අපිට අපේ රටට එන්න හදලා දෙනවා නම්..

:       0       11

td Saturday, 17 October 2020 10:51 AM

අනේ මටත් එපා.. ක්‍රෙඩිට් කාඩ් එකක් අරගෙන තිබුණා... 2011 ඉඳලා දැන් වෙනතුරු පාවිච්චි කරලා 2020 දී කල් ඉකුත් වුණා. දැන් කියනවා ඩිපොසිට් එකක් නැතිව දෙන්නේ නැහැ කියලා. විදේශගතව වැඩකරන අයට... අපේ තියෙන හැම දෙයක්ම ගන්න කොට ඕක විතරක් ඇයි දෙන්න හදන්නේ..? ඇයි පිනට ගන්න පුළුවන්නේ? දෙන්නම් මම ඡන්දෙ බලන් ඉන්න හොඳද?

:       0       11

DM Sunday, 18 October 2020 05:57 AM

එ්ක නම් නැතුවට කමක් නැහැ. නැත්නම් අපේ සල්ලිවලින් මේ ගොල්ලෝ ලෝකේ වටේම ගිහින් රැස්වීම් තියන්න ගනියි...

:       0       0

ISURANDI Sunday, 18 October 2020 07:30 AM

මිනිස්සු ලංකාවට එන්න බැරිව දුක් විඳිනවා. මේ අවස්ථාවේදී කළයුත්තේ ඒවාට පිළියමක් යොදන එකයි. දැන්නම් මිනිස්සු ලංකාවට ඇවිත් මළත් සැපයි කියන අරමුණේ ඉන්නේ.. විඳින දහදුක් ඉවසගන්න බැරිව පිටරටවල්වල..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මෛත්‍රි සමයේ අගතියට පත්වූවන් ගැන සොයන්න කමිටුවක්
2024 අප්‍රේල් මස 26 41 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ


සජිත්-අනුර විවාදයට නීතිඥ සංගමයේ සහාය පතයි
2024 අප්‍රේල් මස 26 190 1

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කරන්නැයි සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මහතා ශ්


කෝටි 30ක වංචාකරු අල්ලන්නැයි විරෝධයක්
2024 අප්‍රේල් මස 26 220 2

පුද්ගලයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියාවලට පිටත්කර යවන බවට පොරොන්දු වෙමින් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන මහරගම ප්‍රදේශයේ විද


ගාසා ළමා අරමුදලට සල්ලි ගලයි
2024 අප්‍රේල් මස 26 520 0

ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා ස


සමීක්ෂණ ප්‍රතිඵල සාපෙළට කලින්
2024 අප්‍රේල් මස 26 193 1

අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ


දේශපාලන පාතාලයක් ක්‍රියාත්මකයි
2024 අප්‍රේල් මස 26 363 2

අපරාධ මර්දනය කර නීතිය සහ සාමය ස්ථාපනය කළ හැකි පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 340 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1564 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site