IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


මානව හිමිකම් අතින් ලක් රජය ඉදිරියට ඇවිත් - යුරෝපා සංගමය

හර්ෂණ තුෂාර සිල්වා
 
ශ්‍රී ලංකා රජය මානව හිමිකම් ,  පරිසර සහ කම්කරු ප්‍රමිති සහ තත්ත්වලින් ප්‍රගතියක් පෙන්නුම් කර ඇති නමුත් අවධානය යොමු නොවූ ක්ෂේත්‍ර තවත් ඇතැයි යුරෝපා සංගමය සඳහන් කර ඇත.
 
තොරතුරු සෙවීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින යුරෝපා සංගම් නියෝජිත කණ්ඩායමේ සංචාරය අවසානයේදී නිවේදනයක් නිකුත් කරමින් යුරෝපා සංගමය ඒ බව සඳහන් කරයි.
 
ශ්‍රී ලංකාව අත්සන් තබා තිබෙන ජාත්‍යන්තර ප්‍රඥප්තීන් 27ට අනුකූලව කටයුතු කරන්නේ ද යන්න සම්බන්ධයෙන් යුරෝපා සංගම් නියෝජිත පිරිස මෙම සංචාරයේදී වැඩි අවධානයක් යොමු කළහ. 
එම ජාත්‍යන්තර ප්‍රඥප්තීන්වලට අනුකූලව කටයුතු කිරීම ශ්‍රී ලංකාවට යුරෝපා සංගම් වෙළෙඳපොළට ප්‍රවේශවීම සඳහා සලකා බැලෙන කොන්දේසියයිග ශ්‍රී ලංකාව පෙන්වන ලද ප්‍රගතිය හේතුවෙන් පසුගිය වසරේ ජූනි මාසයේදී ශ්‍රී ලංකාවේ මත්ස්‍ය අපනයන යුරෝපා සංගමයට ඉඩ ලැබුණු අතර මේ වසරේ මැයි මාසයේදී ජී එස් පී ප්ලස් තීර්බදු සහනය නැවත ශ්‍රී ලංකාවට හිමිවිය. යුරෝපා සංගම් වෙළෙඳපොළ ලොව විශාලතම වෙළෙඳපොළවල් අතරින් එකක් වන අතර ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන වෙළෙඳපොළ ද වේ. 
 
ශ්‍රී ලංකාවට පැමිණි යුරෝපා සංගම් නියෝජිත පිරිස දින 10ක් මෙරට රැඳි සිටියහ.



අදහස් (7)

මානව හිමිකම් අතින් ලක් රජය ඉදිරියට ඇවිත් - යුරෝපා සංගමය

KENATH Thursday, 14 September 2017 04:57 PM

පරිසරය අතිනුත් ඉදිරියට ඇවිත්ලු ..අනේ මන්ද ...අරහේ විල්පත්තුව, මුලතිව් රූස්ස වනපෙත් විනාස / වෙනවා අක්කර දහස් ගණනින්, වැව් ගංගා සිදීගොස් මහා ඉඩෝර , සුළු වැස්සටත් මහා ගංවතුර , එහෙන් ආණ්ඩුව අලි පිටරට විකුනන්න හදනවා රටට බරක් කියල , අනෙක් සත්තු මරන් කන්න නීති ගෙනෙන්න හදනවා . ඉතින් අපි පරිසරය ඉදිරියෙන් තමයි නමුත් පරිසරයනම් අපි ඉදිරියේ නැතිවෙයි යන විදිහට.

:       220       578

husen-riyadFriday, 15 September 2017 05:55 AM

නෑ... බේබි කරුවල ගස් කපලා බෝගස්වැව කියල ගම්මානයක් හදපු එකත් ඔය කතාවට ඈඳාගත්තා. ඒ වැඩේ ගොඩක් අයට අමතකයි වගේම වැඩේට සම්බන්ධවුණේ රාජපක්ෂ කෙනෙක් නිසා වැඩේ යට ගහන්නයි උත්සාහ කරන්නේ.

:       0       0

hewawqitharana Friday, 15 September 2017 02:25 AM

යුරෝපා කොමිසමෙන් ලංකාවට පුදුම විදීහේ බටර් ගැවිල්ලක් ගාන්නේ.

:       11       254

gallage Friday, 15 September 2017 02:51 AM

මම හිතන්නේ බැදුම්කර හොරකම වගේ හොරකම් කිරීමත් ගොඩක් ඉදිරියට ඇවිල්ල. නැද්ද මන් කියන්නේ.

:       11       323

raveendra Friday, 15 September 2017 02:54 AM

ඒකියන්නේ තව ""හෙනගෙඩි තොගවශයෙන් ඉදිරියේදී ඒමට නියමිත "" බවය.

:       12       355

manikahemamali Friday, 15 September 2017 03:41 AM

කෙනත්, ඔබේ ප්‍රචිචාරය ඉතාමත් අගේ, ඔය ටික අපේ දේසපාලන උත්තමයන්ට තේරෙන්නේ නැහැ.

:       24       170

chandra Friday, 15 September 2017 04:18 AM

ඒ දවස්වල කිව්වේ යුරෝපා සංගමයෙන් කොන්දේසි දාල නැහැ කියලනේ. එහෙම නම් අයි මේ බලන්න එන්නේ.

:       1       162

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 155 1

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 60 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


දෙමටගොඩ රුවන්ගේ කෝටි ගණනක දේපළ මුදාහරින්නයි ඉල්ලයි
2024 අප්‍රේල් මස 26 462 0

අධිකරණය මගින් අත්හිටුවා ඇති කෝටි ගණනක සිය දේපළ මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු ලෙස ප්‍රකට සිරිනාථ පතිරණග


මෛත්‍රීගේ මහමොළකරු කතාවට ටිරාන්ගෙන් පිළිතුරක්
2024 අප්‍රේල් මස 26 625 2

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු


මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ නාවික හමුදා ලොක්කා රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 26 346 0

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක


මෛත්‍රි සමයේ අගතියට පත්වූවන් ගැන සොයන්න කමිටුවක්
2024 අප්‍රේල් මස 26 281 2

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1567 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site