(නාලක සංජීව දහනායක)
තමන්ගේ රුව ප‍්‍රදර්ශනය කරමින් දිවයින පුරා ප‍්‍රදර්ශනය කර තිබෙන කටවුට් සහ බැනර් සියල්ලම වහාම ගලවා ඉවත්කරන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා සියලූම සංවිධායකවරුන්ට දැනුම් දී තිබේ.
පොලිතීන් හා ප්ලාස්ටික් වලින් තොර මැතිවරණ ව්‍යාපාරයක් ක‍්‍රියාත්මක කරන බවට ගෝඨාභය රාජපක්‍ෂ මහතා පක්‍ෂ සම්මේලනයේ දී ජනතාවට පොරොන්දු විය. ඔහු මේ බව දැනුම්දී තිබෙන්නේ ඒ අනුවය.
එම පොරොන්දුව තම මැතිවරණ ව්‍යාපාරයේ ප‍්‍රතිපත්තියක් බැවින් ඉදිරියේදී තමන්ගේ රුව සහිත බැනර් හා කටවුට් ප‍්‍රදර්ශනය කිරීමෙන් වැළකී පරිසර හිතකාමීව මැතිවරණ ව්‍යාපාරයේ නිරතවිය යුතු බවට ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් සියලූම සංවිධායකවරුන්ට දැනුම් දී ඇත.
ජනාධිපතිවරණ අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහය පළකරමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ඇතුළු ජනතා නියෝජිතයන් සහ විවිධ සංවිධාන විසින් කටවුට් හා බැනර් ප‍්‍රදර්ශනය කිරීම ජනතාවගේ විවේචනයට ලක්ව තිබෙන බවට ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ මැතිවරණ මෙහෙයුම් නිළධාරින් ඔහුට පෙන්වා දී ඇතැයි වාර්තා වේ.
මෙම උපදෙස් අනුව ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සුභ පතමින් හම්බන්තොට දිස්ත‍්‍රික්කය පුරාම ප්‍රදර්ශනය කර තිබූ සියලූම පොස්ටර්, කටවුට්, බැනර් හා තොරණ සියල්ලම මේ වනවිට ගලවා ඉවත් කරමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රකාශකයකු පැවැසීය.
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ
සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කරන්නැයි සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මහතා ශ්
පුද්ගලයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියාවලට පිටත්කර යවන බවට පොරොන්දු වෙමින් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන මහරගම ප්‍රදේශයේ විද
ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා ස
අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ
අපරාධ මර්දනය කර නීතිය සහ සාමය ස්ථාපනය කළ හැකි පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිම
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ගෝඨාභයගේ රුව සහිත කටවුට් ඉවත්කරන්නැයි දැනුම් දෙයි
Naalaka Tuesday, 20 August 2019 07:22 AM
නියම නායකයකු සතු ඉතා හොඳ ගුනාංගයක්. ගෝලයෙක් වැරැද්දක් කරාම ඒක සුද්ද කර කර ඉන්නෙ නැතුව හරි ක්‍රියාමාර්ගයක් ගන්න ඕනෙ.
Chanak los angelesTuesday, 20 August 2019 09:15 PM
වහල් භාවෙන් මිදෙන්නම අමාරුද ?
රජින්ද Tuesday, 20 August 2019 07:29 AM
යහපත් නායකත්ව ලක්‍ෂණ... සුබ පැතුම්.!
Chanak los angelesTuesday, 20 August 2019 08:51 PM
නඩු තිබෙන හැටියට හිතාගන්න පුළුවනි යහපත්කම ..
Thiw Tuesday, 20 August 2019 07:30 AM
පරිසර හිතකාමී මැතිවරණයකට මුලික අඩිතාලම දැමීමට පෙරමුණ ගත්තාට ඔබතුමාට ස්තුතිය, අනිකුත් අපේක්ෂකයිනුත් මෙලෙසම රට සහ පරිසරය ගැන සිතා මැතිවරණ ප්‍රචාරක කටයුතු කරයි කියල හිතනවා
Bul Tuesday, 20 August 2019 07:30 AM
සියලුම මෝඩ දේශපාලකයෝන්ට හොඳ ආදර්ශයක්...හොඳ පටන් ගැනීමක්..හොඳ අවසානයක් වේවායි පතමි
Indunil Tuesday, 20 August 2019 07:52 AM
මොකෝ තමන් ගහපුවා ගලවන්න කියන්නේ ?
සේන Tuesday, 20 August 2019 08:01 AM
යතාවාදී තථාකාරී ගුණයෙන් හෙබි උතුම් මිනිසෙක්.
sirimal Tuesday, 20 August 2019 08:08 AM
ලොක්කා එහෙම හිතුවට සොක්කෝ හිතන්නේ පරණ පුරුදු ආකාරයටමනේ. අරටු බැහැපු පරණ පුරුදු වෙනස් කරන්න තව කල් යයි.
Chanak los angelesTuesday, 20 August 2019 09:05 PM
සිරිමල්ලා වහල්කමට ඇම කෑවට දන්න කෙනා කන්නේ නැහැ.
sirimalWednesday, 21 August 2019 08:15 AM
සමහරු කියනකොට එහෙමයි කරන කොට මෙහෙමයි.
ajith Tuesday, 20 August 2019 08:18 AM
බොහොම හොද තීරණයක්. මේවගේ දේවල් වලින් මෙතුමා දූර දර්ශි නායකයෙක් බව පේනවා.
ජෙහාන් පෙරේරා Tuesday, 20 August 2019 08:18 AM
මම පාරම්පරික එජාප පාක්ෂිකයෙක්. නමුත් ගෝටාභයගේ ඒ ආදර්ශය අගය කරනවා මම.
upali Tuesday, 20 August 2019 08:19 AM
රටට ආදරය කරන පුද්ගලයෙකුගේ ආකල්ප විය යුත්තේ එයයි
Bamunuarachchi Tuesday, 20 August 2019 09:11 AM
ඝෝඨාභය වැනි පෞරුෂයක් ඇති පුද්ගලයෙක් අමුතුවෙන් කටවුට් ගසා හඳුන්වා දිය යුතු නැත.
Lion Tuesday, 20 August 2019 09:40 AM
වැඩේ හොඳයි තව දෙයක් කලා නම් තවත් හොඳයි. වටේ ඉන්න කට්ටිය අවුල්.
jagath Tuesday, 20 August 2019 10:22 AM
අැයි නොමිනේෂන් අහිමි වෙන ලකුණුද මේ .....?
nimal Tuesday, 20 August 2019 10:53 AM
පටන් ගැන්මෙන්ම ආදර්ශ වීම හොද දෙයක් . ඔබට ජය !
kamal Tuesday, 20 August 2019 10:57 AM
පොලිතීන් හා ප්ලාස්ටික් වලින් තොර මැතිවරණ ව්‍යාපාරයක් කෙසේවෙතත් මිනීමැරුම් වංචා වලින් තොර මැතිවරණ ව්‍යාපාරයක් නම් දවල් හීනයක් විතරයි නේද?
Amila Tuesday, 20 August 2019 11:19 AM
පටන් ගත්තා විතරයි වැඩේ අසාර්ථකයි. ඒකයි ඔක්කොම ගලවන්නේ. අලුත්ම සමීක්ෂණ වලට අනුව සීයයට 30ක් වත් නෑලූ
Nuwan Tuesday, 20 August 2019 12:08 PM
ඉහත ජගත් මහතාණනි. ඔබට ප්‍රවෘත්තියක් කියවා තේරුම්ගැනීමට තරම් මොලය වර්ධනය වී නැද්ද
Chanak los angelesWednesday, 21 August 2019 06:13 AM
වහලෙකුට ඩෝන් ගිහින් පව් .
kamil Tuesday, 20 August 2019 02:21 PM
ඡන්ද කොමසාරිස් නාම යෝජනා දෙන්න බැහැ කියා වගේ
thissa Tuesday, 20 August 2019 02:40 PM
පවුලේ ඇතුලෙන් නැවතත් විරෝධයක් මතුවෙලා ද ?
irantha Tuesday, 20 August 2019 02:43 PM
මොකද මෙයා දැන්මම පරාජය භාර අරන් වගේ
kamal Tuesday, 20 August 2019 02:47 PM
ලයිට් කණු පුරෝලත් පරාදයි ඒ නිසා මෙයා උප්පරවැට්ටියක් දානවා වගෙයි. ශ්‍රී ලංකාවේ මිනිස්සු ඕවට රැවටෙන කාලේ දැන් ඉවරයි
jaanaki Tuesday, 20 August 2019 02:48 PM
මේකත් මොකක් හරි මගඩියක ආරම්බයක් වගේ
Nandalal DE SILVA - France Tuesday, 20 August 2019 09:47 PM
මෙයා සංදර්ශන දමන්න උපන් හපනෙක් බව අපිට අමුතුවෙන් කියා දෙන්න ඕන නැහැ. කටවුට් ඉවත්කරන්නැයි "උපදෙස්" දීම එම සංදර්ශනයේ මුල් කොටස පමණයි !!! හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙටලු