(අංජුල මහික වීරරත්න)
අය වැය යෝජනාවලිය මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබන දිනය සංශෝධනය කිරිමට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇත.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදි පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදි මෙම තිරණය ගෙන තිබේ.
අය වැය යෝජනාවලිය නොවැම්බර් 08 දා ඉදිරිපත් කර දෙසැම්බර් 08 දා දක්වා පැවැත්විමට මිට පෙර තිරණය කර තිබු අතර එම දින ප්‍රමාණවත් නොවන බවට විපක්ෂය කළ ඉල්ලිම සලකා මෙම තිරණය ගෙන තිබේ.
නොවැම්බර් මස 08 දා ඉදිරිපත් කිරිමට සැලසුම් කර තිබු අය වැය කතාව ඒ අනුව නොවැම්බර් මස 05 දා ඉදිරිපත් කිරිමට නියමිතය.
දින 26 ක කාලයක් අය වැය විවාදය පැවැත්වෙන අතර මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවිර මහතා විසින් නොවැම්බර් මස 05 දා සවස අය වැය කතාව ඉදිරිපත් කරන අතර පාර්ලිමේන්තුව පස්වරු 2.00 ට රැස්විමට නියමිතය.
නොවැම්බර් මස 07 දා සිට නොවැම්බර් මස 14 දා දක්වා අය වැය දෙවන වර කියවිමේ විවාදය පැවැත්වෙන අතර 14 දා සවස අය වැය දෙවනවර කියවිමේ ඡන්ද විමසිම පැවැත්වෙනු ඇත.
ඉන් පසු අමාත්‍යංශ වැය ශිර්ෂයන් පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදය පැවැත්වේ. සෙනසුරාදා දිනයන්හිද විවාදය පැවැත්විමට නියමිතය.
දෙසැම්බර් 08 දා අය වැය අවසන් ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.
කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ
ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව
අධිකරණය මගින් අත්හිටුවා ඇති කෝටි ගණනක සිය දේපළ මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු ලෙස ප්‍රකට සිරිනාථ පතිරණග
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු
මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
අය වැය යෝජනාවලිය ඉදිරිපත් කිරීමේ දිනයේ සංශෝධනයක්