ශ්‍රී ලංකාව සහ නෝර්වේ අතර ව්‍යාපාර කටයුතුවල නියැලී සිටින ව්‍යාපාරිකයින් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර සුහද හමුවක් ඔස්ලෝ නුවර මෙෂ් ශාලාවේ දී පැවැත්විණි.
මෙම සුහද හමුව ශ්‍රී ලංකාව සහ නෝර්වේ ව්‍යාපාරිකයින් විසින් සංවිධානය කර තිබූ අතර දෙරටේ ව්‍යාපාර කටයුතු තවදුරටත් පුළුල්ව හා විධිමත්ව පවත්වා ගෙන යා යුතු ආකාරය පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.
දෙරට අතර ව්‍යාපාර කටයුතු සිදුකිරීමේ දී පැන නැගී ඇති ගැටලු සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු කරවූ ව්‍යාපාරිකයෝ ඒ සම්බන්ධයෙන් ගත හැකි කඩිනම් විසඳුම් පිළිබඳව සාකච්ඡා කළහ.
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කාවින්ද ජයවර්ධන සහ හේෂා විතානගේ, නෝර්වේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය අරුෂා කුරේ යන මහත්ම මහත්මීහු ඇතුළු දෙරටේ ව්‍යාපාරිකයෝ විශාල පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගි වූහ.
කොළඹ දිස්ත්‍රික්කය හැරුණු විට ශ්‍රී ලංකාවේ වැඩිම ජනවාර්ගික සම් මිශ්‍රණයක් සහිත අම්පාර දිස්ත්‍රික්කයේ ජනතාව ජාති, ආගම්, කුල, පක්ෂ භේද පසෙකලා එකම සහෝදර බැම්මකින් එක්සත් කරවන වැඩපිළිවෙළක පදනම සකස් කෙරුණු මහා සමුළුවක් වෙනුවෙන් ගෙවුණු සතියේ දිස්ත්‍රික්කයේ ආගමික හා දේශපාලන නායකයෝ ද රාජ්‍ය නිලධාරීහු ද සහභාගි වූහ.
ශ්‍රී ලංකාවේ ජාතික හා ආගමික සංහිඳියාව සඳහා වන පාර්ලිමේන්තු කාරක සභාව විසින් කැඳවන ලද දෙවැනි දිස්ත්‍රික් මහා සමුළුව වූ ඒ සඳහා එක්වීමට කතානායකවරයා ඇතුළු මැති ඇමැතිවරු රැසක් ද අම්පාර බලා ගොස් සිටියහ.
කතානායකවරයා සමඟ මල්වතු අස්ගිරි අනුනාහිමිවරු දෙපළ, ඔස්වර්ල්ඩ් ගෝමස් රදගුරුතුමන් මුස්ලිම් හා හින්දු ආගමික නායකයන් මෙන්ම ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැඇත්තන් ද සමුළුවේ ප්‍රධාන කථිකාවතට ප්‍රවේශය ලබා දුන් අතර ගාමිණී ජයවික්‍රම පෙරේරා, ගයන්ත කරුණාතිලක, දයා ගමගේ, අබ්දුල් හලීම්, ඩී. ස්වාමිනාදන්, ඩග්ලස් දේවානන්ද, ඒ.එච්.එම්. ෆවුසි, ලකී ජයවර්ධන, ශ්‍රියාණි විජේවික්‍රම, විමලවීර දිසානායක, අලි සහීර් මව්ලානා, ඒ. සුමන්තිරන් යන මැති ඇමැතිවරු මෙන්ම නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම යන අය ද ආරක්ෂක ප්‍රධානීහු රාජ්‍ය නිලධාරිහු මෙන්ම අම්පාර සිවිල් හා ප්‍රාදේශීය දේශපාලන නායකයන් රැසක් ද එක්ව සිටියහ.
මේ අතර පසුගිය සතියේ ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කළ ‘ලෝක තොරතුරු දින ජාතික උළෙල’ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්වූයේ කථානායකවරයාගේ ප්‍රධානත්වයෙනි. තොරතුරු දැනගැනීමේ පනතත් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස දෙවරක් පාර්ලිමේන්තුවට ගෙන එමින් විටෙක හුදෙකලා සටනක නිරත වූ කථානායක කරු ජයසූරිය මහතා ශ්‍රී ලංකාව තුළ තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කළ පුෙරා්ගාමියෙකු ලෙස ඉතිහාසයේ වැදගත් පරිච්ඡේදයක් සටහන් කර ඇති බව මෙහිදී ජනමාධ්‍ය අමාත්‍යවරයා පැවසීය.
2025 දෙසැම්බර් මස 18
612
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
296
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1095
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අගමැති ඔස්ලෝ නුවර ව්‍යාපාරිකයන් හමුවෙයි