2021 මාර්තු මස 06 වන සෙනසුරාදා
4 930
මෙවර කිවිදා දැක්ම සඳහා ලියන්නට මාතෘකා ගණනාවක්ම තිබෙන බව පැහැදිලිය. එක් පැත්තකින් කොරෝනා වසංගතය පිළිබඳව ලිවිය යුතු කාරණා කීපයක්ම තිබේ. එන්නත් කිරීමේ ක්‍රියාවලිය ආරම්භවීම ඉතාමත් සතුටුදායක දෙයක්ය. තවත් පැත්තකින් සංචාරක ව්‍යාපාරය යළි විවෘත කරන්නට ආණ්ඩුව දරන උත්සාහය ඉතාමත් වැදගත්ය.
12 11794
දහස සමරා හුස්මක් ගන්නටත් පෙර, ලෝකයේ ම ඉතිරි වී ඇති තනි වී ඇති ගලවා දැමීමට නියමිත එකම ගසක ජීවත් වීමේ අයිතිය සහ නිදහස වෙනුවෙන් හඬ නඟන ගැහැනියක් පිළිබඳ සමාජ මාධ්‍ය දක්වන උනන්දුව කාටත් ආශ්වාදයක් යැයි සිතේ. “තම හුස්ම ගැන නො සිතූ එක යකඩ ගැහැනියක්, වෙර දරයි රැක ගන්න තනිවෙච්ච මහ ගහක්, නූපන් මිනිසුන්ට හුස්ම ගන්නට හෙටක්, පතන නුඹ දේවානි ලොවට වාසනාවක්” යනු ෆේස්බුක් හි මාලක අමිල විසින් පළ කර තිබූ කවියකි. එය ලියැවී තිබුණේ ගම්පහ වන නිලධාරිණී දේවානි ජයතිලක ගේ පා
1 1318
කලුවාදේවගේ සිරිල් මැතිව් කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කරන්නට ජේ.ආර්. ජනාධිපතිවරයා තීරණය කළේය. 1984 වසරේ දී ය. සිංහලයන් වෙනුවෙන් කතා කළ මහා නායකයකු සේ හෙතෙම ජනතා ප්‍රසාදය දිනා සිටියේය. බුදු දහම හා සිංහල ජාතිය ගැන කෘතියක් ද රචනා කර ජනතාව අතර බෙදාහැරියේය. උතුරේ ත්‍රස්තවාදය ඇවිළෙමින් තිබිය දී සියලු පක්ෂ කැඳවා වට මේස සාකච්ඡාවකට යන්නට ජේ.ආර්. ආණ්ඩුවට සිදුවිය. මැතිව් වට මේස සාකච්ඡාව තදට විවේචනය කළේය.
0 2701
කොරෝනා රෝගයට ප්‍රතිකාරයක් ලෙසින් ගෙන්වනු ලබන එන්නත රටට ආවේ මේ සතියේය. ඒ වෙනුවෙන් රජයේ විශේෂ සැලැස්මක් ඇති බව මේ වන විට ප්‍රකාශයට පත්වී හමාරය. ඒ සඳහා පත්කළ විශේෂ ජනාධිපති නියෝජිතයා වූ ලලිත් වීරතුංග මහතා කියන පරිදි මේ එන්නතේ පළමු කාණ්ඩය ලබා දෙන්නේ සෞඛ්‍ය ක්ෂේත්රයේ සහ අත්‍යාවශ්‍ය සේවා ක්ෂේත්රයේ සිටින කණ්ඩායම් සඳහාය. ඒ තීරණය අගය කළ යුතු එකක්ය.
0 2618
නැගෙනහිර ජැටිය අරබයා මතු වී ඇති අර්බුදය හමුවේ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් සහ හිටපු ඇමති මංගල සමරවීර විසින් මතු කරන ලද අදහස් මුල් කරගෙන ලියවෙන මේ ‘කිවි දා දැක්ම’ නැගෙනහිර ජැටියෙන් එහාට යන සමාජ-දේශපාලන කථිකාවක් සඳහා අරමුණු කරගත් එකකි. නැගෙනහිර ජැටිය “අදානි සමාගමට” විකුණනවාද? බදු දෙනවාද? යන දෙකෙන් කොයි එක සිදුවුවත් එය කෙටි කාලීනවත් දිගු කාලීනවත් ආණ්ඩුවට දේශපාලන වශයෙන් අවාසි දායකය. රටට මධ්‍ය කාලීන සහ දිගු කාලීන වශයෙන් කොහොමත් එය අවාසිදායකය.
7 4900
කොරෝනා වසංගතය නිසා අසරණ වී සිටින විදෙස්ගත අපේ ජනයා මෙරටට ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය ජාවාරම්කාර මාෆියාවකට හසුවී තිබෙන බවත් එය ජනාධිපතිතුමාගේ අපේක්ෂාව නොවන බවත්, රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු පුවත් සාකච්ඡාවක් පවත්වා ප්‍රකාශ කළේය.
0 4330
කොරෝනා වසංගතය නිසා ලෝකය ප්‍රති-ව්‍යුහගත විය. එනම් යළි සැකසිණ. නැතහොත් සැකසෙමින් පවතී. කොරෝනා සහිත ලෝකය කලින් තිබූ ලෝකය නොව අලුත් හෝ වෙනස් එකක්ය. සෞඛ්‍ය, ආර්ථික, නිෂ්පාදන, වෙළඳපොළ, දේශපාලන, සමාජ, සංස්කෘතික, සාහිත්‍ය-කලා, අධ්‍යාපන කී නොකී සියලු ක්ෂේත්‍ර ඇතුළු සියලු මිනිස් සබඳතා පෙර ඒවා නොව අලුත් ඒවාය.
3 2122
මේ දිනවල රටේ දේශපාලනයේ සාකච්ජාවෙමින් පවතින එක් ප්‍රධාන මාතෘකාවක් වන්නේ යෝජිත විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳවය. මේ නව ව්‍යවස්ථා සංශෝධනය තවමත් පාර්ලිමේන්තුවට ඉදිරිපත්වී නැති නමුත් විපක්ෂයේ සමහරුන් හැසිරෙන්නේ මේ රටේ සිදුවූ හෝ සිදුවන එකම ව්‍යවස්ථා සංශෝධනය මේක යැයි සිතාගෙන වගේය. පැරැණි එජාපය ඒ නමින්ම මේ වනවිට දේශපාලනය කරන්නේ නැති බව සැබෑය.
1 910
වැස්ස මඳකට තුරල් වුව ද ව්‍යවස්ථා වැස්ස නම් තුරල්වෙන පාටක් නැත. ඒ වැස්ස මොර සූරන ගාණට ය. වාද විවාද, ප්‍රවාද, පුවත් සාකච්ඡා එමටය. කට මැත දෙඩවීම් ද ඒ අතර ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යනු රාජ්‍යයක උත්තරීතර නීතිය සහ ප්රතිපත්තියයි. රජයේ මූලික දේශපාලන ක්‍රමය/පද්ධතිය, ආණ්ඩුවේ ආයතනවල ව්‍යුහය, පටිපාටි, බලතල, සහ වගකීම් මෙන්ම රාජකාරි සහ මූලික අයිතිවාසිකම්, මඟ පෙන්වීමේ මූලධර්ම සහ පුරවැසියන්ගේ යුතුකම් යනාදිය පිළිබඳ වපසරි සහ සීමා ඒ තුළ අඩංගු වේ.
11 4623
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු වශයෙන් දිව්රුම් දීම විවාදයකට තුඩු දී තිබේ. ඔහු රත්නපුර දිස්ත්‍රික්කයෙන් මනාප ඡන්ද 104,237ක් ලබා පාර්ලිමේන්තුවට තේරී පත්වන විට මහාධිකරණයෙන් මරණීය දණ්ඩනයට නියම කරනු ලැබ සිටීම එයට හේතුවයි. එකී නඩු තීන්දුවට එරෙහිව ජයසේකර මහතා අභියාචනාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කර තිබේ. එම ඇපෑල තවම උසාවිය හමුවේ විභාගයට ගෙන නැත.
4 2108
රට තුළ ආණ්ඩුකරණයට අදාළ සංවාද සහ විවාද බහුල කාලයකි. මාතෘකා කීපයකි. ඒ සියල්ල අතුරින් දහනව වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම හෝ සංශෝධනය කිරීම සහ විසිවැනි සංශෝධනය ගෙන ඒම පිළිබඳ සංවාදය ඉතා ප්‍රබල ය. එසේම එය හදිසි කටයුත්තක් සහ අවශ්‍යතාවක් බව ආණ්ඩුවේ අදහස ය. ඒ එක්කම අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම පිළිබඳ අදහස ද ප්රබලය.
0 1833
පසුගිය ජනාධිපතිවරණයේ පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කෙරුණු පසුබිමේ ලංකාදීප ‘කිවි දා දැක්මට’ මා ලියූ ලිපියක ශීර්ෂ පාඨය වූයේ ‘ගෝඨාභය සාධකයක් ද මෙවලමක් ද’ යන්නය. එම ලිපිය පැසසුවෝ මෙන්ම ඊට උරණ වුවෝ ද වූහ. එහෙත් මා එදා ඇසූ පැනයට කිසිවකු උත්තර සැපයුවේ නැත.
1 2802
කොරෝනා වසංගතය පාලනය කරමින් සිටින රටවල් අතුරින් ලංකාව සිටින්නේ බොහෝ ඉදිරියෙන් ය. එහි ගෞරවය යා යුත්තේ ආණ්ඩුවට නොව රාජ්‍යයට යැයි කියූ විට ඇතැම් අයගේ සිත් රිදෙන්නට පුළුවන. එහෙත් කලබල නොවන්න. මන්ද ආණ්ඩුව යනු රාජ්‍යයේ සිව්වැනි කුලුනය. ඒ නිසා අර ගෞරවයෙන් කොටසක් ආණ්ඩුවට යෑම වැළක්විය නොහැකි දෙයක් ය. දේශපාලන විද්‍යාවේ අති සරල එහෙත් අති මූලික තැනකින් අපි මෙවර ලිපිය පටන් ගනිමු.
1 997
අගමැති මහින්ද රාජපක්ෂ ඉකුත් 26 වැනි දින වෘත්තීයවේදීන්ගේ සමිති සම්මේලනය අමතමින් කෝවිඩ්-19 න් පසු ආර්ථිකය යළි ගොඩ නැගීමට “අලුතින් සිතන්නට” සිදුව ඇතැයි කියා තිබිණ. ඒ සමග ඔහු රටේ ණය කන්දරාව ගැන කියා තිබූණේ අපවැනි රටවල ණය ගෙවීම් සඳහා සහන කාලයක් තිබිය යුතු බවය. කෝවිඩ්-19 ට පෙර අපගේ සමස්ත විදේශ ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 80ක් වන ඩොලර් බිලියන 55 ක් විය.
2 1462
මෙවර ලිපිය බුද්ධිමතුන්ගේ මැතිවරණ අපේක්ෂක දේශපාලනය පිළිබඳව ය. මෙරට දේශපාලනය ගැන කලකිරුණු ජනයා කලක සිට ප්‍රතික්ෂේප කිරීමක් සහ යෝජනාවක් සමාජ ගත කළේය. දෙසිය විසි පහම එපා යනු ඒ ප්‍රතික්ෂේප කිරීමය. බුද්ධිමතුන් පාර්ලිමේන්තුවට යවමු යනු ඒ යෝජනාවය. මේ මොහොතේ මේ දෙකම ප්රබලය. දීර්ඝ කාලයක් වාර කීපයක් පාර්ලිමේන්තුවේ සිටි අය අර බුද්ධිමතුන් පාර්ලිමේන්තුවට යවමු යන යෝජනාව ඉදිරිපත් වූ මොහොතේ සිට මේ දක්වා ප්‍රබල ප්‍රහාර එල්ල කිරීම ඊට උදාහරණයකි.
3 1174
ගෙවීගිය සති දෙක තුළ රටේ දේශපාලන ක්ෂේත්රය ගිනියම් කිරීම කෙරෙහි බලපෑ කරුණු කාරණා අතුරින් ප්‍රමුඛස්ථානය ගත්තේ හරීන් ප්‍රනාන්දු හිටපු ඇමතිවරයා විසින් කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් වහන්සේ සම්බන්ධයෙන් කරන ලද ආන්දෝලනාත්මක ප්රකාශනයයි.
13 12807
පවතින වියළි කාලගුණය ඉතාම දරුණු එකකි. අගනගරයට ඉහළ අහසේ රොද බැඳ ගෙන සිටින දුම් දූවිලි තට්ටුව උදෑසන, දහවල සහ සැන්දෑ අහසේ චමත්කාරයත්, පිරිසුදු ආලෝකයත් නගර වැසියන්ට සහ නගරයට පැමිණෙන්නන්ට අහිමි කොට ඇත. සාමාන්‍ය වායු ගෝලයට කලවම් වී ඇති දූවිලි අංශු ප්‍රමාණය දිනෙන් දින ඉහළ යමින් ඇත.
1 1825
ප්රජාතන්ත්රවාදී ආණ්ඩුකරණයේ එක් පදනම් මූලධර්මයක් වන්නේ ආණ්ඩුවේ බලතල හා කාර්යයන් ව්‍යවස්ථාදායක, විධායක සහ අධිකරණ වශයෙන් කොටස් තුනකට බෙදා අන්‍යොන්‍ය වශයෙන් එකිනෙකට සම්බන්ධතාවක් නොමැති ආයතන ත්‍රිත්වයක් විසින් ක්‍රියාවට නැංවීමය. මේ අනුව ව්‍යවස්ථාදායකයට පැවරී තිබෙන කාර්ය වන්නේ නීති පැනවීමය. විධායකයේ කාර්යය වන්නේ රාජ්‍ය සේවය හා පොලිස් සේවය හරහා ව්‍යවස්ථාදයකය පනවන නීති ක්‍රියාවට නැංවීමය.
0 2011
කොරෝනා වෛරසය නිසා දුකට පත්වී සිටින සියලුදෙනා සුවපත් වේවා! යන ප්‍රාර්ථනය සහිතව මෙවර ලිපිය අරඹමි. ඒ වසංගතය පිළිබඳව විද්‍යාත්මක හෝ වෛද්‍ය විද්‍යාත්මක හෝ විශ්ලේෂණ ඉදිරිපත් කිරීමට මා යම් පමණකින්වත් දන්නා දේශපාලන විද්‍යාව, රාජ්‍ය ප්‍රතිපත්ති සහ රාජ්‍ය පරිපාලනය යන විෂයයන් දශමයක තරමින්වත් පොහොසත් නැත.
3 2445
“කෙලෙස අදහා ගනිම්දෝ, දෙවොල ඇතුළේ පහන් සොරකම් කරන බව දෙවියන්, දේවතා එළියෙන්”. ඒ සඳහන් කළේ රුහුණ සරසවියේ ගුරුවරයකු වන නන්දසිරි කීඹියහෙට්ටි රචනා කර සංගීතඥ සමන්ත පෙරේරා සංගීතවත් කොට විශාරද ශානිකා සුමනසේකර ගයන මා ඉතා කැමැති මනරම් සහ අර්ථාන්විත ගීයේ අවසාන පද ටික ය.
0 596
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම ඉලක්ක කරගත් 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය නමින් හැඳින්වෙන පෞද්ගලික මන්ත්‍රී කෙටුම්පතක් කොළඹ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලදුව 30. 12. 2019 දින නිකුත් කරන ලද ආණ්ඩුවේ ගැසට් පත්‍රයේ පළකර ඇත. සංශෝධන කෙටුම්පතේ 1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට කළ යුතු සංශෝධන යෝජනා 06 ක් නිර්දේශ කර ඇත.
0 639
විප්ලවයක් යැයි ඇතැමුන් නම් කළ විප්ලවයක් සිදුකළා යැයි ඇතැමුන් කී 2015 ජනවාරි ආණ්ඩුව පරාජය වී මාස එකහමාරකි. පරාජය වුවත් ජයග්‍රහණය කළත් විප්ලව ඇති වූ රටවල ඒවා සැමරීම සාමාන්‍ය සිරිතකි. එහෙත් මෙ රට ‘ජනවාරි විප්ලවවාදීන්’ එවැනි සැමරීමකට සුදානම් වන බවක් නො පෙනෙන්නේ, ඒ අය මේ වචන භාවිත කළේ පොදුජනයා රැවටීමට පමණක් නිසා විය හැකිය.
4 2350
ගෝඨාභය ජනාධිපතිතුමා හදපු අලුත් ඇමැති මණ්ඩලය නැතහොත් කැබිනට් එක ගැන සියයට අසූවක ප්‍රශංසාව ලබාදෙන අයම ඇමැතිකම් ගත් සියයට විස්සක් පමණ වූ අය පිළිබඳ සිටින්නේ ඒ තරම් සතුටකින් නොවේය. රාජ්‍ය ඇමැතිවරුන් සහ නියෝජ්‍ය ඇමැතිවරුන් පත්කිරීමේදී මේ අසතුට තවත් ටිකක් වැඩි වුණත් ජනයා ඒ සියල්ල ඒ තරම් ගණනකට නොගන්නේ ‘ගෝඨා’ වැඩේ හරියට කරනු ඇත, ඔහුට එය කළ හැකිය යන ‘මහා විශ්වාසය’ නිසාය.
0 138
පසුගිය අගෝස්තු දහසය වැනි දා, එනම් ජනාධිපතිවරණයට ලක ලෑස්තිවන කාලයේ ලංකාදීප කිවිදා දැක්ම සඳහා මා ලියූ ලිපියේ මාතෘකාව වූයේ ගෝඨාභය සාධකයක් ද මෙවලමක් ද යන්නය. ගෝඨාභය රාජපක්ෂ පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමේ උත්සවය පිළිබඳව සංඥාර්ථවාදී නිරීක්ෂණ ඒ ලිපිය සඳහා හේතුපාදක විය. එය එසේ වුවත්, රාජ්‍යවාදී නැතහොත් රාජ්‍ය කේන්ද්‍රීය දෘෂ්ටිවාදී පදනමක සිටින මා හට ඒ සඳහා බලපෑ හේතුව එයම නොවේ.
0 162
ශ්‍රී ලංකා ජනරජයේ රාජ්‍යයේ නායකයා, විධායකයේ නායකයා, ආණ්ඩුවේ නායකයා සහ සන්නද්ධ සේවාවල ප්‍රධාන අණදෙන නිලධාරියා වන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා වූ ජනාධිපතිවරණය තව සතියකින් එනම් එළඹෙන 16 දා පැවැත්වේ. ජනාධිපතිවරයා වූ කලී 1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ස්ථාපිත කරන ලද ද්විත්ව විධායක ක්රමයේ ඉහළ ස්ථරය වේ. අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය පහළ ස්ථරය වේ.
0 173
රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා තනතුරෙන් පහකොට මහින්ද රාජපක්ෂ අගමැති තනතුරට පත් කිරීම අරමුණු කොටගෙන දියත් කළ කුප්‍රකට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කුමන්ත්‍රණයට වසරක් සම්පූර්ණ වූයේ පසුගිය 26 වැනිදාය. අසාර්ථක වූ එම කුමන්ත්‍රණය අනුස්මරණය කිරීම සඳහා සිවිල් සමාජ සංවිධාන සහ වෙනත් සිවිල් සමාජ ක්රියාකාරිකයන් පසුගිය දිනවල කොළඹ අග නගරය තුළ රැස්වීම් කිහිපයක්ද පැවැත් වූ බව මාධ්‍ය වාර්තා කර තිබුණි.
0 1503
මේ මොහොතේ මෙරට දේශපාලනය චමත්කාර ජනනයෙන් තොර නැතහොත් රොමෑන්තික ජනනයෙන් තොර කලාපයක් වී තිබීම සහ මෛත්‍රීපාල ආදර්ශය ප්රගතිශීලී ව්‍යවස්ථා ප්රතිසංස්කරණයක් හෝ සංශෝධනයක් දක්වා ගෙනයෑමේ අවශ්‍යතාව සහ හැකියාව පිළිබඳ අවධානය යොමු කිරීම මෙම ලිපියේ අරමුණයි. මන්ද එවැනි ව්‍යවස්ථා කටයුත්තක් සැබෑ ප්රජාතන්ත්රවාදීන්ට සතුට දනවන්නකි. ව්‍යාජ ප්රජාතන්ත්රවාදී කථික කවටයන් පරීක්ෂාවට ලක්වන ලිට්මස් පරීක්ෂණයකි. විශේෂයෙන්ම ‘ජනවාරිවරුන්’ පරීක්ෂාවට ලක් කිරීමකි.
17 6060
ජනාධිපතිවරණය එළඹෙන නොවැම්බර් 16 දින පැවැත්වීමට මැතිවරණ කොමිසම විසින් දින නියම කර ඇත. මෙවර පැවැත්වීමට නියමිතව ඇත්තේ අටවන ජනාධිපතිවරණයයි. මෙයට පෙර 1982, 1988, 1994, 1999, 2005, 2010 සහ 2015 යන වර්ෂවලදී ජනාධිපති තනතුර සඳහා සුදුස්සකු තෝරා පත්කර ගැනීම පිණිස ජනාධිපතිවරණ හතක් පවත්වා ඇත.
4 2665
මේ ලියැවෙන්නේ මෙවර ජනාධිපතිවරණය අළලා වූ ලුහුඬු සටහනකි. ගත යුතු හොඳම දේශපාලන තීරණය ශ්රීලනිපය ගෙන ඇත. පක්ෂයේ නායකයා වුවත් රටේ ජනාධිපතිවරයා ලෙස සිටිය යුතු මැතිවරණ මධ්‍යස්ථභාවය අතින් ස්වාධීනව සිටීමට ජනාධිපතිවරයා ගත් තීරණය අතිශයින්ම ප්රජාතන්ත්රවාදී ය. තනතුරු දරමින් මැතිවරණ කටයුතු මෙහෙයවන අගමැති ඇතුළු අයට එය එක්තරා ආකාරයක අභියෝගයකි.
20 3918
ශ්‍රී ලංකාව ලෝක වාර්තා තැබීම අතින් සෑහෙන ප්‍රසිද්ධය. ඒවායින් ස්වල්පයක් හොඳ වාර්තා වුව ද බොහෝ ඒවා නරක වාර්තාය. මේ වන විට වැඩිපුරම රජයේ නිවාඩු බුක්ති විඳීම අතින් සියලු රටවල් අතරින් දෙවැනි ස්ථානයට පත්වීමේ වාර්තාව අපි හිමිකරගෙන සිටින්නෙමු.