IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


පලස්තීනයේ නැංගුරම මොහොමඞ් අබ්බාස්

පලස්තීන භූමිය බෙදා වෙන්කරමින් නිර්මාණය කළ විසඳුම විසඳුමක් වී නැති බව ගත වූ දශක කිහිපයක ඉතිහාසය සාක්ෂි දරයි. මෙවැනි පසුබිමක එක්කෝ ඊශ්‍රායලය යටතේ ජීවත්වීම පලස්තීනුවන්ට සිදුවනු ඇත. එය ඔවුන් කිසිදා එකඟ නොවනු ඇති තත්ත්වයකි. නැතහොත් ඊශ්‍රායලය හා පලස්තීනය යනුවෙන් රාජ්‍ය දෙකක් පිළිගත යුතුය. දැනටමත් වැඩි අසාධාරණයට හා පීඩනයට ලක්ව ඇත්තේ පලස්තීනුවන්ය. කැටපෝල හෝ ගල්කැබලි අතින් ගත් පලස්තීන කොලු_ ගැටව් ඊශ්‍රායල් යුද ටැංකි හරස්කර අභියෝග කිරීමද, හමාස් රොකට් ප්‍රහාරවලින් ඊශ්‍රායල් වැසියන් මැරී වැටීම ද, ඊශ්‍රායල් ගුවන් ප්‍රහාරවලින් පලස්තීනුවන් මැරී වැටීම ද විසඳුම පමාවන තෙක් ලෝකයට අකැමැත්තෙන් වුව ද බලා සිටීමට සිදුවනු ඇත.


එලෙස හිරිහැර සහ පීඩාකාරී වටපිටාවක් තුළ යසර් අර්ෆත්ගෙන් පසුව, පලස්තීනයට සෞභාග්‍යය රැගෙන ඒමට වත්මන් ජනාධිපති මොහොමඞ් අබ්බාස් විසින් ඉටුකරන්නා වූ මහත් අප්‍රතිහත ධෛර්ය ගැන කියා පෑමට මෙවර දියත වෙන්වේ.


ඊශ්‍රායලය හා පලස්තීනය අතර අන්තර් ජාතිකව පිළිගත් දේශසීමා නොමැත. ජෝර්දාන් නදියෙන් බටහිර ඉවුරේ පිහිටි ප්‍රදේශය බටහිර ඉවුර යනුවෙන් හැඳින්වෙන අතර එහි සහ ගාසා තීරය පලස්තීනයට අයත් භූමියයි. ඊශ්‍රායලයට සහ පලස්තීනයට අයත් සමස්ත භූමි ප්‍රමාණය ඇමෙරිකාවේ ඉලිනොයිස් ප්‍රාන්තයෙන් හරි අඩක් පමණ වේ. ජනගහනය ඊට සමානය.


මැදපෙරදිග අර්බුදය යනුවෙන් ද හඳුනා ගන්නා ඊශ්‍රායල් - පලස්තීන ප්‍රශ්නයට විසඳුම් වශයෙන් දියත් වූ මුල්පෙළේ ප්‍රයත්නයක් වූයේ 1993 හා 1995 ඔස්ලෝ සාම සම්මුතියයි. සාමය පිළිබඳ අපේක්ෂා දැල්වීමට එය සමත් වූ නමුදු ප්‍රායෝගිකව යථාර්ථයක් වූයේ නැත. සම්මුතියට අත්සන් කළ එවකට පලස්තීන විමුක්ති සංවිධානයේ නායක යසර් අර්ෆත්ට හා ඊශ්‍රායල් අගමැති යිට්ෂැක් රබීන්ට සහ විදේශ ඇමැති ෂිමොන් පෙරෙස්ට නොබෙල් සාම ත්‍යාගය ද හිමිවීම ඉතිහාසගත කතාවකි. කෙසේ වූවද රබීන්ට ඒ වෙනුවෙන් ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවූ අතර අර්ෆත් මිය ගියේ සාමය පිරි පලස්තීන රාජ්‍යයක් පිළිබඳ අපේක්ෂාව පමණක් හදවතේ දරාගෙනය. මැදපෙරදිග සාමය සඳහා දරන ලද අවසන් සාර්ථක ප්‍රයත්නය එය විය.


රාජ්‍යයන් දෙකක් පිළිගනිමින් අවසන් විසඳුමකට එළැඹීම සඳහා වන සාකච්ඡා ක්‍රියා මාර්ග මෑත භාගයේ දී ද දියත් වූවද මෙතෙක් ඵල දරා නොමැත. අමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ පලස්තීන ජනාධිපති මොහොමඞ් අබ්බාස්ට මේ වනවිට එම කාර්යභාරය පැවරී තිබේ. 
එම සුවිශේෂී කාර්යභාර්යත් සමඟ පලස්තීන ජනාධිපතිවරයා ලොව පුරා සැමගේ අවධානයට ලක්වූයේය. මන්ද පලස්තීනයේ සදාතන හතුරා වූ ඊශ්‍රායලයේ මිතුරා වන ඇමෙරිකා ජනපතිපතිවරයා මුණ ගැසීමට අබ්බාස් මීට මාස කිහිපයකට පෙර තීරණය කිරීමත් සමඟය.


ලොව පාලනය කරන්නා වූ වයස්ගත පාලකයන් දහ දෙනාගේ ලැයිස්තුවේ අට වැන්නා වන වත්මන් පලස්තීන ජනාධිපතිවරයාගේ වයස අවුරු 83කුත් දින 307කුත් වන්නේය. අබු මසේන් නමින් ද පලස්තීනයේ වඩාත් ජනප්‍රිය පලස්තීන ජනපතිවරයා පළමුවෙන්ම පලස්තීන අධිකාරියේ නායකයා ලෙස තේරී පත්වන්නේ 2005 වසරේ ජනවාරි 9 වැනිදාය. එතැන් පටන් වසර 14ක් පුරා පලස්තීනුවන් වෙනුවෙන් සිය නායකත්වය දෙන්නේ තුවක්කු හඬ, මරාගෙන මැරෙන බෝම්බ, ෂෙල් වෙඩි ප්‍රහාර මධ්‍යයේ වීම තවත් අපූරු දෙයකි.
වර්තමානයේ ඊශ්‍රාලයට අයත් ගලීලි කලාපයේ දී 1935 නොවැම්බර් 15 වැනිදා උපත ලබා  හැඳුණු වැඩුණු අබ්බාස් සහ ඔහුගේ පවුලේ උදවියට 1948 වසරේ පලස්තීන සිවිල් යුද්ධයට මැදිවීම හේතුවෙන් සිරියාවට පලා යාමට සිදුවේ. සිය තරුණ අවදිය එරට ගත කරන අබ්බාස් එරට දමස්කස් විශ්වවිද්‍යාලයෙන් නීතිය හදෑරුවේය. උසස් අධ්‍යාපනය සඳහා මොස්කව් හි පැටිට්‍රස් ලුමුම්බා විශ්වවිද්‍යාලයට ඇතුළත්ව විද්‍යා උපාධි හැදෑරීමට ද කටයුතු කළේ ඉගෙනගත් දෑ කවදාවත් අහක නොයන බව සනාථ කරමිනි. එය එවකට සෝවියට් රුසියවේ හිමිවූ  අචාර්ය උපාධියක් හා සමාන බැව් පැවසේ.


අධ්‍යාපන කටයුතු අවසන් වීමෙන් පසු අමීනා සමඟ විවාහපත් වූ මේ අබ්බාස් යුවළට සිටියේ පිරිමි දරුවන්ම තිදෙනෙකුම විය. අබ්බාස්ගේ වැඩිමහල් පුතු 41 හැවිරිදි වියේ පසුවෙද් දී හදිසියේ ඇති වූ හෘදයාබාධ තත්ත්වයකින් මිය යෑම දේශපාලනඥයෙකුගේ භූමිකාව පැත්තකට ඇඳ දමා අබ්බාස්ගේ හදවත සසල කළ මොහොතක් විය. දෙවැනි පුතු කැනඩාවේ සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකි. තෙවැන්නා ද විධායක ව්‍යාපාරිකයෙකු වේ. එසේම අබ්බාස්ට මුණුබුරු මිණිබිරියෝ අටදෙනෙක් සිටිති. ඔවුන් සියල්ලෝම තරුණ ඊශ්‍රායල ජාතිකයන් සමඟ හිතවත්කම් පාන්නෝ වෙති.

 

 


පනහ දශකයේ මැද භාගයේදී පලස්තීනයේ ජාතික දේශපාලනයට අවතීර්ණ වන්නේය. ඒ එවකට කටාර් සිට පිටුවහල් කළ පලස්තීනුවන් තිදෙනකු අරඹයා ඇතිවූ ප්‍රශ්නයක් රාජ්‍යතාන්ත්‍රික ගැටලුවක් දක්වා ඔඩු දුවන මට්ටමට පැමිණීමත් සමඟය. එවකට අබ්බාස් එමිරේටයේ සිවිල් සේවයේ අධ්‍යක්ෂකවරයා විය. තමන්ට වෙන් වූ ස්වාධීන රාජ්‍යයක් පිහිටුවා ගැනීම වෙනුවෙන් යසර් අර්ෆත්ගේ ප්‍රධානත්වයෙන් 1961 ආරම්භ වූ ෆාටා සංවිධානයේ ආරම්භක සාමාජිකයෙකු වූයේය.


අබ්බාස්ට පලස්තීන විමුක්ති සංවිධානයේ සිටින සියලු සාමාජිකයන්ට වඩා රාජ්‍යතාන්ත්‍රිකරණයේ දක්ෂයෙකු බව ජාත්‍යන්තරයේ පිළිගැනීම විණි. විශේෂයෙන් එම සංවිධානය බොහෝ දෙනාගේ විප්ලවවා දී ප්‍රතිපත්තිවලට වඩා මධ්‍යස්ථ වෙනසක් ඉදිරිපත් කරමින් අබ්බාස් රාජ්‍යතාන්ත්‍රික රාජකාරී ඉටු කර ඇත. 2003 මුල්භාගය වන විට ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය යසර් අර්ෆත් සමඟ සාකච්ඡා කිරීම ප්‍රතික්ෂේප කළ හෙයින්, අබ්බාස් දෙරට විසින් අපේක්ෂා කරන ආකාරයේ නායකත්ව කාර්යබාරය සඳහා අපේක්ෂකයෙකු වනු ඇතැයි අපේක්ෂා කළේය. එසේම පලස්තීන වැසියෝ ද ස්වයං පාලනයක් තමන්ට ළඟා කර දීමට සමත් නායකයෙකු බවට අබ්බාස් පත් වනු ඇතැයි විශ්වාසය පළ කළේය.
ඒ යසර් අර්ෆත්ගේ මරණයෙන් පසුව අබ්බාස් පලස්තීනයේ සුක්කානම බවට පත්වන්නේ ඔහු තරම් අත්දැකීම් නැති වෙන කිසිදු නායකයෙක් පලස්තීනයෙන් බිහිවී නොමැති වීම නිසාවෙනි. ඒ අනුව 2005 ජනවාරි 09 වැනිදා පලස්තීන ජාතික අධිකාරියේ ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්වූයේය. එැතැන් පටන් අද දක්වාම ඔහු පලස්තීනය මෙහෙයවන්නේ විවිධ කැපකිරීම් මධ්‍යයේය.


2013 වසරේ අගභාගය වනවිට පලස්තීන ජනගහනය මිලියන 11.8 ක් විය. ඉන් මිලියන 4.5ක් පලස්තීනයේ දී මිලියන 1.4ක් ඊශ්‍රායලයේ ද, තවත් මිලියන 5.2ක් අරාබි රටවල ද තවත් හයලක්ෂ හැට පන්දහසක් ලොව වෙනත් ප්‍රදේශවල ද ජීවත්වන බවට ගණන් බලා තිබේ.


කෙසේ වෙතත්, දශක ගණනාවක සිට අළු යට ගිනිපුපුරු මෙන් පවතින ඊශ්‍රායල් - පලස්තීන අර්බුදයට විසඳුමක් ලෙස රාජ්‍යයන් දෙකක් පිළිගනිමින් අවසන් විසඳුමකට එළැඹීම සඳහා වන සාකච්ඡා ක්‍රියාමාර්ග මෑත භාගයේදී ද දියත් වූවද මෙතෙක් ඵල නොදැරුයේ ඇමෙරිකාවේ වත්මන් ට්‍රම්ස් පරිපාලනය විසින් හිටි හැටියේම ඊශ්‍රායලයේ අගනුවර ලෙස ජෙරුසලෙම ප්‍රකාශයට පත් කිරීමත් සමගිනි. අවසන් විසඳුමකට එළැඹීම සඳහා වන සාකච්ඡා ක්‍රියාමාර්ග වෙනුවෙන් මෙහොමඞ් අබ්බාස් තම ජාතියේ හතුරාගේ මිතුරාගේ රටේ නිල සංචාරය කිරීමට තරම් ධෛර්යවන්ත වූයේය.


තිළිණි ද සිල්වා
ඡායාරූපය : අන්තර්ජාලයෙනි



අදහස් (0)

පලස්තීනයේ නැංගුරම මොහොමඞ් අබ්බාස්

ඔබේ අදහස් එවන්න

Foreign

පියාගේ මරණ සහතිකය ගන්න ගිය පුතාගේ මරණ සහතිකය ලියැවේ
2023 නොවැම්බර් මස 14 3066 1

මියගිය පියාගේ සිරුර අවසන් කටයුතු සඳහා මරණ සහතිකය ගැනීමට ගිය මියගිය අයගේ පුතා ගමන් ගත් යතුරුපැදිය බුලත්සිංහල පහළ නාරගලදී විදුලි කණුවක ගැටී සිදුවූ අනත


ඉන්දියාව කුල්මත් කළ මිසයිල මිනිසා
2020 මාර්තු මස 28 12652 3

මිනිසා බැබළිය යුත්තේ තම ජීවන ඇත්දැකීම් තුළින්. ඒ දැනුම කිසිම උගත්කමට දෙවැනි වෙන්නේ නෑ. මිනිසා බුදධිමතකු හෝ දේශපාලනයකු වන්නේ ගිරවකු වගේ ජනතාව ඇමතීමෙන්


චීනය බිඳ දැමූ අධිරාජ්‍යවාදීන්ගේ අබිං උගුල
2020 මාර්තු මස 28 824 0

එක් යුගයකදී ලංකාවේ සියලුම කටයුතු තීරණය කෙරුණේ ප්‍රභාකරන් නම් වූ ත්‍රස්තවාදියාගේ න්‍යාය පත්‍රයට අනුවය. මහා මැතිවරණය හෝ ජනාධිපතිවරණය පැවැත්වීම හෝ එවැ


චීනය බිඳ දැමූ අධිරාජ්‍යවාදීන්ගේ අබිං උගුල
2020 මාර්තු මස 28 754 0

එක් යුගයකදී ලංකාවේ සියලුම කටයුතු තීරණය කෙරුණේ ප්‍රභාකරන් නම් වූ ත්‍රස්තවාදියාගේ න්‍යාය පත්‍රයට අනුවය. මහා මැතිවරණය හෝ ජනාධිපතිවරණය පැවැත්වීම හෝ එවැ


මරණ දඬුවමෙන් ජීවිතය දිනූ පකිස්තානයේ ඒසියා බිබී
2020 මාර්තු මස 28 413 0

කාන්තා දින කොතරම් පසු වුවද ගැහැණු කවදත් අසරණ යැයි නැගෙනා අඳෝනාවල නම් අඩුවක් නොමැත. එහෙත් තම දෛවයට අභියෝග කළ, ඉරණම උරුම කර නොගත් ගැහැණු ද නැත්තේම නොවේ. රට


මාළිගාවේ නියමයෙන් මැලේසියාවේ මුල් පුටුවට ගිය මුහිදීන් යසීන්
2020 මාර්තු මස 28 565 0

රාජ්‍ය පාලනය, අධිකරණය, ආර්ථික සංවර්ධනය හා මහජන සුබසාධනය සම්බන්ධයෙන් කතිකාවක යෙදෙන විට අප සිහියට නැ‍ගෙන පරමාදර්ශී නායකයෝ ගණනාවක් සිටිති. මේ අතින් අපට ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 140 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1421 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1346 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site