IMG-LOGO

2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා


හොර මහත්වරුන් නිරුවත් කළ මාධ්‍ය සගයාට මරණය

ආන්දෝලනාත්මක මාධ්‍ය ඝාතන 23

 

 

ආන්දෝලනාත්මක මාධ්‍ය ඝාතන පිළිබඳ තවමත් විමර්ශන සිදුවන මෙවැනි මොහොතක සිය මාධ්‍ය මෙහෙවර නිසාම අකාලයේ ජීවිත පූජා කළ ලෝක පූජිත සහෘදයන් පිළිබඳ ලිපි මාලාවක් ගෙන ඒමට අපි සිතුවෙමු. ඒ 2018 වසරේ පමණක් ලොව පුරා සේවයේ යෙදී සිටි ජනමාධ්‍යවේදීන් සහ මාධ්‍ය ක්‍රියාකාරිකයන් 94 දෙනෙකු මේ වන විටත් ඝාතනයට ලක්ව ඇති බැවිනි. යතුරුපැදිකරුවකුගේ වෙඩි පහරට ලක්ව මිය ගිය බ්‍රසීලයේ ජෙෆර්සන් පුරේසා ලෝපේස්ද එවැනි මාධ්‍යවේදියෙකි.


එඩලිනා නගරයේ රූපවාහිනිය නරඹමින් සිටියදීම 2018 වසරේ ජනවාරි මස 17 වැනිදා මිය ගිය ලෝපේස්, ජනප්‍රිය ගුවන්විදුලි නිවේදකයෙකි. තම ගුවන්විදුලි වැඩසටහන හරහා ඉතා දැඩිව දේශපාලකයන් මෙන්ම පූජකවරුන්ද විවේචනයට ලක් කළ ඔහු, මේ හේතුවෙන්ම 2017 වසරේ පටන් විවිධාකාරයේ මරණ තර්ජනවලට ලක්වූ වාර අනන්තය. තැතිගැන්වීම්වලට ලක්වූ වාර අනන්තය.


ඝාතනයට ලක් වන විට තිස් නව හැවිරිදි වියේ පසුවූ ලෝපේස්, 'Beira Rio FM' ගුවන්විදුලි ආයතනයේ සේවය කළ අතර ආයතන හිමිකරු පවා එඩලිනා නගරාධිපතිවරයාගේ ප්‍රතිවාදියෙකු වීම මෙම මරණයට හේතුවන්නට ඇතැයි ද එකල මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේය. එබැවින් 2017 වසරේදීද Beira Rio FM පිහිටි ගොඩනැගිල්ල ගින්නෙන් පුලුස්සා දැමීමට උත්සාහයක් පැවතුණු අතර එය සැලැකෙන්නේ එම වසරේ එවැනි සිදුවීමක් සිදුවූ දෙවැනි අවස්ථාව ලෙසයි. 

 

වෙඩි තැබූ යතුරුපැදිකරුවන්

 


මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ 'Beira Rio FM' ආයතනයේ අධ්‍යක්ෂිකා ක්‍රිස්ටිනා ලියොන්ඩ්‍රා පැවසුවේ ලෝපේස් යනු ඉතා සෘජුව සහ තීක්ෂණ බුද්ධියකින් යුතුව දේශපාලනඥයන් විවේචනය කරමින් මාධ්‍යකරණයේ යෙදුණු මාධ්‍යවේදියෙකු බවයි. විශේෂයෙන් 'Voz do Povo (Voice of the People)'නම් ඔහුගේ දිනපතා වැඩසටහන  හරහා දේශපාලනඥයන් සිදු කරන වංචා දූෂණ මෙන්ම දුර්වල පරිපාලනය පිළිබඳවද දැඩිව විවේචනය කළ ඔහුට අවසන එහි ප්‍රතිඵලය ලෙස ලැබුණේ දේශපාලනඥයන්ගෙන් තර්ජන ගර්ජනයි. 
“වසර දෙකක් තිස්සේ මේ තර්ජන ලෝපේස්ට ආවා. වට්ස්ඇප් එකට ඒ කාලේ හැමදාම තර්ජන ආවා. ලෝපේස්ගේ පවුල ඉවරයක් කරනවා වගේ පණිවිඩ ඒ කාලෙ ආවේ “ ඔහු සමග මෙම වැඩසටහන මෙහෙය වූ අනෙක් සගයා වූ මාලන් කුරෝස් පැවසුවේ එලෙසිනි. අධ්‍යක්ෂිකා ක්‍රිස්ටිනා ලියොන්ඩ්‍රා පැවසුවේ ඒ පිළිබඳ ලෝපේස් පොලීසියට පැමිණිලි කළ නමුත් නිලධාරීන් විසින් අදාළ නඩුව යට ගැසූ බවකි. එහෙත් ලෝපේස්ගේ ඝාතනයෙන් අනතුරුව කණ්ඩායම් පහකින් සුසැදි විමර්ශනයක් ආරම්භ කළ පොලීසිය, එහි තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කළ අතර 2018 වසරේ පෙබරවාරි මස 08 වැනිදා මේ සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත්තේ ලෝපේස්ගේ මාධ්‍ය භාවිතය ආන්දෝලනාත්මක වුවද එය මෙම ඝාතනය සම්බන්ධ නොමැති බව හඟවමිනි.


කෙසේ වෙතත් මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේ මෙම ඝාතනයේ මහ මොළකරු නගර සභා මන්ත්‍රී ජෝස් එඩුයිඩෝ අල්වෙස් ද සිල්වා සහ ලියොන්ඩ්‍රෝ සින්ට්‍රා ද සිල්වා මෙම ඝාතනය සඳහා සම්බන්ධ බවත්, අල්වෙස් ද සිල්වා විසින් මෙම ඝාතනය සඳහා පහසුකම් සලසන ලද බවත්, ඝාතකයාට රියාල් 5000ක් ලබා දුන් බවත්ය. මේ සම්බන්ධයෙන් රඳවා තබා ගත් 17 හැවිරිදි සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු වෙඩි තැබූ බවත්, අනෙකා යතුරුපැදිය පදවාගෙන ගිය බවටත් එම වසරේ මාර්තු මස 01 වැනිදා චෝදනා ලබන්නේ මේ හේතුවෙනි.


මේ අනුව 2018 වසරේ දෙසැම්බර් මස නගර සභා මන්ත්‍රී ජෝස් එඩුයිඩෝ අල්වෙස් ද සිල්වා, මාර්සෙලෝ රොඩ්රිගෝස් ඩොස් සැන්ටෝස් සහ ලියොන්ඩ්‍රෝ සින්ට්‍රා ද සිල්වා යන තිදෙනා මෙම ඝාතනය සම්බන්ධයෙන් අධිකරණයට පමුණුවනු ලැබූ අතර පසුගිය වසරේ ජනවාරි මස ඔවුන්ට ද සැකකරුවන් සමග සිර භාරයට පත්වීමට සිදුවිය.
අවසන මෙහි ප්‍රධාන වරදකරු බවට ලියොන්ඩ්‍රෝ සින්ට්‍රා ද සිල්වා පමණක් පත්වූ අතර ඒ නගර සභා මන්ත්‍රී ජෝස් එඩුයිඩෝ අල්වෙස් ද සිල්වා මෙම ඝාතන නඩුවෙන් මුදා හරිමිනි. ඒ අනුව සුළු දූෂණ කිහිපයකටද වරදකරු වූ ලියොන්ඩ්‍රෝට පමණක් (සෙසු සැකකරුවන් සමග) පසුගිය සැප්තැම්බර් මස 27 වැනිදා වසර 14ක සිර දඬුවමක් නියම කෙරුණු බව බ්‍රසීල නිදහස් පුවත්පත් සංවිධානය (ABRAJI) වාර්තා කළේය.

 

 

 

මාලන් විදානපතිරණ
ඡායාරූප අන්තර්ජාලයෙනි



අදහස් (0)

හොර මහත්වරුන් නිරුවත් කළ මාධ්‍ය සගයාට මරණය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1009 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1042 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 412 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site