නාට්‍ය උළෙලේ අධ්‍යක්‍ෂ/ නාට්‍යවේදී - එම්. සෆීර්

ඔහු මෙරට නාට්‍ය කලාව ජාත්‍යන්තර මට්ටමට ගෙන ඒම සඳහා තනියෙන් සටන් කළ ඒ වෙනුවෙන් කතා කළ වැඩකටයුතු කළ නාට්‍ය 
වේදියෙකි. මේ නිසාම ඔහුට ලැබුණේ නින්දා, අපහාස මඩ පමණි. ඒත් ඒ සියල්ල ආශිර්වාදයක් කරගනිමින් මේ තරුණ නාට්‍යවේදියා තමන් ගැන නොසිතා සියලුදෙනා වෙනුවෙන් රට ගැන සිතා මෙරටට ජාත්‍යන්තර නට්‍ය උළෙලක් සංවිධාන කරන ලදී. ඒ මීට අවුරුදු 8 කට පෙරය. එදා සිට ඔහු අද දක්වා තනියෙන් ඒ කටයුත්ත කරන්නේ රජයටත් අනෙක් සියලුම බලධාරින්ටත් නාට්‍ය කරුවන්ටත් යමක් සිතන්නට ඉඩ හසර සපයමිනි.

දැන් ඔහු “8 වැනි කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උළෙල” ලෑස්ති කර තිබේ. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු මේ රටේ සියලුම කටයුතු ඇණසිට තිබෙන මොහොතක ඔහු තනියෙන් මෙරටට විදෙස් නාට්‍යකරුවන් ගෙන්වමින් ඔවුන්ගේ නාට්‍ය පෙන්වමින් “කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උළෙල” ලබන අගෝස්තු මස 03 වැනිදා සිට 9 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබේ. එය විශාල අභියෝගයකි. ඒ අභියෝගය සොඳුරු දෙයක් බවට පත්කරගත් මේ තරුණ නාට්‍යවේදියා නමින් එම්. සෆීර්ය. ඔහුගේ “ඉන්ටර් ඇක්ට් ආර්ට් බ්ලැක් බොක්ස් තියටර් හවුස්” හි සියලු දෙනා ඒකරාශි කරගෙන මේ කර්තව්‍යය සිදු කරන්නේ මේ රටේ නට්‍යකරුවන්ගේ හෙට දවස යහපත් කරගැනීමේ අරමුනින්ය. ඒ නිසාවෙන්ම නාට්‍ය උළෙලේ අධ්‍යක්ෂ ලෙස කටයතු කරන මේ සොඳුරු නාට්‍යකරුවා සමඟ අපේ කතාබහ ආරම්භ කිරීමට සිතා ගත්තෙමු. මේ එම සංවාදයේ සටහනයි.

● විවිධ අභියෝග, දුෂ්කරතා මැද “කොළඹ ජාතන්තර නාට්‍ය උළෙල” 8 වැනි වරටත් සංවිධාන කරන්න ඔබ සමත් වෙලා තිබෙනවා. ඇත්තෙන්ම මෙය ලොකු අභියෝගයක් නේද? කොහොමද  ඒ අභියෝගවලට ඔබ මුහුණ දුන්නේ?

මේක අති විශාල අභියෝගයක්. අපි අවුරුදු 8 ක් තිස්සේම කියනවා රජයෙන් කරන්න ඕන දෙයක් අපි කරනවා කියලා. පුදුමේ කියන්නේ රජය කියලා මම අදහස් කරන්නේ සංස්කෘතික අමාත්‍යාංශය කියන එක සාධකයක් නොවෙයි. මේ මොහොතේ රට තිබෙන්නේ අර්බුදයක. එතකොට සංචාරක ව්‍යාපාරය සම්බන්ධව යමක් මෙතන කරන්න පුළුවන්. මේ උළෙල සඳහා විදේශිකයෝ එනවා. 
ඔවුන්ට යහ වාතාවරණයක් හැදුවොත් ඔවුන් පෙරළා ගොස් තම රටවලදී කියන්නේ “එළියේ කියන තරම් අවුලක් ලංකාවේ ඇතුලේ නෑ. ලංකාව හොඳයි” කියලයි. උදාහරණයට තේ මණ්ඩලයට පුළුවන් මෙහිදී ලංකාවේ තේ ගැන හඳුන්වා දෙන්න. ඒ වගේ ගොඩක් දේවල් තිබෙනවා.

ඉතිං මේ අභියෝගයම තමයි ආශිර්වාදය කියලා මම විශ්වාස කරන්නේ. මේ තරම් කියලත් කවුරුත් නෑසු කන්වල හිඳිද්දී මම තාමත් මේ වැඩෙ කරගෙන යනවා. ඒ ගැන මට තිබෙන්නේ සතුටක්. බොහොම අමාරුකම් අභියෝග මැද්දෙත් තවමත් මේ වැඬේ අපි පවත්වාගෙන යනවා. ඒ අපට තිබෙන ඇඟේ අමාරුවට. ලංකාවේ විවිධ ජාත්‍යන්තර උත්සව පටන්ගත්තා. ඒවා ඔක්කොම නැවතිලා. මම විතරක් තනි මිනිහෙක් හැටියට මෙය තවම පවත්වාගෙන යනවා. මම මෙහෙයවන්නා වුණත් තව පිරිසක් පිටුපස්සේ ඉන්නවා.

● ලාංකීය නට්‍ය කලාව ජාත්‍යන්තර අවධානයට ලක්කරන්න සමත්වූ නාට්‍ය කරුවා ඔබයි. ඒත් අපේ රටේ සිටින නාට්‍ය කරුවන්වත් මේ උළෙල පිළිබඳව කිසිම උනන්දුවක් සැලකිල්ලක් නොදක්වන්නේ ඇයි? 

අනිවාර්යෙන්ම. ලෝකයේ ජාත්‍යන්තර නාට්‍ය උළෙලවල් තිබෙන්නේ විශේෂයෙන්ම නාට්‍ය කලාව නියැළෙන සහ නාට්‍ය කලාව හදාරණ පිරිසට ඉගෙනගන්න අවස්ථාවක් ලබාදීමටයි. නාට්‍යකරුවන් මුණගැසීම, ඔවුන්ගේ අත්දැකීම් බෙදාහදා ගැනීම, නාට්‍යකරුවන්ගේ දැනුම බෙදා ගැනීම නිර්මාණශීලීත්වය බෙදා ගැනීම මෙහිදී සිදුවෙනවා. මොකක් හරි අවාසනාවකට ලංකාවේ නාට්‍යකරුවන්ට ඒ උනන්දුව නෑ. සරල කතන්දරය රුමේ නියාවේ නාට්‍යය මරදානට ගෙනල්ලා රු. 1000/- ප්‍රවේශ පත්‍රයකට බලන්න බැරිනම් මම දන්නේ නෑ. ඒගොල්ලෝ විශ්වාස කරන කලාව මොකක්ද කියලා. අපි ඒ නිර්මාණවල හොඳ නරක පැත්තක තියන්න ඕනේ. මොකද නට්‍ය කලාව ඇතුළේ හොඳ නරක කියා දෙයක් නෑ. තිබෙන්නේ කැමති අකමැති නාට්‍ය විතරයි. මම කැමති දෙයට තව කෙනෙකු අකැමැති වෙන්න පුළුවන්. කැමැත්ත තුළ අපි දැනුම ලබනවා අකමැත්ත තුළත් අපි දැනුම ලබනවා. නාට්‍යකරුවන්ට රුමේනියාවට ගිහින් ඇමරිකාවට ගිහින් බලන්න බැරි නාට්‍ය මම කකුල් දෙක ළඟට ගෙනල්ලා තිබෙනවා. එතකොට මට දැන් වැටහෙන්නේ මැණික් ගලක් පාගාගෙන යනවා ඇස් පේන්නේ නැති අය වගේ කියලයි. ඒක ඒ අයගේ අවාසනාවක් කියලයි මට හිතෙන්නේ. 

● ඔබ ඔහොම පැවසුවත් අපේ නාට්‍ය කරුවන් කතා කරන්නේ නාට්‍ය කලාවේ අර්බුද ගැන බරසාරව ගැඹුරින්. නමුත් මෙතන පොඩි අවුලක් නේද තිබෙන්නේ.

ඇත්තෙන්ම ඔව් අපේ නට්‍ය කරුවෝ තමන්ගේ නට්‍ය හදාගෙන පිටරට යන්න මාර උනන්දුවක් දක්වනවා. ඒ ගිහින් ඇවිත් මාර දේවල් කියනවා. හැබැයි රටේ තිබෙන උළෙලට එන්නේ නෑ. ඒ තමයි අවුල. මම හැමවෙලාවෙම කියන්නේ මේ නාට්‍ය කලාවේ තිබෙන පැටලිල්ලත් ඒකම තමයි. මම හැමදාම විශ්වාස කරනවා කවි ලියන අය කවි පොත් ගන්නවානම් එය විකුණා ගන්න වෙළෙදපොළේ ගැටලුවක් නෑ. නාට්‍ය කරන අය නාට්‍ය බලනවා නම් නාට්‍ය වෙළෙඳපොළට ගැටලුවක් නෑ. මේක අවුරුදු 20 ක් තිස්සේ ඔබ මගෙන් අහනවා. මේ නාට්‍ය කරුවෝ එකතුවෙන්නේ නෑ. මේකේ තිබෙන්නේ බොහොම ආත්මාර්ථකාමී පටු පරමාර්ථවල ඉඳන් බොහොමයක් අය වැඩ කරන්නේ. තමන්ගේ දේ විතරයි විශ්වාස කරන්නේ. පොදු දේවල් කියන ඒවා විශ්වාස කරන්නේ නෑ.

මම කියන්නේ මිනිහෙක්ට දවස් 6 ක් එන්න බැරිවෙයි හැබැයි දවසක් දෙකක් ආවිටදී එයින් කොයිතරම් දේවල් සිද්ධ 
වෙනවාද? එකක් තමයි තමන් හොඳ හෝ නරක නාට්‍යයක් බලාගන්නවා. දෙක මේ ලෝක නාට්‍යවල තත්ත්වයන් තේරුම් ගන්නවා. තුන එයට ටිකට් එකක් ගැනීමෙන් මම ආර්ථික වශයෙක් විඳින පීඩාවලට රුපියලකින් හරි දායකත්වයක් ලැබෙනවා. අනෙක් පැත්තෙන් නාට්‍ය කලාව පිළිබඳව ලංකාවේ නාට්‍ය කරුවන්ගේ තිබෙන ආදරය පෙන්වන්න තිබෙන අවස්ථාවක්. ඔය ඔක්කොම මේ හරහා අපිට නැතිවෙනවා. ඒක තමයි ප්‍රශ්නේ.  

●  ඔබ මෙවර “8 වැනි කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උළෙල” මෙරට සිටින ප්‍රවීණ නාට්‍යවේදියකු වන ආචාර්ය ජයලත් මනෝරත්න කලාකරුවා අභිනන්දනය කිරීමට කටයුතු යොදා තිබෙනවා. ඒකට විශේෂ හේතුවක් තිබෙනවාද?

ඔව්. විශේෂ හේතුව තමයි ආචාර්ය ජයලත් මනෝරත්න කියන නාට්‍යකරුවා වේදිකාවේ රඟපාන්න පටන් අරගෙන අවුරුදු 50ක් පිරෙනවා. මොනතරම් සොඳුරුද? මිනිහෙක් අවුරුදු 50 ක් රඟපානවා කියන එක. එයට උපහාර නොකර අපි වෙන මොනවාද කරන්න ඕනේ. ඒකම තමයි අපේ යුතුකම. මම මනෝරත්නලාට පසු පරම්පරාවේ නාට්‍යකාරයෙක්. කිසිම දවසක කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උළෙලින් මට උපහාර පුදන එකක් නෑ. මොකද මම කරන හින්දා. හැබැයි කේ.බී. හේරත්ලා මනෝරත්නලා පරාක්‍රම නිරිඇල්ලලා ලූෂන් බුලත්සිංහලලා ධර්මසිරි බණ්ඩාරනායකලා යන මේ සියලු දෙනා නට්‍ය කලාව වෙනුවෙන් අති විශාල කැප කිරීමක් කරලා තිබෙනවා සහ ඒ වෙනුවෙන් වෙහෙසිලා තිබෙනවා. ඉතිං ඔවුන් ජීවතුන් අතර ඉන්නකොට ඔවුන්ට දක්වන්න පුළුවන් හොදම ගෞරවය තමයි මේ. අපේ රටේ නට්‍ය උළෙලවල් ගොඩක් තිබෙනවා. මේවා විවේචන නොවෙයි. ඇයි රාජ්‍ය නාට්‍ය උළෙල ලංකාවේ නාට්‍යකරුවෙක් වෙනුවෙන් නම් කරන්න බැරි? ඇයි යොවුන් නාට්‍ය උළෙල, ළමා නට්‍ය උළෙල නාට්‍යකරුවෙක් වෙනුවෙන් නම් කරන්න බැරි?

අපේ රටේ නට්‍ය උළෙලවල් ගොඩක් තිබෙනවා. මේවා විවේචන නොවෙයි. ඇයි රාජ්‍ය නාට්‍ය උළෙල ලංකාවේ නාට්‍යකරුවෙක් වෙනුවෙන් නම් කරන්න බැරි? ඇයි යොවුන් නට්‍ය උළෙල ළමා නට්‍ය උළෙල නට්‍ය කරුවෙක් වෙනුවෙන් නම් කරන්න බැරි? ඒ නම්කළා කියලා මොනවාද අමුතුවෙන් නැති වෙන්නේ සංවිධායකයන්ට. හැබැයි අපි ඊට වඩා අඩියක් වෙනස්. අපේ උළෙලේ පළමු දවස වෙන් කරන්නේ මේ අභිනන්දනය කරන නාට්‍ය කරුවා වෙනුවෙන්. අපි ඒ නාට්‍යකරුවා ලෝකයට හඳුන්වා දෙනවා. මම අහන්නේ හොඳ නැද්ද ආචාර්ය ජයලත් මනෝරත්න ගැන ඕස්ටේ්‍රලියාවේ, ඇමරිකාවේ, රුමේණියාවේ නාට්‍යකරුවන් දැනගන්න එක. ඕක තමයි පෙරළා මම මගේ යුතුකම් කියලා විශ්වාස කරන්නේ. මට කලින් මේ සඳහා වැඩ කරපු මිනිසුන්ට මට ගෞරව කරන්න පුළුවන් වෙන එක තමයි මට පෙරළා කළ හැක්කේ. ඒක තමයි හේතුව අපි ඉදිරියටත් කරනවා. එය ඔවුන්ගේ සතුටට හේතුවක් වෙනවා.

● ඔබ ඒ දේ කළත් අද ඔබේ පරම්පරාවේ හා පසු පරම්පාරාවේ අපගේ මේ මානුෂීය ගුණාංගය දකින්නේ නැහැ නේද? අලුත් පරපුර අයාලේ යන තත්ත්වයක් නේද දකින්නේ?

ඒක තමයි ප්‍රශ්නේ. ඒකම තමයි ගැටලුව මම කියන්නේ ඒකම තමයි. මම ලංකාවේ නාට්‍ය උගන්වලා තිබෙන ගෝලයන්ගෙන් 20% ක් වත් ආවොත් එල්ෆින්ස්ටන් රඟහල සතියක් නොවෙයි දවස් 10ක් පුරවන්න පුළුවන්. අපේ පරම්පරාවේ 90 දශකයේ මිනිස්සු ටිකක් තවමත් වැඩ කරනවා. අනෙක් පරම්පරාවලට සාපේක්‍ෂව අපේ පරම්පරාවේ මිනිස්සු ටිකක් තවමත් වැඩ කරනවා. සමහරු රැල්ලට හසුවෙලා. සමහරු යාවත්කාලීන වෙලා නෑ. සමහරු තවමත් ගෝත්‍රික යුගයේ ඉන්නේ. මම ඇතුළු 90 දශකයේ මිනිස්සු මේ වනකොට ගත කරන්නේ නාට්‍ය කලාවේ තුන්වැනි දශකයයි. අපි ආපහු හැරිලා බලනකොට අපිට මොනවාද ලැබිලා තිබෙන්නේ? මොකුත් නෑ. ඇත්තටම තිබෙන්නේ කලකීරීමක් විතරමයි. මම කියන්නේ මේක නාට්‍යකරුවන්ගේ පමණක් වැරැද්දක් නොවෙයි. මේ පද්ධතිය ඇතුළෙත් ගැටලුවක් තිබෙනවා. කවුරුහරි විකාරරූපී තත්ත්වයට පත්වෙලා නම් ඒක මේ සමාජයේ තිබෙන තත්ත්වයට පත්වූ දෙයක් මිසක් ඔවුන්ට කළ හැකි දෙයක් නෑ.

 සමහර නාට්‍යකරුවෝ ඉන්නවා අදටත් මොකුත් රස්සාවක් කරන්නේ නෑ. හැබැයි ඔවුන් අන්ත අසරණව පීඩනයෙන් ඉන්නේ. 90 දශකයේ සමහර නාට්‍යකරුවෝ ඉන්නවා. මේ දුපතෙන් එළියට ගිහිල්ලා නෑ. අවුරුදු 30 ක් ගිහිල්ලත් සමහර නාට්‍යකරුවෝ මීට අවුරුදු 30 කට පෙර ලියූ පිටපත් නාට්‍ය හොඳයි කියන තැන ඉන්නේ. ඒ ගොල්ලෝ යාවත්කාලීන වෙලා නෑ. ඒ අය ලෝකය දැකලා නෑ. ඒක හරි අවාසනාවක් කියලයි මම විශ්වාස කරන්නේ. ඒක  නාට්‍යකරුවන්ගේම වැරැද්දක් කියලා මම විශ්වාස කරන්නේ නෑ. 

 

 ඒ නම්කළා කියලා මොනවාද අමුතුවෙන් නැති වෙන්නේ සංවිධායකයන්ට. හැබැයි අපි ඊට වඩා අඩියක් වෙනස්. අපේ උළෙලේ පළමු දවස වෙන් කරන්නේ මේ අභිනන්දනය කරන නාට්‍ය කරුවා වෙනුවෙන්. අපි ඒ නාට්‍යකරුවා ලෝකයට හඳුන්වා දෙනවා. මම අහන්නේ හොඳ නැද්ද ආචාර්ය ජයලත් මනෝරත්න ගැන ඕස්ටේ්‍රලියාවේ, ඇමරිකාවේ, රුමේනියාවේ නාට්‍යකරුවන් දැන ගන්න එක. ඕක තමයි පෙරළා මම මගේ යුතුකම් කියලා විශ්වාස කරන්නේ. මට කලින් මේ සඳහා වැඩ කරපු මිනිසුන්ට මට ගෞරව කරන්න පුළුවන් වෙන එක තමයි මට පෙරළා කළ හැක්කේ. 

● ඔබ ඒ දේ කළත් අද ඔබේ පරම්පරාවේ හා පසු පරම්පාරාවේ අපගේ මේ මානුෂීය ගුණාංගය දකින්නේ නැහැ නේද? අලුත් පරපුර අයාලේ යන තත්ත්වයක් නේද දකින්නේ?

ඒක තමයි ප්‍රශ්නේ. ඒකම තමයි ගැටලුව මම කියන්නේ ඒකම තමයි. මම ලංකාවේ නාට්‍ය උගන්වලා තිබෙන ගෝලයන්ගෙන් 20% ක් වත් ආවොත් එල්ෆින්ස්ටන් රඟහල සතියක් නොවෙයි දවස් 10ක් පුරවන්න පුළුවන්. අපේ පරම්පරාවේ 90 දශකයේ මිනිස්සු ටිකක් තවමත් වැඩ කරනවා. අනෙක් පරම්පරාවලට සාපේක්‍ෂව අපේ පරම්පරාවේ මිනිස්සු ටිකක් තවමත් වැඩ කරනවා. සමහරු රැල්ලට හසුවෙලා. සමහරු යාවත්කාලීන වෙලා නෑ. සමහරු තවමත් ගෝත්‍රික යුගයේ ඉන්නේ. මම ඇතුළු 90 දශකයේ මිනිස්සු මේ වනකොට ගත කරන්නේ නාට්‍ය කලාවේ තුන්වැනි දශකයයි. අපි ආපහු හැරිලා බලනකොට අපිට මොනවාද ලැබිලා තිබෙන්නේ? මොකුත් නෑ. ඇත්තටම තිබෙන්නේ කලකීරීමක් විතරමයි. මම කියන්නේ මේක නාට්‍යකරුවන්ගේ පමණක් වැරැද්දක් නොවෙයි. මේ පද්ධතිය ඇතුළෙත් ගැටලුවක් තිබෙනවා.  මේ අවුරුද්දේ මගේ තේමාව තමයි ‘එක දවසක් එන්න. ඔබේ ආදරය දෙන්න. නාට්‍ය කලාවට ඇති ආදරය ලෝකයට කියා දෙන්න’ කියලයි. දැන් මටත් ඇති හැමෝටම බැණ බැණ ඉඳලා. ඒ අය වෙනස් වෙන්නෙත් නෑ. මම වෙනස් වෙන්නෙත් නැත්නම් මට සිද්ධ වෙනවා වෙනස් වෙන්න පටන් ගන්න. 

● ඔබ අමාරුවෙන් දුෂ්කරතා මැද අවුරුදු 7ක් තිස්සේ මේ නාට්‍ය උළෙල පැවැත්වූවා. ඔබ සිතනවාද එයින් යම් ප්‍රතිඵලයක් අත්වුණ කියලා. ඔබේ වැඬේ සාර්ථකද?

අනිවාර්යෙන්ම මොනතරම් විශිෂ්ට ප්‍රතිඵලයක්ද ලැබී තිබෙන්නේ. අවුරුදු 7 ආපසු හැරී බැලුවොත් අපට ජාත්‍යන්තර නාට්‍ය අයැදුම්පත්  1000ක් විතර ඇවිත් තිබෙනවා. ලංකාවේ නාට්‍ය කලාව ගැන උනන්දුවක් තිබෙන කණ්ඩායම් 1000ක් විතර රටවල් 70 නාට්‍යකරුවෝ තමයි මේ අයැදුම්පත් එවලා තිබෙන්නේ. ගතවූ අවුරුදු 7 ඇතුළත විදේශීය නාට්‍යකරුවෝ 300කට වැඩි ප්‍රමාණයක් මේ රටට ඇවිත් තිබෙනවා. ඔවුන් ලංකාවේ නාට්‍යකරුවන් හමුවෙලා දැනුම බෙදාගෙන තිබෙනවා. රටේ සුන්දරත්වය දැකලා තිබෙනවා. නාට්‍ය වැඩමුළු 100 ගණනක් පවත්වලා තිබෙනවා. එයින් ඉගෙන ගත්ත තරුණ ප්‍රජාවක් අපේ රටේ ඉන්නවා. තරුණ අයගේ නාට්‍ය බැලුවිටදී ඔවුන් යාවත්කාලීන වෙලා තිබෙන්නේ මොනවායින්ද කියා පේනවා. 

මම අහන්නේ මේවා අපේ බලධාරීන්ට පෙනිලා නැද්ද කියලයි. ඇමරිකාවේ නාට්‍යකරුවන් මේ මස 30 වැනිදා ලංකාවට එන්නේ. යන්නේ අගෝස්තු 15 වැනිදා. එතකොට ඔවුන් මේ රටට ඇවිත් ඩොලරයක් හරි වියදම් කරනවා. මේක තමයි මේ රටට ලැබුණු ප්‍රතිඵලය. කලම්බු ඉන්ටර්නැෂනල් කියලා ගහනකොට ගූගල් එකේ ලංකාව පෙන්වනවා. ලෝක නාට්‍ය සිතියමේ කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උළෙල කියන්නේ දැනට දකුණු ආසියාවේ තිබෙන ඉහළම ගුණාත්මකභාවය සහිත නාට්‍ය උළෙලක්. ඒක කියන්නේ මම නොවෙයි විදේශීය නාට්‍යකරුවෝ. මට මා ගැන ඍජු ස්වයං විවේචනයක් ඕනෑ වෙලාවක කියන්න පුළුවන්. මොකද මම ලෝකයේ අතිවිශාල නාට්‍ය උළෙලත් දැකලා  තිබෙනවා. ලෝකයේ ඉතාම පුංචිම නාට්‍ය උළෙලටත් සහභාගිවෙලා තිබෙනවා. ඒ හින්දා මට කියන්න පුළුවන් මගේ උළෙල තිබෙන මට්ටම කුමක්ද කියා. අපි බොහොම ප්‍රාථමික මට්ටමේ නාට්‍ය උළෙලක් නොවෙයි මේ කරන්නේ තනි මිනිහෙක් වුණාට. 

මේ අවුරුද්දේ නාට්‍ය උළෙලට පිටරටවවලින් අයැදුම්පත්‍ර 250කට වැඩි ප්‍රමාණයක් ඇවිත් තිබෙනවා. අපි ගත්තේ එයින් 8යි. 242ක්ම අපි හලලා. ඉස්සරහට මෙය තව තව වෙනස් වේවි. හැම අවුරුද්දකම අපි දේශීය නාට්‍යකරුවාට අමතරව විදේශීය නාට්‍යකරුවෙක්  ගෙන්වනවා. අවුරුදු 7 ඇතුළතදී විදේශීය පැමිණි නාට්‍යකරුවන් ගැන මම නම් කිව්වාට මේ අය දන්නේ නෑ.  මේ අයගේ නම මට කට පාඩම්. ඒ මගේ මිත්‍රයෝ හින්දා. මේ නම් ලංකාවේ අය දන්නේ නෑ. මේ පැමිණියේ නිකම්ම නිකම් වැඩකට නැති අය නොවෙයි. ගෝලීය නාට්‍ය කලාවේ ඇතුළේ ඉන්න  පතාක චරිත  මේ ආවේ. මම මොනතරම් දෙයක් කරලා තිබෙනවාද? 

ලංකාවේ නාට්‍ය කියන එකේ උපරිම අර්ථය තිබුණේ රාජ්‍ය නාට්‍ය උළෙලේ. දැන් නාට්‍ය කියන එකේ උපරිම අර්ථය’ කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උළෙලයි’ ඒ තත්ත්වයට වෙනස් වෙලා. ඔබගේ ප්‍රශ්නයට උත්තරේ ඔළුව බිත්තියේ හප්පන්න තරම් ඕනේ කවුරුහරි කියනවානම් මේකෙන් වැඩක් වෙලා නෑ කියනවා නම් පෙරළා මට කිසි දෙයක් මේ රටෙන් ලැබෙන එකක් නෑ. මට කුහකයෙක් වෙන්න බැහැ. මේ උළෙල දැන් කෙරෙනවානේ. හැබැයි ඒක කෙරෙන්නේ සද්භාවයක් සහිත බොහොම කාරුණික වූ ආයතන කිහිපයක් අප සමග සිටි හින්දයි. සංස්කෘතික අමාත්‍යාංශය, ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානය, ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානය, ඩයලොග් ආයතනය, චසජන පැ ආයතනය, නෙප්චූන් පබ්ලිකේෂන්, සඳකඩ පබ්ලිකේෂන් වගේ ගොඩක් ආයතන මේකට අයිතියි. ඒ අය නිසයි මේ උළෙල කෙරෙන්නේ. මම සිහින දකිනවා අඩුම ගණනේ ඊළඟ අවුරුද්දෙවත් මේ නාට්‍ය උළෙල කොළඹ, ගාල්ල, නුවර, අනුරාධපුරය, යාපනේවත් පෙන්වා ගන්න. ඒක කරන්න මට මුල්‍ය සාධකය ඉතා වැදගත්. හොඳ අනුග්‍රාහකයන් සමග රාජ්‍ය සහයෝගය මට ලැබෙනවා නම් මට ඒක කරන එක මහ ලොකු දෙයක් නොවෙයි. ලංකාවේ නාට්‍යකරුවන්ට වඩා එම්. සෆීර්ව දන්න ලෝක නාට්‍යකරුවෝ වැඩියි. ඒක මට තිබෙන ආඩම්බරයක්. ලොකුකම නොවෙයි. ඒ  හින්දා තමයි අදටත් මම පවතින්නේ. 


21 වැනිදා ප්‍රහාරයෙන් පසු ලංකාවේ පවත්වන ලොකුම උළෙල මෙයයි. පුදුමේ කියන්නේ රාජ්‍ය කියන එකට මෙය නොවැටහීමයි. ජනාධිපතිතුමාට ජනවාරි 26 වැනිදා යැවූ ලිපියට මේ කතා කරන මොහොත දක්වා ලියුම ලැබුණාද කියලවන් දැනුම් දීලා නෑ. අගමැතිවරයාට ඉල්ලීමක් කළා.  එය තවම ඉෂ්ට වුණේ නෑ. සංස්කෘතික ඇමැති හමුවෙන්න ලියුම දුන්නේ ජනවාරි 26 අදටත් අපට උත්තරයක් නෑ. සංචාරක ඇමැති හමුවෙන්න ලියුම දුන්නේ ජනවාරි 26 අදටත් උත්තරයක් නෑ. සංචාරක අමාත්‍යාංශයට අපි යවන ලියුම්වලට මොනවද  වෙන්නේ කියලත් දන්නේ නෑ. අපට උදව් කරන්න ලංකාවේ ආයතන 280කට ලියුම් යැව්වා. විශ්වාස කරන්න කම්පැණි 3යි එව්වේ, අපට උදව් කරන්න බැහැ කියලා. අවම වශයෙන් එහෙම බැහැ කියන අයවත් නෑ. ඉතිං ඒක හරි ජොලි. මේ තමයි අපේ සතතාභ්‍යාසය. මම පරාද නොවන්නේ මේ තිබෙන අඩපණ කිරීමටයි.  

සංවාද සටහන - සමන්ත යහම්පත්

yahampath2009@gmail.com