බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ආගමන පරිශ්‍රයේ වියට්නාම් ජාතික කාන්තාවක් හඬමින් සිටියාය. වියට්නාම භාෂාව හැර වෙනත් භාෂාවක් නොදන්නා ඇයට උදව් කිරීමට හැකි කිසිවෙක් නො විය. ඇය වියට්නාම් ජාතික කාන්තාවක් බව හඳුනාගත හැකි වූයේද ඇයගේ ගමන් බලපත්‍රය අත තිබූ බැවිනි.
ප්‍රධාන ආගමන විගමන නිලධාරි යාපා මහතාත් තවත් නිලධාරියකුත් දන්නා තරම් භාෂාවලින් කථා කළද පලක් නො විය. ඇයට ඒ කිසිවක් නොවැටහිණ. අවසානයේ එක් විසඳුමක් ලැබුණි. ඒ ඇය සතුව තිබූ ජංගම දුරකථනයයි.
ශ්‍රී ලාංකික නිලධාරියා දුරකථනයේ ගුගල් ට්‍රාන්සලේටර් හරහා වියට් භාෂාවට පරිවර්තනය කර කළ යුතු දේ පෙන්වූයේය. ඇයද වහා ක්‍රියාත්මක වී ඇයට අවශ්‍ය දේ වියට් භාෂාවෙන් ලියා එය ඉංග්‍රිසියට පරිවර්තනය කර පෙන්විමට සමත් වූවාය.
ඒඅනුව දින දෙකක් කෑමක් නැතිව වතුර පමණක් පානය කරමින් සිටින බවත් මිළඟ ගුවන් යානයෙන් වියට්නාමයට යාමට ක්‍රියා පිළිවෙළ නො දන්නා බවත් උදව් කරන ලෙසත් ඇය ඉල්ලා සිටියාය.
ඇයට කෑමට යමක් සපයා දීමට ප්‍රධාන ආගමන විගමන නිලධාරි මහතා වහාම ක්‍රියා කළ අතර අදාළ ගුවන් සමාගම් වලටද කථාකර සියල්ල විසඳීමට හා ගූගල් පරිවර්තකය මඟින් සියලු ක්‍රමවේදයන් ඇයට දැන්විමටත් ශ්‍රී ලංකා නිලධාරීන්ට හැකිවිය.
එය අහඹු හුදකලා සිදුවිමක්වුවත් අවසානයේ ඇය ශ්‍රී ලාංකිය නිලධාරීන්ට ස්තුති කරමින්
සිය දුරකතනයේ සටහනක් තැබුවාය. වියට්නාම් බසින් තැබු සටහන ඉංග්‍රිසියට පර්වර්තනය වූ ආකාරය මෙසේ විය.
"Thank you. Finally god led me to the humans."
‘‘ ඔබට ස්තුතියි, දෙවියන් අවසානයේදී මා මිනිසුන් අතරට යැව්වා‘‘ යයි එයින් කියැවිණි.

COMMENTS
මෙන්න මේවගේ දේවල් වලට තමා තාක්ෂනය යොදා ගන්න ඕනි,
එකෙන් පෙනෙන්නේ ලංකාවේ මිනිස්සුන්ගේ නොසැලකිලිමත්කම. නැතිනම් පර්යන්තයට එන විජාතිකකයෙක් රස්තියාදු වෙන්නේ කොහොමද ? දවස් දෙකක් එකතැන ඉන්නකොට එයාගේන් ඇහුවේ නැත්තේ මොකද වෙලා තියේන්නේ කියලා නිලදාරීන් මොකද කරන්නේ?
ගුගල් වොයිස් සර්ච්, ගුගල් මැප් සහ ගුගල් ට්‍රාන්සලේටර් වල වැදගත්කම අපේ හොදට තේරුම් ගියොත් යාතන් ඇති ,එහෙත් අපේ කට්ටිය ස්මාර්ට් ෆොනේ බවිතා කරන්නේ වෙන දෙවල්වලටයි.
බණ්ඩාර මහත්මයා,මම ඔයත් එක්ක 100% එකග වෙනවා නමුත් අපේ ඉහල නිලතල දරන මහත්වරු ඒ දේවල් පාවිච්චි කරන්නේ ගුගල් වොයිස් සර්ච්, ගුගල් මැප් සහ ගුගල් ට්‍රාන්සලේටර් වල වෙන වෙන දේවල් වලටටනේ එකනේ වෙලා තියෙන්නේ. සමහරු ලග ලොකු ෆෝන් තියනවා අනුන්ට පෙන්න නමුත් ඒක පාවිච්චි කරන හැටි දන්නේ නැහැ,,.
කොහොමද? ගෝඩ්ගේ තාක්ෂණය නිසා යන්තම් ගොඩගියා.
දවස් දෙකක් වෙනකං කාගේත් අවධානයට යොමු නොවීම තුළින් පැහැදිලි වෙන්නේ ගුවන් තොටුපලේ ඇති අනාරක්ෂිත බව.
දින දෙකක් ගුවන් තොටේ රැඳී සිටින විදේශික කාන්තාවක් අපගේ ගුවන් තොටුපලේ ආරක්ෂක අංශ වලට නොදැනීම සහ ඇසනොගැටීම ඉතා කණගාටුදායකයි... සහ අනතුරුදායකයි.
අප රටේ කිසිවෙකුත් අතරමන් වන්නේ නැහැ අපි එසේ පතමු ,10වසරක් කටුනායක ගුවන් තොටේ වැඩ කලා එකල සබාපති අර්ටිගල සහ ජෙනරාල් රණතුංග ගුවන් හමුදාවේ මහත්වරු අපි බොහොම විනීතව කඩිසරව අපේ රාජකාරිය කලා ගුවන් ධාවන පථය , ගුවන් පාලක මැදිරි ගොඩනැගිල්ල ඉංජිනේරු අංශයේ වැඩ කලා කිසිම විටෙක අතපසු වීම් බැහැ, දැඩි පාලනයක් තිබුනත් අද එහි වටිනාකම තේරෙනවා ගෙදර යන දවසට
අපරාදේ අර ප්‍රධාන ආගමන, විගමන නිලධාරිතුමයි, අනික් නිලධාරියයි මහන්සිවෙලා තමයි ෂට් භාෂා පරමේෂ්වර විභාගේ ගත්තේ...
දවස් දෙකක් තිස්සේ මේ නිලධාරින් මොනවා කළාද.. කෑමක් නැතුව වතුර ටිකක් නැතුව මේ වියට්නාම් ජාතික කාන්තාව අපේ ගුවන්තොටුපලේ නිලධාරින්ගේ අැස ගැටෙන්නේ නැතුව ඉඳීම පිළිබඳව පරීක්ෂණයක් පවත්වන්න. ගූගල් ට්‍රාන්ස්ලේට් කියන්නේ අපි කවුරුත් දන්නා භාෂා පරිවර්තක ඇප් එකක්... ඉතින් ඒක විශේෂයෙන් මේ ගුවන් තොටුපොළවල ඉන්න නිලධාරීන් දැනගෙන සිටිය යුතුමයි. දවස් දෙකක් ගතවීම මහා විහිළුවක් ඇයට උදව්වීමට ගතවීම. පැසෙන්ජර්ස්ලා ගැන මීට වඩා සැලකිලිමත් වීම රටක් හැටියට මේ සිද්දිය පාඩමක් හැටියට ගත යුතුය. හැමෝම ස්මාර්ට් ෆෝන් පාවිච්චි කරාට එ්කෙන් ස්මාර්ට් විදියට වැඩ ගන්න ගොඩක් දෙනෙක් දන්නේ නෑ.
මෙයා වියට්නාමයේ ඉඳල කටුනායක ගුවන්තොටුපොළ බලන්ට ඇවිත්ද...නැත්නම් ලංකාවේ ඇවිදපු කෙනෙක්නම් කොහොමද දන්නේ නැහැ බාසාව නොදැන ඒවා කරගත්තේ...කියපුගමන් කොහොමද ගුවන්යානයකට පටවල ඇරියේ...විමසා බැලිය යුතු දෙයක්...
අදාළ වියට්නාම් ජාතික මැය පැමිණ තිබෙන්නේ සෞදි අරාබියේ සිට ඩුබායි, ශ්‍රී ලංකාව, මැලේසියා හරහා වියට්නාමයට යාමටයි. ඇය සෞදියේ ගෘහ සේවිකාවක්. ඇයට එහිදී ඇතිවූ යම් ප්‍රශ්ණයක් මත නැවත සිය රටට යාමට පැමිණි ගමනේ එක් ට්‍රාන්සිට් පොයින්ට් එකක් තමයි කටුනායක... ඇයට කටුනායක සිට මැලේසියාවට ගුවන් යානය තිබී ඇත්තේ මෙරටට ගොඩ බැස පැය දෙකකින් වගේ. ඇය ඩුබායි සිට පැමිණ ඇත්තේ එමිරේට්ස් සමාගමට අයත් යානයකින්. කෙසේ හෝ ඒ පැය දෙකක කාළය තුළ ඇයට මැලේසියාවට යාමට නියමිතව තිබූ ගුවන් යානය මගහැරී තිබෙනවා. පසුව තමයි ඇය හඬමින් සිටිනාවිට අදාල නිළධාරීන් ඇයගේ ප්‍රශ්නයට විසඳුමක් දී ඇත්තේ. එහිදී ආගමන, විගමන නිලධාරින් ඇගේ කුසගිනි නිවා ගුවන් සමාගමට ඇයව බාර දී තිබෙනවා. ඇයට වියට්නාමයට යාමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම සඳහා. අදාල ගුවන් සමාගමේ නිලධාරිනුත් මේ ගැටලුවට ඉතා ඕනෑකමින් විසඳුම් ලබාදීමට ඉදිරිපත් වී තිබෙනවා. (කොහොමටත් එය ඔවුන්ගේ වගකීම). ඇය දින දෙකක් ලංකාවේ එයාර්පෝට් එකේ සිටි බවක් සිතන්න එපා. ඇය ලංකාවට එන ගමන දින දෙකක් තිස්සේ සිදුවෙලා. සෞදි අරාබියේ ආගමන විගමන ගැටළු තියෙන්න ඇති. ඒ නිසා ඇයට ලංකාවට එන ගමන සඳහා දින දෙකක් ගතවෙන්න ඇති...
ගුණසේකර මහත්මයා හරියටම කතාව කිව්වා. හැමෝම හදන්නේ මේ වගේ දෙයක් අපේ නිලධාරීන් පිටින් යවා දොස් කියන්න. ඒක වැරදියි. හරියට කාරණා නිරීක්ෂණය කරලා ප්‍රකාශ නිකුත් කරන්න. ආගමන නිලධාරින්ගේ ක්‍රියාව අගය කරමි.
කවුරු මේ දිහා මොන විදියෙන් බැලුවත් තැනට ගැලපෙන නුවණ පාවිච්චි කරන තැනට අවශ්‍ය තාක්ෂනික ක්‍රමවේද හොයන මොන යම් ක්‍රමයකට හො උදව්වක් කරලා ප්‍රශ්නය නිරාකරණය කරන රාජකාරියක්ම කියල නොහිත බොක්කෙන්ම කල යුතු දේ කරන උතුම් මිනිස්සු අපි අතර ඉන්නවා කියන එක අමතක කරන්න නරකයි.