IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


ඉගෙන ගන්න කි.මී. 16ක් පයින් යන දරුවෝ

(*** බළංගොඩ - වයි.ඒ.එස්. වීරවංශ)

සබරගමුව පළාතේ පිහිටි උසම ගම්මාන ලෙස සැලකෙන නන්පේරියල් වතු ආශ්‍රිත පිහිටි නැග්රැග්, පුදුකාටුව සහ උග්ගල්දූව ප්‍රදේශ වල සිටින දරුවන් තම අධ්‍යාපන කටයුතු සඳහා විවේගානන්ද පාසලට කිලෝමීටර් 16ක් පමණ පා ගමනින් යා යුතු බව ප්‍රදේශවාසීහු පැවසූහ.

නන්පේරියල් වතු ආශ්‍රිතව පිහිටි නැග්රැග් ගම්මානයේ සිට පාසලට කිලෝමීටර් 16කට ආසන්න දුරක් ඇත. පුදුකාටුවට පාසලේ සිට ඇති දුර ප්‍රමාණය කිලෝ මීටර් 12කි. පාසලට කිලෝමීටර් 8කට ආසන්න දුරකින් පිහිටා ඇත්තේ උග්ගල්දූව ගම්මානයයි.

මෙම ගම්මානවල ජීවත් වන වතු ජනතාවට යම්කිසි අසනීප තත්ත්වයක් ඇතිවුවහොත් වතු ඩිස්පැන්සරියක් නැග්රැග් ගම්මානයේ කෙළවරක පිහිටා ඇත.

මොවුනගේ ජීවිනෝපාය රැඳී ඇත්තේ තේ දළු කර්මාන්තය මතය.

ඔවුනට මාසයකට වතාවක් තම අවශ්‍ය බඩු භාණ්ඩ ලබාගැනීමට බළංගොඩ නගරයට පැමිණීමට සිදුවේ.

බළංගොඩ සිට ධාවනය වන බස් රථය දවසකට දෙවතාවක් ධාවනය වීමට නියමිතව තිබුණ ද දෙවතාවක් හෝ ධාවනය කරගැනීමට බස්රථයේ අබලන් තත්ත්වය බාධාවක් වී ඇත.

එම බස්රථය ද බළංගොඩ සිට ධාවනය වනුයේ නන්පේරියල් ගම්මානය ආරම්භ වන ස්ථානයට පමණි. එතැන් සිට ගම්මානවලට මෙම ජනතාව කිලෝමීටර් ගණනාවක් පා ගමනින් යාමට සිදුවේ.

නන්පේරියල් සිට ගම්මාන වලට යා හැකි අන්දමින් මාර්ගය සකස්කොට අඩුම වශයෙන් දරුවන්ට පාසලට යන්නත් ගෙදර එන වෙලාවට බස්රථයක් ධාවනය කරවන්නේ නම් එය මහත් උපකාරයක් බව වතු ජනතාව පැවසූහ.

ලෝකාන්තය නැරඹීමට එන සංචාරකයන් එහි සිට පහළ බලන විට පෙ​ෙනනුයේ මෙම ගම්මානයන්ය. ලෝකාන්තය නරඹමින් සිටියදී වැරදීමකින් හෝ පහළට වැටුණහොත් ඔවුන් පූදුකාටුව නැමැති වතු ගම්මානයට ඇදවැටෙනු ඇත.

මෙහි ජීවත්වන පිරිස තේ දළු කැඩීමට අමතරව එළවළු වගාවන් කුඩාවට කරගෙන යන බව දැක ගන්නට ලැබිණි. මෙම ගමට ඇති විශාලම සම්පත වන ත්‍රිරෝද රථ දෙක තුන එළවළු වගාවේ අස්වැන්න ලබාගෙන බළංගොඩ බෙලිහුල්ඔයට ගොස් අලෙවි කෙරේ.

සබරගමුවේ උසම ගම්මාන ලෙස ද සැලකෙන ලෝකාන්තය කඳුපාමුල පිහිටි මෙම ගම්මාන මුහුදු මට්ටමේ සිට අඩි 5000කට වඩා උසින් යුක්තවන අතර මෙම ගම්මානවල ජීවත්වනුයේ වතුකම්කරු ජනතාවයි.

විධිමත් පහසුකම් නොමැති නිසා පාසල් නොයන හා උසස් අධ්‍යාපනය හැර යන දරුවන් පිරිසක් බළංගොඩ නන්පේරියල් වතුයාය ආශ්‍රිතව සිටිති.

අධිරාජ්‍යවාදීන් මෙරට පාලනය කළ සමයේ මෙම ගම්මානවලට ආශ්‍රිතව නන්පේරියල් වතුයාය ඉදිකර මෙම වතු යාය ආශ්‍රිතව ආරම්භ කර ඇති පාසල පිහිටා තිබෙන්නේ වතුයාය ආරම්භ වන ස්ථානයේය.

දරුවන් මෙම කිලෝ මීටර් ගණන දිනපතා පයින් යා යුතු වේ. පාසල පවත්වන්නේ 1 වසරේ සිට 9 වසර දක්වා පමණි. මෙම විවේගානන්ද පාසලේ දරුවන් 92ක් අධ්‍යාපනය ලබන බව දෙමාපියෝ ප්‍රකාශ කරති.

නවය වසරෙන් පසුව වැඩිදුර අධ්‍යාපනය හැදෑරීමට නම් ඔවුන් කිලෝ මීටර් 35ක් පමණ දුර ගෙවා බළංගොඩ නගරයට පැමිණිය යුතු වේ. ඒ අනුව යාමට ඒමට කිලෝමීටර් 70ක දුරකි. එම නිසා දරුවන් උසස් අධ්‍යාපනය හැර යන බව ප්‍රදේශවාසීහු ප්‍රකාශ කරති.


මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ උග්ගල්දූව පදිංචි වී. මාරිඅම්මා මහත්මිය (35)
මට දරුවන් තිදෙනෙක් සිටිනවා. දෙදෙනෙක් පාසල් යනවා. උදේ 5.00ට විතර තමයි දරුවන් පාසල් යන්න පටන්ගන්නේ පාසලට යනවිට උදේ අට විතර වෙනවා ඉතින් දරුවො කියනවා හැමදාම වේවැල් පාර කන්න වෙනවලු පරක්කු වෙලා යන නිසා. ආපසු ගෙදර එනවිට සවස 4.00 5.00 වෙනවා.

 

 

පුදුකාටුව පදිංචි ආර්. ක්‍රිෂ්ණ මූර්ති මහතා (42)
මේ පාරවල් වල වාහනයකින් තියා පයින් වත් යන්න බැහැ පාර හොඳට තියෙනවා නම් අපේ වාහනයකින් හරි දරුවෝ පාසලට එක්කරගෙන යන්න පුළුවනි. ඡන්දෙ කාලෙට නම් ඇවිත් පොරොන්දු දෙනවා දිනුවම ඒ මොකවත් නැහැ. බළංගොඩ නගරයේ සිට ලංගම බස් රථයක් එනවා. ඒක එන්නෙත් පාසල ළඟට විතරයි බස් එකත් එන්නේ ඉඳහිට. බළංගොඩ පැත්තේ සිට දරුවො මේ පාසලට එන්නෙ නැහැ.

 

එල්. පච්චමුත්තු මහතා (65)
පාසල දුරින් තිබෙන නිසා හුඟාක් දරුවෝ පාසල් යන්නෙ නැහැ. යන අයත් සතියකට දවසයි දෙකයි යන්නේ. අනෙක නවය වසරෙන් පසුව දරුවන්ට යන්න පාසලක් නැහැ. බළංගොඩ නගරයේ පාසලට ගිහින් එන්න කිලෝ මීටර් 70ක් පමණ දුර යන්න වෙලා තිබෙනවා. යමක් කමක් තියෙන අය උසස් අධ්‍යාපනයට දරුවො බළංගොඩ නගරයට යවනවා. අපි වතු කම්කරු ජනතාව එදිනෙදා ලැබෙන පඩියෙන් තමයි ජීවත් වෙන්නේ.

 

 

මුනියන් නල්ලතම්බි මහතා (72)
නැග්රැග් වල සිටින දරුවන්ට පාසලේ නේවාසිකාගාරයක් තිබෙනවා. අපේ දරුවන්ට ඒක නැහැ. නේවාසිකාගාරයේ සිටියොත් විශාල මුදලක් ගෙවන්න ඕනි. වතුකම්කරුවන් හැටියට අපට කොහෙන්ද එතරම් මුදලක්. ඒ නිසා අදාළ බලධාරින් මේ පිළිබඳව සොයා බලා මාර්ග ටික හදලා දෙනවනම් ලොකු දෙයක්. එතකොට බස් රථයක් දිනපතා ධාවනය වේවි.

 

 



අදහස් (4)

ඉගෙන ගන්න කි.මී. 16ක් පයින් යන දරුවෝ

Helaya Wednesday, 23 September 2020 11:18 AM

මේක දැක්ක ගමන් ජනාධිපතිතුමා හමුදාව දාලා පාර හදයි. දින 90න් බස් එකකුත් දමයි.

:       2       6

janahitha Wednesday, 23 September 2020 12:20 PM

ඔව්, පුළුවන්... ඇයි බැරි..? අවශ්‍ය ශ්‍රම සම්පත්, උපකරණ ඉංජිනේරු රෙජිමේන්තුව පමණි... මේ ගැන දැනුම් දුන්නොත් කෙරෙනවාමයි.

:       0       7

asanka Wednesday, 23 September 2020 02:19 PM

මෙතරම් දුර පයින් පාසැල වෙත පැමිණෙන දරුවන්ට වේවැලින් තලන ගුරුවරුන් සිටිනවද? මෙවැනි ප්‍රදේශවල ජීවත්වෙන පවුල් නගරය අාසන්න ස්ථානයක පදිංචි කරවීම ප්‍රායෝගික දෙයක් නොවේ.. එසේ කළහොත් දෙමව්පියන්ට වත්තේ දළු කඩා ජීවිකාව කළ නොහැකියි. දැනට කළයුතු දේ නම් මේ ගමට, වාහනයකට ගමන් කළහැකි මාර්ගයක් සාදාදීමයි. ගමනාගමනය පහසු වුවහොත් පසු කලෙක මෙවැනි ගම්වල පාසලක් පිහිටුවිය හැකිය.

:       0       8

kamal Thursday, 24 September 2020 03:47 AM

දුක් විඳින්නෝ දෙවියන් සමගය, සැප විඳින්නෝ දේශපාලුවන් සමගය.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 222 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 725 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 140 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site