රටක දියුණුවට සොබාදහම ජයගත යුතුය. මෙය සැමගේ පිළිගැනීමයි. එය එසේ වුවත් හිතුවක්කාර ලෙස සොබාදහම ජයගැනීමට ක්‍රියා කළහොත් ඇතිවන විනාශය දෙවියන්ටවත් නතර කළ නොහැකිය.
එයට විධිමත් කළමනාකරණයක් අවශ්‍ය වන්නේ ඒ නිසාය. වත්මන් ලෝකයේ ස්වාභාවික විපත් වැඩි වී ඇත්තේ මිනිසා විසින් නොහික්මුණ ආකාරයෙන් අවිචාරවත් ලෙස සොබාදහම ජය ගැනීමට යාමෙනි. ශ්‍රී ලංකාවේ වෙසෙන අපට ද එය එසේමය. අප රට සම්බන්ධයෙන් අසන්නට දකින්නට ලැබෙන්නේ එවැනි කනගාටුදායක සිද්ධිය. ඉන් අවදානම් තත්ත්වයක් උද්ගතව ඇත්තේ කැලෑ කැපීමේ අමානුෂික ක්‍රියාවයි.
අපට ජලය, ඔක්සිජන් ලබාදෙන්නේ වනගහනයෙනි. 50, 60 දශක දෙකේදී මෙරට සැලකිය යුතු වනගහනයක් තිබුණද අද වන විට එය 28% දක්වා පහළට වැටී ඇත. ඇතැම් සමීක්ෂණ වාර්තා පෙන්වා දෙන පරිදි මේ ප්‍රමාණය 28%ටත් අඩුය. එය එසේනම් එය ජාතියේ අවාසනාවකි.
උපදින්නට සිටින අනාගත පරම්පරාවට අභියෝගයකි. වගකිවයුත්තන්, දේශපාලනඥයන් ඇතුළු බලධාරීන් ක්‍රියා කළ යුත්තේ අද පමණක් නොව නූපන් පරම්පරාවේත් සුබ සිද්ධිය උදෙසාය. අද එවැන්නක ඡායා මාත්‍රයක්වත් පෙනෙන්නට නැත. අද එවැනි අය බොහෝ දෙනකු තම මඩිය තර කර ගැනීමට වෙහෙෙසන ආත්මාර්ථකාමී අධමයන් බවට පත්වීම ඛේදජනකය. අද වනවිට සිංහරාජය, විල්පත්තුව වැනි වනාන්තර පවා විනාශ කරන නරුමයෝ සිටිති. ඒ අයට ජාතිමාමක හැඟීමක් නැත. මේ සම්බන්ධයෙන් බලධාරීන් මුනිවත රැකීම ද පුදුම සහගතය.
මේ වනවිට මෙරට විදුලි අර්බුදයක් පවතී. එයට හේතු වී ඇත්තේ ද ජලය හිඟකමයි. දැනටමත් ජල විදුලි බලාගාර සිඳී ගොසිනි. බලාගාර ආශ්‍රිත රක්ෂිතවලට ගිනි තියන අමනුස්සයෝ ද සිටිති. සතා සිවුපාවා දඩයම් කරගෙන යක්ෂයන් සේ මස් අනුභව කිරීම එම මස්වැද්දන්ගේ අරමුණයි. ඔවුන් මස් අනුභවයට කරන ක්‍රියාවෙන් අපට නැති වන්නේ ජලයයි. සොබාදහමට එරෙහිවන්නන්ට සොබාදහමෙන්ම දඬුවම් ලැබීම ශක්‍රයාටවත් නතර කළ නොහැකිය. මේ අමනුස්සකම් කරන අය, කැලෑ කපන පිරිස් මේ බව වටහා ගත්තොත් එය අද නොව මතු පරපුරේ ද වාසනාවකි.
අපේ මාතෘ භූමියේ සංවර්ධනයට කිසිවකුත් අකැමැති නැත. ඒත් සංවර්ධනයේ නාමයෙන් රටේ ස්වාභාවික සම්පත් විනාශ වන්නේ නම් ඇස්, කන් ඇති කිසිවකුට නිහඬවිය නොහැකිය. මෙරට සිදු වූ සිදුවෙමින් පවතින ඇතැම් සංවර්ධන යෝජනාක්‍රමවලින් පරිසර හානි සිදුවන බව පරිසර සංවිධානවලින් පෙන්වා දී තිබේ. මාධ්‍ය මගින් ද සාධක සහිතව අදාළ කරුණු හෙළි කර ඇත.
මේ කැලෑ විනාශය තවදුරටත් අඛණ්ඩව පැවැතියහොත් අපට පානීය ජලය පවා නැති විය හැකිය. මුහුදු ජලය පානය කිරීමට පවා සිදුවේදැයි බියක් අප සිත් තුළ උපදී. පසුගියදා ජනාධිපතිතුමා සඳහන් කළේද වනගහනය අඩුවීමෙන් නුදුරු අනාගතයේදීම අප රට කාන්තාරයක් විය හැකි බවයි. මෙය බරපතළ ප්‍රකාශයකි. මේ වන විනාශය වැළැක්වීමට සැලසුම් සහගත තිරසාර වැඩපිළිවෙළක අවශ්‍යතාව ඇති බව ඉන් මොනවට පැහැදිලි වෙයි.
ජනාධිපතිතුමාගේ අවබෝධය ගැන ජාතියක් වශයෙන් අප සතුටු විය යුතුය. එහෙත් සෙසු නිලධාරීන්, වගකිවයුතු සෙසු අයගේ සහයෝගය නොමැතිව මේ විපතින් මිදිය නොහැකිය.
සුන්දර වනපියස විනාශ කරමින් කර්මාන්ත ඉදිවන්නේ නම්, සංචාරක හෝටල් බිහිවන්නේ නම් හෝ වෙනත් පොදු ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ නම් එය සැබෑ සංවර්ධනයක් විය හැකිද? අද අපට අවශ්‍ය වන්නේ ‘‘සමතුලිත’’ සංවර්ධනයකි. හරිත සංවර්ධන ව්‍යාපෘති වැඩි වැඩියෙන් රටට අවශ්‍යව තිබේ. රජයේ එම සංකල්පය අගය කළ යුතුය.
“වළක වැටීම මොළයට ලාභයක්” යැයි කියවුණ ද අපේ බොහෝ දේශපාලනඥයන්ට එය වලංගු නොවන සෙයකි. හැට නව ලක්ෂයක ජනතාවකගේ වරමින් අනුහස් සහිත විධායක ජනාධිපති පුටුවේ වා
අප රටේ ඇතැම් සිදුවීම් දෙස බලන විට මේ රට තව වසර කීයක් පවතී දැයි සැක සිතෙන තරම්ය. ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ එම ව්‍යාපෘතියෙහි ඇත්ත අරමුණ හා මුඛ්‍ය
අපේ රටේ ආදායම සහ වියදම ගළපාගැනීම හැමදාමත් බරපතළ ගැටලුවකි. රට ආර්ථික වශයෙන් දරුණු අර්බුදයකට මුහුණදීමේ ප්‍රධානම හේතුවක් වූයේද එකී අය-වැය පරතරය පියවා ගැ
දියතලාව නරියාකන්ද (ෆොක්ස්හීල්) මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරගයක් අතරමැද දී සිදුවූ අනතුරකින් තරගය නරඹමින් සිටි පුද්ගලයන් හත් දෙනකු මරුමුවට පත්වී තවත්
ඉදිරි මාස 6ක කාලය ඇතුළතදී මේ රටේ ජාතික මැතිවරණයක් පැවැත්වීමට නියමිතය. ව්‍යවස්ථානුකූලව මීළඟ ජනාධිපතිවරණය ලබන සැප්තැම්බර් මැද සහ ඔක්තෝබර් මැද කාලය ඇතු
මෙරටින් බිහි වූ විශිෂ්ට ලංකා පුත්‍රයෙක් මිහිමවට සමුදී අද නොඑන ගමන් යන්නේය. ඒ මෙරට විශාලතම රාජ්‍ය නොවන සංවිධානය බිහිකර ශ්‍රී ලාංකීය සමාජය සංවර්ධනය උදෙ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
සංවර්ධනයේ මුවාවෙන් ජාතික සම්පත් වැනසීම
kule Tuesday, 02 April 2019 07:27 AM
ජාතික අපරාද කාරයන්ට සාප කරත්, පාලි ගැහැවුවත් දෙස් ඉල්ලුවත් ඒ අපරාදකාරයෝ යහතින් වැජඹෙන කාලයක් මේක
sam Tuesday, 02 April 2019 08:59 AM
බෝක්කු වල ලගින හරක් ට නාම යෝජනා නොදෙන මට්ටමට ව්‍යවතාව , නීති සැදිය යුතුයි. සීමාවකින් එහා කඳුකර ඉඩම් වල ඉදිකිරීම් නැවැත්විය යුතුයි සහ ඉදිකළ ඉඩම් නැවත පවරාගතයුතුයි. දැනටමත් කදුකරයේ ජල උල්පත් බොහොමයක් අකර්මන්‍ය වී ඇත. හේතුව වනාන්තර එලිපෙහෙළිය නිසා ජලය පොළොවට අවශෝෂණය නොවීම හරහා ජල තලය පහළ බැසීම යි . නොබෝ කලකින් මුහුදු වතුර ලවණ ඉවත් කර කඳුකරයට පොම්ප කිරීමට සිදුවනු ඇත....
Samathasena A . Aluthgamage. Monday, 08 April 2019 02:57 AM
ඉතා වටිනා හරබර කරුණු කාරණා ඇතුලත් ලිපියක්.සත්‍ය වශයෙන්ම බොහෝ මිනිසුන් තමන්ගේ පණනල රැකදෙන ගස්කොලන් ටික වනසා දමන්නේ හිත් පිත් නොමැති මුර්ගයන් ලෙසිනි.ගහක් යට ඉපිද,ගහක් යට බුදුවී,ගහක් යට පිරිනිවී ගස් කොළන් වල අගය ආදර්ශයෙන්ම බුදුරජාණෝ ලොවට කියා දුන් සේක.එවන් උතුම් උදාර බුදුවරයෙකුගේ දහම අදහන මේ රටේ මිනිසුන් ගහකොළ කපා වැනසීම,සතා සිව්පාවා තලාගෙන කෑම තුච්ච ක්‍රියාවෙකි.රටේ නායකයන් වන සංහාරය කරන්නන්ට ජාතිය ආගම හා තරාතිරම නොබලා දැඩි දඬුවම් දිය යුතුය.ගස්කොළන් වල සිදුවෙන ප්‍රභාසංස්ලේෂණය,අහාර නිපදවීම,අපට අවශ්‍ය ඔක්ෂිජන් ලබාදී අහිතකර කාබන්ඩයොක්සයිඩ් උරා ගැනීම ආදී දේ ගැන ජනතාව වැඩමුළු මගින් දැනුවත් කිරීමට පියවර ගත යුතුය.ඉඩ ඇති සාම තැනකම ගසක් සිටිවීමටද ජනතාව උනන්දු කරවීම නැවත නැවත සිදුකල යුතුය.