IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


හතළිස් දාහකුත් අරන් හෙනහුරා මාරුවෙලා

(කාංචන කුමාර ආරියදාස)

සෙනසුරු මාරුවෙන් ජය ලැබීමට සතරවරම් දෙවියන්ට පූජාවක් පවත්වන්නට ගිය පිරිසකට හතළිස් දහසක මුදලක් අහිමි වීමේ අපූරු පුවතක් දඹුල්ලට නුදුරු ප‍්‍රදේශයකින් වාර්තා විය.

පසුගියදා ඇති වූ ග‍්‍රහ මාරුවෙන් යුවළකට අපල ඇති බව පවසා දේවාලයක් පවත්වාගෙන යන කට්ටඩියකු ලවා ශාන්ති කර්මයක් සිදුකර ගැනීමට පියවර ගෙන තිබේ.

 ඒ අනුව නිවැසියන්ගේ ආරාධනාව පරිදි ග‍්‍රහ  මාරුව පවතින අවස්ථාවේ නිවසට කැඳවාගෙන පුද පූජාවක් පවත්වා ඇත. නිවෙසට පැමිණි කට්ටඩියා කියා ඇත්තේ ප‍්‍රබල  ග‍්‍රහ මාරුවෙන් නිවැසියන් සියලූ දෙනාටම අපල ඇති බැවින් සතරවරම් දෙවියන්ට පුද පූජාවක් පැවැත්විය යුතු බවය. නිවැසියන් ඊට එකඟතාව පළකොට ඇත. ඒ නිසා සතර වරම් දේව රූප හතරක් නිවෙසේ සාලය මැද තබා පුද පූජාවක් පැවැත්වීමට කට්ටඩියා දැනුම් දී ඇත.

සතර වරම් දේව රූප ඉදිරියෙන් බුලත් කොළ මත එක දෙවියකුට රුපියල් දසදහසක මුදල් තැබිය යුතු බවත් එම මුදල් නැවත තමන් විසින් රැගෙන නොයන බවත් ඒවා නිවැසියන්ටම නැවත ලබාගැනීමට හැකි බවත් කට්ටඩියා වැසියන්ට දැනුම් දී තිබේ. කට්ටඩියා දේව කන්නලව්ව ආරම්භ කොට නිවසේ රැඳී සිටි බිරිඳට කියා ඇත්තේ අසල නිවෙසකින් හිල් පොල්කටු තුනක් රැගෙන ආ යුතු බවය.

ඇය නිවෙසින් පොල්කටු ගෙන ඒම සඳහා පිටත් වනවාත් සමග සැමියාට කියා ඇත්තේ අසල නිවෙසකින් පැසුණු නැති කෙසෙල් ගසකින් අලූ නැති කෙසෙල් කොළයක් හැකි ඉක්මනින් කපාගෙන එන ලෙසය. ඒ අනුව ඔහු ද පිහියක් ද රැගෙන නිවසින් පිටව ගොස් ඇත්තේ කෙසෙල් කොළය ගෙන ඒම සඳහා ය. සැමියාත් බිරිඳත් හිල් පොල් කටු සහ කෙසෙල් කොළ ද රැගෙන නිවසේ සාලය මැදට පැමිණෙද්දී කට්ටඩි මහතාගේ දේව කන්නලව්වේ ශබ්දයක් නොමැති නිසා විපරම් කොට බලා ඇත. විනාඩි කිහිපයක් කට්ටඩියා සෙව්වද ඔහු නිවසින් පලාගොස් ඇති බව දැනගෙන තිබේ.

සතරවරම් දෙවියන් ඉදිරියේ තැබූ රුපියල් 10000 බැගින් රුපියල් 40,000 ක මුදල තැබූ  බුලත් කොළ පමණක් ඉතිරිව මුදල් නොමැති බව නිවැසියන් පසුව දැනගෙන තිබේ. මෙම දෙදෙනා කෑකෝ ගසමින් කට්ටඩියා සොයා ගම පුරා දිව  යද්දී මේ සිද්ධිය ගම්මුන්ට  අනාවරණය වන්නට වූහ.

ගමේ වැඩිහිටි බොහෝ අයකු කීවේ ග‍්‍රහ මාරුව ඉතා සාර්ථකව සිදුව ඇති නිසා කට්ටඩියා සෙවීමෙන් ඵලක් නොවන බවත් මින් ඉදිරියට මෙවැනි මෝඩ වැඩ නොකර ගෙදර යන ලෙසත්ය. නිවැසියන්ට මුදලත් අහිමි වී ලැජ්ජාව පමණක් ඉතිරි විය.    



අදහස් (3)

හතළිස් දාහකුත් අරන් හෙනහුරා මාරුවෙලා

sam Wednesday, 01 November 2017 06:23 AM

මෝඩකම තිබෙන තුරා හැමදාම ග්‍රහ අපල තියනවා. කවදා හරි මෝඩකමින් මිදුන දාට සියලුම අපල දුරු වෙනවා .

:       0       86

THESHAN Wednesday, 01 November 2017 12:23 PM

ලංකාවේ මිනිස්සු හඳට ගියත් වැඩක් වෙන්නේ නැහැ මෙවැනි බොරු බේගල් වලට රැවටී පස්සෙන් යන නිසා. මහා ලොකුවට අපි බෞද්ධ රටක් කීවාට, බුදු දහමේ තියන දේවල් දශමයකින් වත් නොකරන රටක්. ඒ වුනාට අනෙක් ආගම් වල වැරදි නම් හොයනවා අඩු නැතුව.

:       0       52

nimmi Wednesday, 01 November 2017 01:49 PM

අනේ අපේ රටේ අනාගතය..........

:       0       10

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

අපූරු බීමෙන් මැරතන් ශූරයාට ඇබැද්දියක්
2024 අප්‍රේල් මස 25 465 0

බක්මහ උළෙලකදී මැරතන් ධාවන ශූරයකු තරගය අවසානයේ වතුර වෙනුවට පොල් තෙල් පානය කිරීම නිසා ජය සංකේතය ලබා ගැනීම පසෙක තබා රෝහල්ගත වීමට සිදු වූ පුවතක් හසලක ප්‍ර


තෑගි සාරියත් කූල් පෙට්ටියේ
2024 අප්‍රේල් මස 24 768 0

අලු‍ත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලු‍ත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත


අවුරුදු උත්සවේ ගම හරහා දිවිල්ල වැසිකිළියෙන් නවතී
2024 අප්‍රේල් මස 23 630 0

අවුරුදු උත්සව ධාවන තරගයකදී සිදු කළ විහිළුවක් පැටලී අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ගම්මු


සාදය අස්සේ බිරියයි දුවයි වාෂ්ප වෙලා
2024 අප්‍රේල් මස 22 1134 2

අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු


තහනම් ගහ බිරියට හසුවී සූර් සැමියාගේ වෙරිහිදිලා
2024 අප්‍රේල් මස 20 878 0

අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්‍


එකට කාලා බොක්ක වෙනස්වී රෙදිත් ගැලවිලා
2024 අප්‍රේල් මස 20 758 0

මිතුරුකම පෙන්වා මිතුරාගේ උපකරණයෙන් මුදල් ගරමින් සිටිය දී මිතුරාට අතේ මාට්ටුවී රෙදි ගැලවී ගිය අවස්ථාවක් පිළිබඳ පුවතක් අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1551 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site