IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


සෙල්ලම් පිස්තෝලයක් අල්ලන්න පොලිසියත් ඇවිත්

(කලවානේ - උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම) 
ත්‍රිරෝද රථයක ගමන්ගත් දරුවකු අත තිබූ සෙල්ලම් පිස්තෝලයකට බියවී පොලිසියට ගිය පුද්ගලයකු පිළිබඳව නගරබද ප්‍රදේශයකින් වාර්තා විය. 


සිද්ධිය මෙසේය. 


එම පුද්ගලයා වයසක ගැමියෙකි. ඔහු නිතර අනිත් අය සමග අඩදබරවලට යන්නේ ඉඩම් හේතුවෙනි. ඉඩම් කිහිපයක් වෙනුවෙන් ඔහු නඩු පවරා ඇති අතර ඇතැම් ඉඩම් ඔහුට අයත් ඒවාද නොවේ. දූ දරුවන් කොතෙකුත් කීවද ඔහු ඉඩම් අතහැරීමට කටයුතු කළේ ද නැත. 


දිනක් ඔහු ඔහුගේ බව කියන ඉඩමක් එළිපෙහෙළි කිරීමට යාමේදී එම ඉඩමේ සැබෑ අයිතිකරුවන් ඔහුට පහරදී එළවා දමා තිබේ. කෙසේ වෙතත් එම හබය ඉවර වුණේ ඔහු රෝහල්ගත වීමෙන් හා අනිත් අය රිමාන්ඞ් වීමෙනි. 


එම ආරවුලේ උණුසුම පවතිද්දී ඔහු නගරයට පැමිණ ඇත්තේ පත්තරයක් රැගෙන යාමටය. වර්ෂාව මැද්දේ තමන් දෙසට එල්ලවූ තුවක්කුවක් දැකීමෙන් හීන් දාඩිය දැමූු ඔහු පණ එපා කියා ආපසු හැරී දිව්වේ ත්‍රිරෝද රථයේ අංකය හා පාටද මතකයේ තබා ගෙනමය. මාර්ගයේ රාජකාරියේ යෙදුණු පොලිස් නිලධාරීන් දෙදෙනකු අසල නැවතුණ ඔහු සිද්ධිය නිලධාරීන්ට පවසා ආපසු හැරෙද්දීම එම ත්‍රිරෝද රථය  ආපසු ඈතින් එන අයුරු දැක අන්න අරක තමයි ත්‍රීවීල් එක යැයි නිලධාරීන්ට පවසා ඇත. 


ත්‍රිරෝද රථය නැවැත්වූ නිලධාරීන් රියැදුරා වෙත තුවක්කු මනාගෙන ආයුධ ගන්නවා යැයි පවසා ඇත. අන්දමන්ද වූ ත්‍රිරෝද රථ රියැදුරා සිහි එළවාගෙන කාරණය වැටහී ත්‍රිරෝද රථයේ පිටුපස රෙද්ද මෑත්කර ඇතුළත පෙන්වා ඇත. එවිට නිලධාරීන් දැක ඇත්තේ මවක් සමග සෙල්ලම් තුවක්කුවක් අතේ තබාගෙන සිටින කුඩා දරුවෙකි. සිනහව ආයාසයෙන් මැඩගත් නිලධාරීන් සිද්ධිය දෙපාර්ශ්වයටම තේරුම් කර දී ඇත. 



අදහස් (1)

සෙල්ලම් පිස්තෝලයක් අල්ලන්න පොලිසියත් ඇවිත්

Rathna Wednesday, 30 October 2019 04:34 PM

දරුවන්ට සෙල්ලම් තුවක්කු දීමෙන් දරුවාගේ ජීවිතේ අනතුරේ...

:       3       45

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

සූර්පිට ගේ මාරු වී හතරවටේට තට්ටු කරලා
2024 අප්‍රේල් මස 26 317 0

වසර ගණනාවක් තම උපන් ගෙදරට එන්නේ නැතිව පිටස්තර ප්‍රදේශයක වත්තක් බලාගෙන ජීවත් වූ තනිකඩ පුද්ගලයෙකු පසුගිය අවුරුදු සමයේ තම මිතුරෙකු ද සමග ගමට පැමිණීමට පි


අපූරු බීමෙන් මැරතන් ශූරයාට ඇබැද්දියක්
2024 අප්‍රේල් මස 25 591 0

බක්මහ උළෙලකදී මැරතන් ධාවන ශූරයකු තරගය අවසානයේ වතුර වෙනුවට පොල් තෙල් පානය කිරීම නිසා ජය සංකේතය ලබා ගැනීම පසෙක තබා රෝහල්ගත වීමට සිදු වූ පුවතක් හසලක ප්‍ර


තෑගි සාරියත් කූල් පෙට්ටියේ
2024 අප්‍රේල් මස 24 864 0

අලු‍ත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලු‍ත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත


අවුරුදු උත්සවේ ගම හරහා දිවිල්ල වැසිකිළියෙන් නවතී
2024 අප්‍රේල් මස 23 670 0

අවුරුදු උත්සව ධාවන තරගයකදී සිදු කළ විහිළුවක් පැටලී අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ගම්මු


සාදය අස්සේ බිරියයි දුවයි වාෂ්ප වෙලා
2024 අප්‍රේල් මස 22 1151 2

අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු


තහනම් ගහ බිරියට හසුවී සූර් සැමියාගේ වෙරිහිදිලා
2024 අප්‍රේල් මස 20 897 0

අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්‍


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1720 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1560 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site