(තිහගොඩ - උපසේන ලියනගම)
අට වසරේ සිංහල උගන්වන ගුරුතුමිය විරුද්ධාර්ථ පද පිළිබඳ පාඩමක් කිරීමේදී එක් සිසුවකු දුන් පිළිතුරෙන් ගුරුවරිය අන්දමන්ද වූ පුවතක් වයඹ පළාතේ ගම්මානයකින් අසන්නට ලැබිණි.
විරුද්ධාර්ථ පදවල ස්වරූපය කියා දුන් ගුරුතුමිය සිසුනට එබඳු වචන පහ බැගින් ලියන්නට කීවිට එක් සිසුවකු ලියූ පිළිතුරෙහි ”උඩ-යට, අහස-පොළව” යන්න සමඟ ”අම්මා-තාත්තා” ද විය. ගුරුතුමිය කීවේ ”අම්මා-තාත්තා” යනු ස්ත‍්‍රී පුරුෂ ලිංග පද මිස විරුද්ධාර්ථ පද නොවන බවයි.
”විරුද්ධාර්ථ පද කියන්නෙ එකිනෙකට හාත්පසින් වෙනස් පද. නාම පද ලියන්න එපා” ගුරුතුමිය කීවත් ”නෑ මිස් අම්මා, තාත්තා නියම විරුද්ධාර්ථ පද. දෙන්නා එකිනෙකාට හොඳටම වෙනස්. ඕන දේකට හැමතිස්සෙම ගහමරා ගන්න හදනවා. අද උදෙත් ඇරගත්තා” කීවේ පන්තියේ සියලූම සිසුන් හිනස්සමිණි.
ගුරු විවේකාගාරයේදී මේ රස කතාව සෙසු ගුරුවරුන්ට කියත්දී බුද්ධාගම ගුරුතුමිය ”අනේ ඒ ළමය හරි මෙයා. ඔයාට වැරදිලා” කීවේ තම අත්දැකීම් ද ප‍්‍රකාශ කරමින්ලූ.
වසර ගණනාවක් තම උපන් ගෙදරට එන්නේ නැතිව පිටස්තර ප්‍රදේශයක වත්තක් බලාගෙන ජීවත් වූ තනිකඩ පුද්ගලයෙකු පසුගිය අවුරුදු සමයේ තම මිතුරෙකු ද සමග ගමට පැමිණීමට පි
බක්මහ උළෙලකදී මැරතන් ධාවන ශූරයකු තරගය අවසානයේ වතුර වෙනුවට පොල් තෙල් පානය කිරීම නිසා ජය සංකේතය ලබා ගැනීම පසෙක තබා රෝහල්ගත වීමට සිදු වූ පුවතක් හසලක ප්‍ර
අලුත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලුත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත
අවුරුදු උත්සව ධාවන තරගයකදී සිදු කළ විහිළුවක් පැටලී අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ගම්මු
අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු
අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
සිසුවාගේ පදේට ගුරුවරියත් හොල්මන්
Terrance Wednesday, 15 November 2017 07:02 PM
ඔව් පොඩි දරුවෝ බොරු කියන්නේ නැහෑ.
kamal Thursday, 16 November 2017 06:52 AM
එ්ක නම් මරු කතාවක් තමයි.
indika Thursday, 16 November 2017 07:31 AM
ටිකක් අපැහැදිලියි. මේ ගුරුවරිය කියන්නේ අම්මාගේ විරුද්ධ පදය තාත්තා නෙවේ කියලද? එහෙම නම් වෙන මොකක්ද? මගේ දැනුම ටිකක් අඩුයි මේ සම්බන්ධව. මට කියලා දෙන්න.
emerson Friday, 17 November 2017 04:07 AM
නාම පද ලියන්න එපාලු .අහස පොලොව නාම පද නෙමෙයිද ?
jaya Saturday, 18 November 2017 06:16 AM
අලුත් පත්වීම් ගත්ත ගුරුවරු, ආචාර්ය, මහාචාර්යවරුන්ගේ ව්‍යාකරණ හා පද භාවිතය පිළිබඳව හැදෑරුවොත් හොඳයි ..
Jayantha Jayaweera . halawatha. Saturday, 18 November 2017 04:19 PM
අනේ නෝනාවරුනි, මහත්වරුනි. ජනමාධ්‍යය පිළිබඳව ඉගෙනගෙන, ගුවන්විදුලිය සංස්ථාවේම පුහුණව ලබලා අපේ සහෝදර සහෝදරියෝ සිංහල ප්‍රවෘත්ති කියද්දී මොනවද කියන්නේ කියලා අහලා බලන්නකෝ. ඒ අතින් පොඩිදරුවෝ හොඳයි. ලස්සනම වැඩේ, මේ ප්‍රවෘත්ති කියන්න කලින් සංස්කරණ අයෙකුගේ නමකුත් කියනවා. ඒ මොන සංස්කරණද කියල කියන්නේ නෑ...