IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


වල් අලියකුට බියවී වැස්සට තෙමෙමින් මහ රෑ ගහක් මුදුනේ

වල් අලියකු යැයි සිතා ගවයකුට බියවූ ගැමියකුට රාත්‍රියේ වැස්සට තෙමෙමින් සීතලේ ගැහෙමින් පැය ගණනාවක් ගහක් උඩ ගත කිරීමට සිදුවූ පුවතක් හසලක පොලිස් වසමේ ගම්මානයකින් වාර්තා විය. 


අලි මිනිස් ගැටුම නිසා වසර ගණනාවක සිටම මිනිපේ මහ ගොවි ජනපදයේ ගැමියන්ට විවිධ දුෂ්කරතාවලට මුහුණපෑමට සිදුවූයේ මේ දිනවල වල් අලින් ජනපදයේ ගම්මාන කීපයක ජන ජීවිතයට අහිතකර බලපෑම් එල්ල කරමින් රාත්‍රි කාලයේ ගම්වල සැරිසැරීම හේතුවෙනි. 


ඔහුට සමරේ අයියා යැයි කියමු. සමරේ අයියා තිදරු පියෙකි. එදිනෙදා කුලියෙන් ලැබෙන ආදායමෙන් සිය දරු පවුල නඩත්තු කරන ඔහු ගමෙන් පිට පළාත්වලට ගොස් කුලී රැකියාව කර අඳුර වැටීගෙන එන විට නිවස කරා පැමිණීම සාමාන්‍ය සිරිතය. නිවසට එනවිට අවශ්‍ය කළමනා සහ දරුවන්ට රසකැවිල්ලක් රැගෙන ඒමටද සමරේ අයියා අමතක නොකරයි. දහවල් කාලයේ වෙහෙස මහන්සි වන සමරේ අයියාගේ තවත් නරක පුරුද්දක් තිබුණි. ඒ සවස නිවස බලා එන ගමනේදී මධුවිත තොල ගා පැමිණීමයි. 


මෙදිනද  සුපුරුදු පරිදි සමරේ අයියා නිවසට අවශ්‍ය කළමනා සහ දරුවන්ට රසකැවිලි රැගෙන රාත්‍රී 7ට පමණ නිවස බලා එමින් සිටියේය. මොහුගේ නිවස කරා යන මග වැටී ඇත්තේ ප්‍රධාන මාර්ගයේ සිට අතුරු මාර්ගයක් ඔස්සේය. එයද දෙපස වන වදුලක් සහිත කුඩා අඩි පාරකි. මේ දිනවල ප්‍රදේශයේ වල් අලි උවදුර පවතින අතර කඩින් කඩ වර්ෂාවද පවතී. 


සිරිපොද නිසා කුඩයක්ද ඉහලාගෙන තනි මග යන නිසා සමරේ අයියා සිංදුවක් මුමුණමින් අතුරු පාර දිගේ නිවස බලා පැමිණෙන අතර එක් වරම ගහක අතු බිඳෙන හඬත් යම් සත්වයකුගේ ශබ්දයකුත් ඔහුගේ කන ගැටුණි. ටක්කෙටම වල් අලියා පාර ඉස්සරහා සිටින බවත් ඉදිරියට ගියොත් අලියට තමන් බිලිවෙන බවත් වැටහුණු සමරේ අයියා වෙරි මර ගාතේම වට පිට බලා අසල තිබූ ගසකට නැග ගත්තේ රැගෙන ආ බඩු මල්ල ගසක් මුල බිම දමා වල් අලියාගෙන් බේරීමටය. 


මෙදින සඳ ඇති දිනයක් වුවත් පවතින වැහි අන්දකාරයට ප්‍රදේශය අඩ අඳුරේ පැවතුණි. ගසට නැග ගත් සමරේ අයියා අවට වට පිටාව පරීක්ෂා කර බැලුවේය. අඩ අඳුරෙන් ඔහුට පෙනෙන්නේ තමන් සිටින ගසට මීටර් 50ක පමණ දුරින් ගසක් අසල වන රොදක් සෙලවෙන අයුරුත් එම ස්ථානයේ යම් සතකු සිටින බවකුත්ය. 


හෝරා කීපයක් ගෙවී ගියත් වල් අලියා යන පාටක් නැත. අවට ගස් අතු සොලවන අයුරු හා එම සතා වටින් විට පිඹින ශබ්දයකුත් ඇසෙයි. වල් අලියා තමන්ව ගස උඩ සිටින බව දැනි තමන් බිමට බහිනතුරු එම ස්ථානයේ රැඳී සිටින බවක් ඔහුට සිතුණි. 


පවතින සිරි පොද වැස්සට තෙමෙමින් ගහේ අත්තක් මත වාඩිවී සිටින සමරේ අයියාට ඈතින්  විදුලි පන්දම් එළියක් තමන් සිටින ගස දෙසට එන බව දැක ගැනීමට හැකිවිය. මේ එන අය අනිවාර්යෙන්ම  වල් අලියාගේ පහරට ගොදුරු විය හැකි සිතූ සමරේ අයියා එයින් ඔහු බේරා ගැනීමට නම් අලියා පාර අයිනේ සිටින බව කියන්නට ඕනෑ කියා සිතා ඉස්සරහට එන්න එපා ඔය ගහ ළඟ  අලියෙක් ඉන්නවා යැයි කියමින් පාරේ ඉස්සරහට  එන ගැමියාට උස් හඩින්  කීවේය. 


කීප වරක් එලෙස පැවසුවත් ගැමියා ඉදිරියටම එන අයුරු දුටු සමරේ අයියා සිතුවේ මේකානම් විහින් මැරෙන්නට දඟලන එකෙක්, ඔන්න ඔහේ මැරුනාවේ කියාය. සමරේ අයියා සිටින ගස අසලට පැමිණි ගැමියා විදුලි පන්දම ගසට එල්ල කර කවුද ඔය ගහේ ඉන්නේ මොකද ගහ උඩ කරන්නේ කියා විමසා ඇත. ගැමියාගේ කට හඬින් අසවලා යැයි හඳුනා ගත් සමරේ අයියා ගහෙන් බැස සිද්ධිය  ගැමියාට  පැවසීය. 


බඩ අල්ලාගෙන සිනාසෙන්නට පටන් ගත් ගැමියාට එය විනාඩි කිහිපයක් යනතුරු නතර කර ගැනීමට නොහැකිවිය.  ඒ වල් අලියකු  නොවන බවත් ඒ තමන් දහවල් ගහේ බැඳ දැමූ මී ගවයා බවත් තමන් ආවේ ගවයා ගෙදර රැගෙන යාමට බවත් පවසා සමරේ අයියාගේද සහාය ඇතිව ගවයා රැගෙන නිවස බලා ගියේය. 


දින කීපයක්  යන තුරු සමරේ අයියාට ගමේ කඩ පිලට යෑමට නොහැකිව වූයේ  මේ කතා  පුවත පසුදින  ලැව් ගින්නක් මෙන් ගම පුරා පැතිර ගොස් තිබූ හෙයිනි. 

(හසලක වර්තාකරු) 



අදහස් (0)

වල් අලියකුට බියවී වැස්සට තෙමෙමින් මහ රෑ ගහක් මුදුනේ

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

සූර්පිට ගේ මාරු වී හතරවටේට තට්ටු කරලා
2024 අප්‍රේල් මස 26 362 0

වසර ගණනාවක් තම උපන් ගෙදරට එන්නේ නැතිව පිටස්තර ප්‍රදේශයක වත්තක් බලාගෙන ජීවත් වූ තනිකඩ පුද්ගලයෙකු පසුගිය අවුරුදු සමයේ තම මිතුරෙකු ද සමග ගමට පැමිණීමට පි


අපූරු බීමෙන් මැරතන් ශූරයාට ඇබැද්දියක්
2024 අප්‍රේල් මස 25 608 0

බක්මහ උළෙලකදී මැරතන් ධාවන ශූරයකු තරගය අවසානයේ වතුර වෙනුවට පොල් තෙල් පානය කිරීම නිසා ජය සංකේතය ලබා ගැනීම පසෙක තබා රෝහල්ගත වීමට සිදු වූ පුවතක් හසලක ප්‍ර


තෑගි සාරියත් කූල් පෙට්ටියේ
2024 අප්‍රේල් මස 24 883 0

අලු‍ත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලු‍ත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත


අවුරුදු උත්සවේ ගම හරහා දිවිල්ල වැසිකිළියෙන් නවතී
2024 අප්‍රේල් මස 23 681 0

අවුරුදු උත්සව ධාවන තරගයකදී සිදු කළ විහිළුවක් පැටලී අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ගම්මු


සාදය අස්සේ බිරියයි දුවයි වාෂ්ප වෙලා
2024 අප්‍රේල් මස 22 1155 2

අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු


තහනම් ගහ බිරියට හසුවී සූර් සැමියාගේ වෙරිහිදිලා
2024 අප්‍රේල් මස 20 903 0

අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්‍


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1723 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1563 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site