IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


මිතුරාගේ ඇමතුමට රැවටී ඩොක්ටර් ලෙඩා පන්නලා

(පෝද්දල - සරත් ආනන්ද ගමගේ)
කොරෝනා රෝගය වැළඳුණු පුද්ගලයකු තමාගෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණ ඇතැයි බියට පත්වූ වෛද්‍යවරයකු ඔහුට ප්‍රතිකාර නොකර එම ස්ථානයෙන් පලාගිය පුවතක් ගාල්ල දිස්ත්‍රික්කයේ ගමකින් වාර්තා වෙයි.


පළමු කොරෝනා රැල්ල ආරම්භ වී දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කළ මාර්තු 20 දිනට පෙර දිනක සිදුවූ සිදුවීමකි මේ.
සිද්ධිය මෙසේය.


ප්‍රදේශයේ ලී මෝලක් පවත්වාගෙන යන පුද්ගලයකුට උණ හා සෙම්ප්‍රතිශ්‍යාව වැළඳීම නිසා ප්‍රතිකාර ලබාගැනීමට ප්‍රදේශයේ ජනප්‍රිය වෛද්‍යවරයකු මුණගැසීම සඳහා නිවසින් පිටත් විය. අතරමගදී මුණගැසුණු මිතුරන් පිරිසකටද තමාට වැළඳී ඇති රෝගය ගැන පවසා ප්‍රතිකාර ගැනීමට අසවල් වෛද්‍යවරයා වෙත යන බවත් පවසා තිබේ.


මෙතැන සිටි එක් මිතුරකු ‘නියම වැඩක් කරන්න පුළුවන්’ යැයි පවසා සිය ජංගම දුරකතනයෙන් වෛද්‍යවරයාට ඇමතුමක් ගෙන අසවල් පුද්ගලයා දැන් ඔබතුමා මුණගැසීමට පැමිණෙන බවත් පරෙස්සමෙන් ඔහු පරීක්ෂා කරන ලෙසත් දන්වා ඇත.


‘ඇයි මොකද මිනිහට තියෙන ලෙඩේ?’ යැයි වෛද්‍යවරයා විමසන විට ඔහුට ලැබුණේ මෙවැනි පිළිතුරකි.


‘නැහැ ඩොක්ටර්, මිනිහ ගිය සතියෙ සුද්දො කට්ටියක් එක්ක රට වටේ ටුවර් එකක් ගිහින් ආවේ. දැන් මිනිහට තියෙන ලෙඩ ගැන ඇහුවම අපට නම් සැකයි.’ 


වැඩි වේලා නොගොස් රෝගියා වෛද්‍යවරයා ඉදිරියේ පෙනී සිටියේය. ඔහු දුටු සැනින් නැඟී සිටි වෛද්‍යවරයා ‘එන්න එපා. එන්න එපා. ඇතුළට එන්න එපා’ යැයි කෑ ගසමින් ඔහුව වළක්වා එළියට පැමිණ ඇත.


රෝගියා එම ස්ථානයෙන් පිටවී වෙනත් වෛද්‍යවරයකු මුණගැසී ප්‍රතිකාර ලබාගෙන නිවෙසට ගොස් ඇත.


වෛද්‍යවරයාගේ මිතුරකු වන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු සිද්ධිය ලුණු ඇඹුල් දමා ප්‍රචාරය කිරීම නිසා වෛද්‍යවරයා මුහුණ හංගාගෙන සිටින බවද ආරංචියි.



අදහස් (1)

මිතුරාගේ ඇමතුමට රැවටී ඩොක්ටර් ලෙඩා පන්නලා

Perera Thursday, 22 October 2020 04:25 AM

මෙවන් ඩොක්ටර් ලා වෘතියට සුදුසු නැත.

:       0       2

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

සූර්පිට ගේ මාරු වී හතරවටේට තට්ටු කරලා
2024 අප්‍රේල් මස 26 461 0

වසර ගණනාවක් තම උපන් ගෙදරට එන්නේ නැතිව පිටස්තර ප්‍රදේශයක වත්තක් බලාගෙන ජීවත් වූ තනිකඩ පුද්ගලයෙකු පසුගිය අවුරුදු සමයේ තම මිතුරෙකු ද සමග ගමට පැමිණීමට පි


අපූරු බීමෙන් මැරතන් ශූරයාට ඇබැද්දියක්
2024 අප්‍රේල් මස 25 636 0

බක්මහ උළෙලකදී මැරතන් ධාවන ශූරයකු තරගය අවසානයේ වතුර වෙනුවට පොල් තෙල් පානය කිරීම නිසා ජය සංකේතය ලබා ගැනීම පසෙක තබා රෝහල්ගත වීමට සිදු වූ පුවතක් හසලක ප්‍ර


තෑගි සාරියත් කූල් පෙට්ටියේ
2024 අප්‍රේල් මස 24 916 0

අලු‍ත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලු‍ත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත


අවුරුදු උත්සවේ ගම හරහා දිවිල්ල වැසිකිළියෙන් නවතී
2024 අප්‍රේල් මස 23 696 0

අවුරුදු උත්සව ධාවන තරගයකදී සිදු කළ විහිළුවක් පැටලී අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ගම්මු


සාදය අස්සේ බිරියයි දුවයි වාෂ්ප වෙලා
2024 අප්‍රේල් මස 22 1167 2

අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු


තහනම් ගහ බිරියට හසුවී සූර් සැමියාගේ වෙරිහිදිලා
2024 අප්‍රේල් මස 20 913 0

අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්‍


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site