IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


බස්රියේ කිසිවකු මහලු මවට අසුනක් නොදුන්නාට රියැදුරු නැගිට වාඩිවෙන්න දීලා

(හාරිස්පත්තුවේ මොහොමඞ් ආසික්)
බස් රථයකට නැඟුණු වයෝවෘද්ධ මවකට බස් රථයේ සිටි කිසිවෙකුත් අසුනක් ලබා නොදීම නිසා එම බස් රථයේ රියැදුරු තම අසුන ලබාදීමේ සිද්ධියක් පසුගියදා කන්ද උඩරට ප්‍රදේශයේදී සිදු වූයේ බස් රථයේ සිටි සියලු_ දෙනාට මහඟු පාඩමක් කියා දෙමිනි.


කන්ද උඩරට ප්‍රදේශයේ ප්‍රධාන උප නගර දෙකක් අතර ධාවනය වන එම බස් රථයේ සියලු_ අසුන් පිරී ගොස් තිබිණ. ඒ තරුණ හා මැදිවියේ පිරිසගෙනි. බස් රථය නගරයෙන් පිටත්ව ගිය පසු අතර මගදී ද බස් රියට සැලකිය යුතු ප්‍රමාණයක් මගින් ගොඩ වීම නිසා බස් රිය අතුරු සිදුරු නැතිව පිරී ගියේය.


මෙලෙස ටික දුරක් බස්රිය ගමන් කරන විට බස් රථයට අතරමඟදී වයෝවෘද්ධ මවක් ගොඩ වූවාය. ඇය යම් අසනීපයකින් පෙළෙන බවක්ද දැක ගන්නට හැකි විය. බස් රථය තුළ ඇය ඉතා අපහසුවෙන් සිටගෙන සිටිනු බොහෝ දෙනෙකු දුටුවද කිසිවකුත් ඇයට අසුනක් ලබා දීමට ඉදිරිපත් වුයේ නැන. බස් රථයේ සිටි තරුණ පිරිස් වැඩි ප්‍රමාණයක් තම ජංගම දුරකතනයේ එල්ලී සිටීම නිසා ඔවුන්ට මෙවන් මවක් බස් රථයේ අපහසුවෙන් සිටිනු දැක ගත නොහැකි විය.


මෙම මව පත්ව සිටින අපහසුව ගැන අවධානය යොමු කර සිටි බස් රථයේ රියැදුරු මහතා එක් ස්ථානයක බස් රථය නවත්වා එම වයෝවෘද්ධ මවට කතා කර “අම්මේ මේ බස් එකේ අම්මට සීට් එකක් දෙන්න කවුරුවත් නෑ වගෙයි. ඒ නිසා මෙන්න අම්ම මගේ සීට් එකේ වාඩි වෙන්න. වාඩි වෙලා පුළුවන්නම් මේ බස් එක එළවගෙන ගිහින් මේ ඔක්කොම ගිහින් බස්සන්න” යැයි හඬ නගා කීය. 


මෙම හඬින් බස් රථයේ සිටි තරුණ පිරිස් පියවි ලොවට පැමිණි නමුත් සිදු වෙමින් තිබෙන දේ ගැන තුෂ්නිම්භූතව බලා සිටියහ. 


එම අවස්ථාවේම බස් රථයේ සිටි මැදි වියේ පුද්ගලයෙකු සිය අසුන එම මවට ලබා දීම නිසා සුපුරුදු පරිදි බස් රිය ධාවනය වන්නට විය.



අදහස් (3)

බස්රියේ කිසිවකු මහලු මවට අසුනක් නොදුන්නාට රියැදුරු නැගිට වාඩිවෙන්න දීලා

mahinda Wednesday, 26 September 2018 05:38 AM

නොමිනිස්කම් අසම්ජ්ජාත්කම් වලින් පිරී ඉතිරී ගිය පෞද්ගලික ගැමුණු බස් මාෆියාවේ ඉදහිට හෝ මිනිසත් කමින් අනූන මෙවන් සත් ගුණවත් මැතිවරුන් සිටීම මෙම සේවාවේ ගුණයක් නොව යහපත් දෙමාපිය යුවලකගේ උතුම් පුත් රැවනක්. මහතානෙණි ඔබටත් ඔබ දෙමාපියන් ඇතුලු ඔබ සියලු දෙනාට නීරෝගී සුවය වාසනාව බුදු සරණයි.

:       1       252

දිලූෂා Thursday, 27 September 2018 04:23 AM

දැන් පිරිමින්ට ජිම් ගිහින් කායවර්ධනය කර ගත්තට විනාඩි 5ක් හිටගෙන යන්න අමාරුයි. තරුණ දරුවන් බස් එකකට නඟින කොට කාන්තාවන් ලමුන් හා වැඩිහිටියන් පෙරලගෙන බස් එකට නඟින හැටි දකින්න පුළුවන්. ඉස්සර තරුණයින්ට වගේ සමාජ හිතෛශී අදහස් දැන් කාලේ තරුණයින්ට නෑ.

:       0       121

රිතික්Thursday, 27 September 2018 10:51 AM

මම නම් බසයකට නගිනකොට මුලින්ම කාන්තාවන්ට නගින්න ඉඩ දීලා තමයි මම නගින්නේ

:       66       3

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

සූර්පිට ගේ මාරු වී හතරවටේට තට්ටු කරලා
2024 අප්‍රේල් මස 26 469 0

වසර ගණනාවක් තම උපන් ගෙදරට එන්නේ නැතිව පිටස්තර ප්‍රදේශයක වත්තක් බලාගෙන ජීවත් වූ තනිකඩ පුද්ගලයෙකු පසුගිය අවුරුදු සමයේ තම මිතුරෙකු ද සමග ගමට පැමිණීමට පි


අපූරු බීමෙන් මැරතන් ශූරයාට ඇබැද්දියක්
2024 අප්‍රේල් මස 25 640 0

බක්මහ උළෙලකදී මැරතන් ධාවන ශූරයකු තරගය අවසානයේ වතුර වෙනුවට පොල් තෙල් පානය කිරීම නිසා ජය සංකේතය ලබා ගැනීම පසෙක තබා රෝහල්ගත වීමට සිදු වූ පුවතක් හසලක ප්‍ර


තෑගි සාරියත් කූල් පෙට්ටියේ
2024 අප්‍රේල් මස 24 920 0

අලු‍ත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලු‍ත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත


අවුරුදු උත්සවේ ගම හරහා දිවිල්ල වැසිකිළියෙන් නවතී
2024 අප්‍රේල් මස 23 697 0

අවුරුදු උත්සව ධාවන තරගයකදී සිදු කළ විහිළුවක් පැටලී අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ගම්මු


සාදය අස්සේ බිරියයි දුවයි වාෂ්ප වෙලා
2024 අප්‍රේල් මස 22 1169 2

අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු


තහනම් ගහ බිරියට හසුවී සූර් සැමියාගේ වෙරිහිදිලා
2024 අප්‍රේල් මස 20 913 0

අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්‍


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site