IMG-LOGO

2024 මැයි මස 08 වන බදාදා


බඳීන කතාවකට ඇවිත් මාලය කඩාගෙන ගිහින්

(කළුතර - සුනිල් එස්. තන්ත‍්‍රිආරච්චි)

විවාහ අපේක්ෂාවෙන් මංගල සේවාවක ලියාපදිංචි වී සිටි 47 හැවිරිදි කාන්තවකගේ ජංගම දුරකථනයට ඇමතුමක් දී ඇය උතුරු කළුතරට ගෙන්වාගෙන ඇය පැළඳ සිටි රන් මාලය කඩාගෙන ගිය බව කියන පුද්ගලයකු පිළිබඳව උතුරු කළුතර පොලිසියට පැමිණිලි ලැබී ඇත.

බෙන්තොට ප‍්‍රදේශයේ කාන්තාවක මීට ගොදුරු වී ඇත්තේ ඉකුත් පෙබරවාරි දහවල් 12.55ට පමණය.

විවාහ වීම සඳහා අපේක්ෂා කරන තරුණ තරුණියන් හඳුන්වා දෙන මංගල සේවාවක තමා ලියාපදිංචිවී සිටි බවත් ඊට අදාළව තමාට ඇමතුමක් දුන් පුද්ගලයෙකු උතුරු කළුතර සතොස වෙළෙඳසැල අසලට පැමිණෙන ලෙස දැන්වූ බවත් ඇය පැමිණිල්ලේ සඳහන් කර ඇත.

ඔහුගේ ඉල්ලීම මත තමා උතුරු කළුතරට පැමිණි බවත් එවිට යතුරුපැදියකින් එහි පැමිණ සිට ඔහු තමා හඳුන්වා දී ගෙල බැදි රන් මාලය කඩා ගත් බවත් ඇය පොලිසියට ප‍්‍රකාශ කර ඇත.

ඔහු තමාට මරණ තර්ජන කළ බැවින් එම දිනයේ පොලිසියට පැමිණිලි නොකළ බවත් මිරිහාන පොලිසිය මගින් ඔහු අත්අඩංගුවට ගත් බවට ලද තොරතුරු අනුව පැමිණ පැමිණිලි කරන බවත් ඇය පොලිසියට වැඩිදුරටත් ප‍්‍රකාශ කර තිබේ.

උතුරු කළුතර පොලිසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

බඳීන කතාවකට ඇවිත් මාලය කඩාගෙන ගිහින්

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

ගජ මිතුරාගෙන් අපූරු තෑග්ගක්
2024 මැයි මස 08 381 0

සිය මිතුරාගේ දියණියගේ විවාහ මංගල්‍යය වෙනුවෙන් අපූරු තෑග්ගක් ලබා දුන් පුද්ගලයකු පිළිබඳ පුවතකි. මිතුරන් දෙපළ සේවය කරන ආයතනයේ නිලධාරීන්ගෙන් දැනගත් අන්


උපන්දින ඩයට් එක බයිට් එකට අරන්
2024 මැයි මස 07 706 0

විහාරස්ථානයක් අසල කාත්කවුරුවත්, හව් හරණක් නැති අසරණයන් පුදුම කරන්නට ගිය අයෙකුට තමාට පුදුමයෙනුත් පුදුමවෙන්නට සිදුවූ අපූරු පුවතක් දකුණේ නගරයකින් අසන


මැයි රැලියට නාවාට බෑනා මාමණ්ඩිය ගෙදරින් එලවලා
2024 මැයි මස 06 751 1

බෑනාගේ පක්ෂයේ මැයි රැලියට යන්න එන්නේ නැතිව වෙනත් පක්ෂයක මැයි රැලියට ගියයි කියා බෑනා තම මාමණ්ඩිය ගෙදරින් එළවා දැමූ පුවතක් බස්නාහිර පළාතේ පස්දුන් කෝරළ


සල්ලි හුටපටේකට ගුටි නොකා අනූනමයෙන් බේරිලා
2024 මැයි මස 04 28 0

සිංහල හින්දු අලු‍ත් අවුරුදු දිනවල නිවසට එන අමුත්තන්ට සංග්‍රහ කිරීමට මාළු මිලදී ගැනීමට ගෙන ගිය රුපියල් විසිදහසක මුදල අහිමි කරගෙන හිස් අතින් යළි නිවසට


කැවිලි පාර්සලය මාරුවී කන්තෝරු ලොක්කාට දෙලෝ රත්වෙලා
2024 මැයි මස 04 27 0

අලු‍ත් අවුරුද්දට කාර්යාලයට රැගෙන ගිය කැවිලි පාර්සලය වැරැදී ලැජ්ජාවට පත් වූ සේවකයකු පිළිබඳව සබරගමුව පළාතේ ගමකින් අසන්නට ලැබිණි. සිද්ධිය මෙසේය, ඔහු එම


පූස් උපාය වැරදී උපන් ඇඳුමෙන් දුවලා
2024 මැයි මස 04 23 0

තම නිරුවත වසා ගැනීමට මානාපඳුරක් බදාගෙන පූස් පැටවෙකු සෙවූ අයෙකුට තම උපන් ඇඳුමෙන් පැන දුවන්නට සිදුවූ අපූරු කතාවක් කහටගස්දිගිලීය සහ ගලෙන් බිඳුනුවැව අතර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 553 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2024 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1784 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site