IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


පත්තරේ බලන්න ඇවිත් නිරුවතින් නාගෙන

රජවරුන් ගැවසුණු පෙදෙසක ගැමියෙකි. මැදිවිය පසු කළ මේ ගැමියා දිනපතා පුවත් පත් බැලීමට ලොල්වූවෙකි. කිසිදා පුවත්පතක් මිලදී ගන්නේ නැත. අනුන්ගෙන් ඉල්ලාගෙන බැලීම සිරිතය. ඒ මුදල් හදල් නැතිකම් නිසා නොවේ. කුම්මැහිකම උපතින්ම ගෙනාවෙක් නිසාය.


දිනපතා පුවත්පත ඉල්ලා ගන්නේ එක් නිවසකිනි. දිනපතා එහි යන මේ මැදිවියේ අය දුටු වහාම නිවැසියා පුවත්පත ඔහු අතට දී තමන්ගේ වැඩක් කරන්නට යන්නේ කතාවෙන් ද බේරෙන්නට බැරි නිසාය. මේ නිවැසියා ඉරිදා පුවත්පත මිල දී ගන්නේ නැත. ඒ නිසා මැදිවියේ පුද්ගලයාට ඒ සඳහා වෙනත් විකල්පයක් සොයා ගන්නට සිදුවී තිබිණි.


ඉරිදා පුවත්පත මිලදී ගන්නා ගුරුවරයෙක් ඒ අසලම සිටී. තම අවශ්‍යතාව සඳහා මේ අය යන්නේ එම ගුරුවරයාගේ නිවසටය. කලක පටන් මේ ආකාරයට කටයුතු සිදුවිය. සතියේ දිනවල දී හිතවතාගේ ගෙදරටත් සති අන්තයේ දී ගුරුවරයාගේ නිවසටත් යමින් තම අවශ්‍යතාවන් ඉටු කර ගන්නට මේ ගැමියා සමත් විය. අවිවාහක මේ ගුරුවරයා ද හුදකලාව සිටින්නෙකි.


ඉකුත් සති අන්තයක සවස් කාලයේ ගුරුවරයාගේ නිවසට යද්දී ඔහු ඉරිදා පුවත්පත බලමින් සිටියේය. එදා වෙනත් වැඩක යෙදුණු නිසා ගුරුවරයාගේ දින චරියාව තරමක් ප්‍රමාදවී තිබිණි.  සර් මමත් ආවා පත්තරේ බලන්න. ගැමියා පැවසුවේය.


‘ආ අන්කල් ටිකක් ඉන්න මම පත්තරේ බලලා ඉවර නැහැ ඉක්මනට දෙන්නම්’ ගුරු භවතා පැවසීය. මේ වදන් නිසා ගැමියා කෝපයට පත්විය. ආ හොඳයි බලමුකෝ කී ගැමියා ආපසු හැරුණේය. ගුරු භවතාගේ නිවස ඉදිරිපිට නාන ළිඳ ළඟට ගියේය. පනිට්ටුවක් ද ඒ අසල තිබිණි. ඇඳ සිටි ඇඳුම් ගලවා දැමූ ගැමියා නිර්වස්ත්‍රයෙන්ම දිය නාන්නට විය. පුවත්පත බලමින් සිටි ගුරුවරයා අවේලාවේ දිය නාන තැනැත්තා කවුදැයි බැලීය. ඔහුට සියල්ල තේරුම් ගියේය. 


(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)



අදහස් (3)

පත්තරේ බලන්න ඇවිත් නිරුවතින් නාගෙන

himal Tuesday, 08 May 2018 12:08 AM

කතාව බාගෙටද දාලා තියෙන්නේ? මෙතන පත්තරේ දාන්න තරම් දෙයක් නෑනේ.

:       2       273

tharuka Tuesday, 08 May 2018 10:25 AM

මේ කථාවේ තේරුම නෑ...............

:       1       270

dasun Saturday, 12 May 2018 07:35 AM

මේ කතාවේ තේරුමක් තියෙනවා. අපේ ජාතියට තියෙන ලෙඩක්. අනුන්ගේ දේ නිකම් ගන්න හදනවා මදිවට ඒකත් තරගයෙන් තමයි ගන්න හදන්නේ. මේ කතාව ඇත්ත නම් මේ මිනිහව පොලිසියටයි නාන්න අරින්න ඕනේ...

:       0       4

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

සූර්පිට ගේ මාරු වී හතරවටේට තට්ටු කරලා
2024 අප්‍රේල් මස 26 474 0

වසර ගණනාවක් තම උපන් ගෙදරට එන්නේ නැතිව පිටස්තර ප්‍රදේශයක වත්තක් බලාගෙන ජීවත් වූ තනිකඩ පුද්ගලයෙකු පසුගිය අවුරුදු සමයේ තම මිතුරෙකු ද සමග ගමට පැමිණීමට පි


අපූරු බීමෙන් මැරතන් ශූරයාට ඇබැද්දියක්
2024 අප්‍රේල් මස 25 642 0

බක්මහ උළෙලකදී මැරතන් ධාවන ශූරයකු තරගය අවසානයේ වතුර වෙනුවට පොල් තෙල් පානය කිරීම නිසා ජය සංකේතය ලබා ගැනීම පසෙක තබා රෝහල්ගත වීමට සිදු වූ පුවතක් හසලක ප්‍ර


තෑගි සාරියත් කූල් පෙට්ටියේ
2024 අප්‍රේල් මස 24 922 0

අලු‍ත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලු‍ත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත


අවුරුදු උත්සවේ ගම හරහා දිවිල්ල වැසිකිළියෙන් නවතී
2024 අප්‍රේල් මස 23 699 0

අවුරුදු උත්සව ධාවන තරගයකදී සිදු කළ විහිළුවක් පැටලී අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ගම්මු


සාදය අස්සේ බිරියයි දුවයි වාෂ්ප වෙලා
2024 අප්‍රේල් මස 22 1170 2

අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු


තහනම් ගහ බිරියට හසුවී සූර් සැමියාගේ වෙරිහිදිලා
2024 අප්‍රේල් මස 20 914 0

අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්‍


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site