(හොරණ - වික්‍රමරත්න වල්පිට)
හොරණ බස් නැවතුමට ආශ්‍රිතව බසයක සිදුවූ අපූරු සිදුවීමකි මේ.
නගරයට නුදුරු ගමක වෙසෙන ඔහු කාර්යාලයක සේවකයෙකි. ඔහු කාර්යාලයට යන්නේ කෑම පාර්සලය බට පෙට්ටියක ඔබා එය රෙදි බෑගයක දමා කරේ එල්ලාගෙනය. බැලු බැල්මට නයි නටවන්නකු ලෙස සැමදා දෘශ්‍යමාන වන මොහු හට ගමේ තරුණ ගැටව් අන්වර්ථ නාමයකින් හැඳින්වූයේ “නයි වෙද මහත්තයා” යනුවෙනි.
ඔහු එදිනද කාර්යාලයේ වැඩ නිමවා ලහි ලහියේ දිව විත් බස්රථයට නැග ගත්තේ බස්රථයේ හිරවෙමිනි. සෙනඟ අතර හිරවෙමින් සිටගෙන සිටි ඔහු හිස් කෑම පෙට්ටිය සහිත රෙදි බෑගය අසුනක වාඩි වී සිටි කාන්තාවකට තියා ගන්නට දුන්නේ සිටගෙන සිටීමට පවා අසීරු තත්ත්වයක සිටි නිසාය.
මේ අතර මගීන් අතර සිරවී සිටි ගමේ තරුණ ගැටයකුද ඔවුන් විසින්ම “නයි වෙද මහත්තයා” යනුවෙන් හඳුන්වන කාර්යාල සේවකයා ළඟට පැමිණියේ සෙනඟ අතර හිරවෙමිනි.
කාර්යාල සේවකයා ළඟට පැමිණි තරුණ ගැටයා ඔහු කතාවට පටලවා ගන්නට අර ඇන්දේ මෙලෙසිනි.
“ආ.... වෙද .... මහත්තයා.. අදත්... නයි.... නටවල... වගෙයි...... නයි පැටියටත් මහන්සි.....ඇති... සද්දෙ... නැත්තේ...”
විහිළුවටත්, කටකාරකමටත්, අනුන්ට ‘ලණු’ දීමටත් දක්‍ෂ මෙම ගැටයා කාන්තාව සමීපයේ ඇති රෙදි බෑගයට තට්ටුවක් දැම්මේය.
“ඔව්... අපිටත්... මහින්සියි.... කාටත් මහන්සියි..” කියමින් කාර්යාල සේවකයා කතාවෙන් ලිස්සා යෑමට තැත් කළේය. මේ සංවාදයට හොඳින් සවන් දුන් රෙදි බෑගය ළඟ තබාගෙන වාඩිවී සිටි කාන්තාවට ඒත්තු ගියේ මේ බෑගය තුළ නාගයෙක් අති බවටය. ඇය වහා කෝපයෙන් රෙදි බෑගය අසුනට විසිකර “ඔහෙල.. අපිට දෙන්නෙ නයිමයි.” කියා කෑ ගසා සෙනග අතර හිරවෙමින් බසයෙන් බැස්සාය.
තුෂ්ණිම්භූතව සිටි කාර්යාල සේවකයා වට පිට නොබලාම අසුනේ වාඩිවිය.
දැන්.... ඉතින්.... ගෙදරට... යනකන්... වාඩිවෙලා ... ගිය හැකි.... අතින් කට වසා ගෙන සිනහවෙමින් සිටි තරුණ ගැටයා පවසන විට ගමන ආරම්භ කරන්නට බසය පණ ගැන්වීය.
වසර ගණනාවක් තම උපන් ගෙදරට එන්නේ නැතිව පිටස්තර ප්‍රදේශයක වත්තක් බලාගෙන ජීවත් වූ තනිකඩ පුද්ගලයෙකු පසුගිය අවුරුදු සමයේ තම මිතුරෙකු ද සමග ගමට පැමිණීමට පි
බක්මහ උළෙලකදී මැරතන් ධාවන ශූරයකු තරගය අවසානයේ වතුර වෙනුවට පොල් තෙල් පානය කිරීම නිසා ජය සංකේතය ලබා ගැනීම පසෙක තබා රෝහල්ගත වීමට සිදු වූ පුවතක් හසලක ප්‍ර
අලුත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලුත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත
අවුරුදු උත්සව ධාවන තරගයකදී සිදු කළ විහිළුවක් පැටලී අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ගම්මු
අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු
අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
නයිපැටියා කතක් බසයෙන් බස්සවලා
danny Wednesday, 10 April 2019 11:54 AM
“ඔහෙලා.. අපිට දෙන්නෙ නයිමයි.” නියම කතාව.