(තිහගොඩ උපසේන ලියනගම)
දකුණු පළාතේ අධිවේගී මාර්ගය අසල වූ ග්‍රාමීය පාසලක විශ්‍රාමික මුල් ගුරු මහතෙකි. විශ්‍රාම යාමෙන් පසුව අගනුවර හිතවතකුගේ වෙළඳ ආයතනයක ලිපිකරු රැකියාවක් කළද කොරෝනා උවදුර නිසා ගමට පැමිණ නිකරුණේ සිටීමට නොහැකිවූ නිසා ඔහු අසල වූ අක්කර භාගයක් තරම් බිමක එළවළු කොරටුවක් සකස් කළේය.
පසුගියදා තරුණ සිසුවකු සමඟ ඔහු හමුවට ආ පියෙකු තම දරුවාට චරිත සහතිකයක් ලියා දෙන ලෙස ඉල්ලා සිටියේ ඔහු කොරටුවේ වැඩ කරමින් සිටියදීය.
‘‘හරි මම ලියල දෙන්නම්. ඊට කලින් මට පොඩි උදව්වක් කරපන් පුතේ’’ කියා සිසුවා ඇමතූ ඔහු ’’එහා පැත්තෙ කුඹුරේ ගොම තියෙනවා. මට ගොම කූඩයක් ගෙනත් දීපන්. මට ගොම එකතු කරන්න ලැජ්ජයි. වගේ’’ කීවෙන් සිසුවා හා පියා ඊට එකඟ වූහ.
ගොම කූඩය ලද පසු එය පාත්තිවලට දැමූ ඔහු හවස් වරුවේ ගෙදරට එන්නට කියා සහතිකය ලියා අවසානයේ ‘‘ජාතික සංවර්ධනයට දායක වන දරුවෙකි.’’ කියා ලියුවේ ගොම කූඩය මතක් වූ නිසාය. ‘‘මම චරිත සහතිකයක් ලියන්න ගොම කූඩයක් ගත්ත කියලා කාටවත් කියන්න එපා’’ යි මෙම මුල් ගුරුවරයා සිසුවාට කීවත් මේ ආරංචිය ලත් පියා කඩමණ්ඩියේදී මේ කතාව කීම නිසා ඔහු යළිත් වරක් අගනුවර හිතවතාගේ වෙළඳ ආයතනයට යෑමට සිටිනවාලු.
වසර ගණනාවක් තම උපන් ගෙදරට එන්නේ නැතිව පිටස්තර ප්‍රදේශයක වත්තක් බලාගෙන ජීවත් වූ තනිකඩ පුද්ගලයෙකු පසුගිය අවුරුදු සමයේ තම මිතුරෙකු ද සමග ගමට පැමිණීමට පි
බක්මහ උළෙලකදී මැරතන් ධාවන ශූරයකු තරගය අවසානයේ වතුර වෙනුවට පොල් තෙල් පානය කිරීම නිසා ජය සංකේතය ලබා ගැනීම පසෙක තබා රෝහල්ගත වීමට සිදු වූ පුවතක් හසලක ප්‍ර
අලුත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලුත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත
අවුරුදු උත්සව ධාවන තරගයකදී සිදු කළ විහිළුවක් පැටලී අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ගම්මු
අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු
අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
චරිත සහතිකයක් ලියන්න ගොම කූඩයක්