IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ගුටි කෙළගෙන රෝහලට ආ දෙදෙනා හෙදියන්ට බැණ යාළුවෙලා

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස )
 ගුටි කෙළියකින් පසු රෝහල්ගත වී ඇඳන් දෙකකට වී දෙදෙනාම එකට එක්ව තමන්ගේ සිරුරේ මකුණන් කන බව පවසා රෝහල් සේවකයන්ට බැණ වැදුණු රාජ්‍ය සේවක මිතුරන් දෙදනකු  පිළිබඳ පුවතක් දඹුල්ල රෝහලෙන්  වාර්තා විය.


දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ  දීවා රාත්‍රී සේවය කරන එක්තරා රාජ්‍ය ආයතනයක සේවකයන් පිරිසක් පසුගියදා එක්ව මත්පැන් සාදයක් පවත්වා තිබේ. එහිදී සේවකයන් දෙදෙනකු අතර බහින්බස්වීමක් දුරදිග යෑම හේතුවෙන් දෙදෙනා අතර ගුටි හුවමාරුවක් පැයකට වැඩි කාලයක්  පැවැති අතර දෙදෙනාටම තුවාල සිදුවී ඇත්තේ පහර පිට පහර ගුටි හුවමාරුව නිසාය.


අනෙකුත් සේවකයන් එක්ව මෙම දෙදෙනා රෝහලට ඇතුළත් කොට ඇත්තේ සිදුවූ තුවාලවලට ප්‍රතිකාර ලබාදීම සඳහාය. 


පහර දීමකින් දෙදෙනකු රෝහල් ගත කළ බව රෝහල බාර හෙද නිලධාරීන් දඹුල්ල රෝහලේ පිහිටි පොලිස් ඒකකයට දැනුම් දී තිබේ.


ඒ අනුව පොලිස් නිලධාරීන් මෙම රාජ්‍ය සේවකයන් දෙදෙනාගෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා එම අවස්ථාවේම වාට්ටුවට පැමිණ ඇත. එහෙත් සිදුවූයේ කුමක්ද යන්න දෙදෙනාටම කතාකර ගැනීමට හෝ නොහැකි තරමට වෙරි මතින් සිටි බව පොලිසිය කියයි.


දෙදෙනාම එක ළඟ ඇඳන් දෙකක දමා තිබෙන අතර පොලිසිය දැඩි උත්සාහයක් ගත්තද දෙදෙනාම කියන කරන දේ වටහා ගැනීමටවත් නොහැකි තත්ත්වයක පසු වීම නිසා පොලිස් නිලධාරින් නැවතත් රෝහල් පොලිසිය වෙත පිටව ගොස් තිබේ.


මධ්‍යම රාත්‍රිය උදා වෙද්දී මෙම දෙදෙනාම එක්ව රෝහලේ ඇඳේ සිටින මකුණන් කන බව පවසා රෝහල් කාර්ය මණ්ඩලයට පරුෂ වචනයෙන් බැණ වැදී රෝහල තුළ කෑකෝ ගසන බව නැවතත් රෝහල් සේවකයන් පොලිසියට දැනුම් දී තිබේ.


පොලිස් නිලධාරීන් එම අවස්ථාවේම වාට්ටුව තුළට යද්දි ගුටි ඇන ගෙන රෝහල් ගත කළ දෙදෙනා එකට එක්ව රෝහල් සේවකයන්ට බැණ වදින අයුරු දැක දෙදෙනාටම අවවාද කොට තිබේ.


මෙම ගැටුම පසුදා උදේම ඔවුහු සමථයට පත් කර ගත්හ.



අදහස් (1)

ගුටි කෙළගෙන රෝහලට ආ දෙදෙනා හෙදියන්ට බැණ යාළුවෙලා

de silva Wednesday, 10 June 2020 07:09 AM

රජයේ රෝහල්වල සනීපාරක්ෂාව සහ පිරිසිදුකම ගැන නම් කතා කරලා වැඩක් නැහැ...

:       1       30

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

සූර්පිට ගේ මාරු වී හතරවටේට තට්ටු කරලා
2024 අප්‍රේල් මස 26 483 0

වසර ගණනාවක් තම උපන් ගෙදරට එන්නේ නැතිව පිටස්තර ප්‍රදේශයක වත්තක් බලාගෙන ජීවත් වූ තනිකඩ පුද්ගලයෙකු පසුගිය අවුරුදු සමයේ තම මිතුරෙකු ද සමග ගමට පැමිණීමට පි


අපූරු බීමෙන් මැරතන් ශූරයාට ඇබැද්දියක්
2024 අප්‍රේල් මස 25 644 0

බක්මහ උළෙලකදී මැරතන් ධාවන ශූරයකු තරගය අවසානයේ වතුර වෙනුවට පොල් තෙල් පානය කිරීම නිසා ජය සංකේතය ලබා ගැනීම පසෙක තබා රෝහල්ගත වීමට සිදු වූ පුවතක් හසලක ප්‍ර


තෑගි සාරියත් කූල් පෙට්ටියේ
2024 අප්‍රේල් මස 24 923 0

අලු‍ත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලු‍ත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත


අවුරුදු උත්සවේ ගම හරහා දිවිල්ල වැසිකිළියෙන් නවතී
2024 අප්‍රේල් මස 23 699 0

අවුරුදු උත්සව ධාවන තරගයකදී සිදු කළ විහිළුවක් පැටලී අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ගම්මු


සාදය අස්සේ බිරියයි දුවයි වාෂ්ප වෙලා
2024 අප්‍රේල් මස 22 1170 2

අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු


තහනම් ගහ බිරියට හසුවී සූර් සැමියාගේ වෙරිහිදිලා
2024 අප්‍රේල් මස 20 914 0

අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්‍


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1729 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site