පෝයදා නිවාඩුව ගත කිරීමට ගෙදරට වී සිටින විට බිරිඳ පවරන දහසක් වැඩවලින් හා ඇයගේ කන්කරච්චලෙන් බේරෙන්න පන්සලට ගොස් සිල් සමාදන් වන පුද්ගලයකු පිළිබඳ පුවතක් තලාතුඔය ප්‍රදේශයෙන් වාර්තා වේ.
පෞද්ගලික ආයතනයක මුරකරුවකු වන ඔහු දිවා රාත්‍රි වැඩ මුර දෙකම කරන්නේ තමන්ට කීයක් හෝ වැඩියෙන් හම්බකර ගැනීමට හා බිරිඳටත් දරුවන්ටත් සැපවත් ජීවිතයක් ගත කිරීමේ අරමුණින්ය. දෙදරු පියකු වන ඔහු මත්පැන් දුම්පානයෙන් තොර අහිංසක ගැමියෙකි. ඔහුගේ තවත් බලාපොරොත්තුවක් වන්නේ තම දරුවන් දෙදෙනාට හොඳට උගන්වා හොඳ රැකියා සඳහා යොමු කිරීමටය. මාසයක් වෙහෙස වී වැඩ කරන ඔහුට හරියට නිවාඩුවක් ලැබෙන්නේ පසළොස්වක පෝයදා පමණි. එදින නිවාඩුවෙන් ගත කිරීමට බලාපොරොත්තු වුවද තරමක් සැරවැර ඇති බිරිඳ දවස පුරා ඔහුට පවරන දහසකුත් රාජකාරි කිරීමට හා ඩිංග වැරදුනාම ඇයගෙන් බැනුම් අසන්නටද ඔහුට සිදුවිය. මේ වදෙන් ගැලවීමට උපායක් කල්පනා කරමින් සිටින විට ඔහුට අපූරු අදහසක් පහල වී ඇත. ඒ අනුව සෑම පෝයකටම ගමේ පන්සලට ගොස් සිල් සමාදන් වීමට පටන් ගත්තේය. දිනක් පන්සලට පැමිණි ඔහුගේ පැරණි මිතුරකු තම මිතුරා සිල් සමාදන් වී සිටිනු දැක ඔහු ළඟට ගොස් උපාසක මහත්තය හොඳ තීරණයක් අරන් තියෙනවා. අපි හැමදාම රස්සාව කරල හරියන් නෑ පින් අතේ වැඩත් කරන්න එපායැයි පවසා ඇත. එවිට උපාසක මිතුරා තම මිතුරාට මෙසේ කියා ඇත. මම පෝයට විතරයි නිවාඩුවේ ගෙදර ඉන්නේ. එදාටත් දවසම ගෑනිගේ කංකරච්චලේ. අර වැඬේ කරපන් මේ වැඩ කරපන් කියලා. ඒකෙන් බේරෙන්නත් එක්කයි මා සිල් ගත්තේ. පන්සලේ කිසිම කරදරයක් නෑ වෙලාවට දානේ ටික ගිලන්පස ටික ලැබෙනවා කිසිම කරදරයක් නෑ. ගෙදර හිටියොත් වෙන්නේ පව් පිරෙන එකනෙ. (ගලහ ඩබ්ලිව්.ඒ. අසේල)
වසර ගණනාවක් තම උපන් ගෙදරට එන්නේ නැතිව පිටස්තර ප්‍රදේශයක වත්තක් බලාගෙන ජීවත් වූ තනිකඩ පුද්ගලයෙකු පසුගිය අවුරුදු සමයේ තම මිතුරෙකු ද සමග ගමට පැමිණීමට පි
බක්මහ උළෙලකදී මැරතන් ධාවන ශූරයකු තරගය අවසානයේ වතුර වෙනුවට පොල් තෙල් පානය කිරීම නිසා ජය සංකේතය ලබා ගැනීම පසෙක තබා රෝහල්ගත වීමට සිදු වූ පුවතක් හසලක ප්‍ර
අලුත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලුත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත
අවුරුදු උත්සව ධාවන තරගයකදී සිදු කළ විහිළුවක් පැටලී අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ගම්මු
අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු
අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ගෑනිගෙ කරච්චලෙන් බේරෙන්න සැමියා ගෑනිගෙ කරච්චලෙන් බේරෙන්න සැමියා