(බදුල්ලේ පාලිත ආරියවංශ)
හෙරොයින් සමග පොලිසියට කොටුවී පොලිස් කූඩුවේ සිටි මිතුරා බලන්නට කුඩු රැගෙන පැමිණි තරුණයකු කොටුවූයේ පොලීසිය තුළදීමය.
හෙරොයින් මිලිග්‍රෑම්ස් 96 ක් සමග තරුණයකු අත්අඩංගුවට ගෙන තිබුණේ බදුල්ල වෙලේකඬේ ප්‍රදේශයේදීය.
බදුල්ල පොලීසියේ වැඩබලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.කේ.පී. ගාල්ලගේ මහතාට ලැබුණ තොරතුරක් මත අත්අඩංගුවට ගත් 25 හැවිරිදි සැකකරු පොලිස් කූඩුවේ සිටියදී සැකකරුගේ මිතුරෙකු ඔහුට කෑම පාර්සලයක් ගෙන ආවේය.
සර් මේක මම කූඩුවේ ඉන්න මගේ යාලුවට දෙන්නද?
ඔහු එම ස්ථානයේ සේවයේ සිටි පොලිස් නිලධාරියෙකුගෙන් ඉතා අහිංසක ලෙස විමසා අවසර ගෙන කෑම පැකට්ටුව දීමට සූදානම් වන අවස්ථාවේ පොලිස් නිලධාරියාගේ උකුසු ඇස්දෙක ඒ දෙස යොමු වූයේය.
කෑම පාර්සලය සමග යමක් දෙනු දුටු පොලිස් නිලධාරියා වහාම ඔහු අල්ලාගෙන පරීක්ෂා කිරීමේදී ඔහු ළඟ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 50 ක් සොයාගැනීමට පොලිස් නිලධාරියා සමත්විය. එම සැකකරු 24 වන වියේ පසුවන්නෙකි.
සැකකරුවන් දෙදෙනාම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත විය.
බක්මහ උළෙලකදී මැරතන් ධාවන ශූරයකු තරගය අවසානයේ වතුර වෙනුවට පොල් තෙල් පානය කිරීම නිසා ජය සංකේතය ලබා ගැනීම පසෙක තබා රෝහල්ගත වීමට සිදු වූ පුවතක් හසලක ප්‍ර
අලුත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලුත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත
අවුරුදු උත්සව ධාවන තරගයකදී සිදු කළ විහිළුවක් පැටලී අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ගම්මු
අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු
අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්
මිතුරුකම පෙන්වා මිතුරාගේ උපකරණයෙන් මුදල් ගරමින් සිටිය දී මිතුරාට අතේ මාට්ටුවී රෙදි ගැලවී ගිය අවස්ථාවක් පිළිබඳ පුවතක් අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කූඩුවේ මිතුරා බලන්න ගිය යාළුවට කූඩුවට වරමක්