IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


අඳේට බලාගත් මීදෙන මස්කඩයට විකුණා වගකීම සර්පයකුට පටවලා

(හේවාහැට එම්. දසනායක)

වසර දොළහක පමණ කාලයක් අඳේට බලාගත් මී දෙන අයිතිකරුට හොරෙන් මසට විකුණා සර්පයකු දෂ්ඨ කිරීමෙන් එම සතා මිය ගිය බවත්, ඉන්පසු වළ දැමූ බවත් පැවසූ පුද්ගලයකුට වළ දැමූ ස්ථානය පෙන්වන්න යැයි කී විට එම ස්ථානය අමතක යැයි කී සිදුවීමක් පිළිබඳව උඩරට ගොවි ගම්මානයකින් වාර්තා විය.

සිද්ධිය සැකෙවින් මෙසේය.

මී දෙනගේ අයිතිකරු විශ‍්‍රාමිකයෙකි. ඔහු මිට වසර දොළහකට පමණ පෙර තමාට අයිති මී දෙන අඳේට සතුන් රැක බලා ගන්නා පුද්ගලයකුට ලබාදී ඇත.

කාලය මෙසේ ගෙවී යද්දී මී දෙන බලාගත් පුද්ගලයා හදිසියේම අයිතිකරු හමුවට පැමිණ සර්පයකු දෂ්ඨ කිරීමෙන් මී දෙන මියගිය බවත්, ඉන්පසු වළ දැමූ බවත් පවසා ඇත.

ගවයා බලා ගත් පුද්ගලයාගේ හැසිරීම පිළිබඳව සැක සිතූ අයිතිකරු තොරතුරු සොයා බලා මී දෙන බලාගත් පුද්ගලයාගේ නිවසට ගොස් මියගිය සතා වළ දැමූ ස්ථානය බැලීමට අවශ්‍ය බව පවසා ඇත. මේ අවස්ථාවේ තමා නැගිට ගැනීමට නොහැකි තත්ත්වයෙන් පසුවන බවත්, මියගිය සතා වළ දැමූ ස්ථානය දැන් තමන්ට අමතක බවත් මේ වන විට මී දෙන බලාගත් පුද්ගලයා පවසා ඇත.

පසුව දෙදෙනා අතර බහිස්බස්වීමක් ද සිදුවී ඇති අතර, සිදුවී ඇති සියලූ දේ තමන් දන්නා බවත් සත්‍ය පවසන ලෙසත් මී දෙනගේ අයිතිකරු මෙවිට පවසා ඇත.

මී දෙන රුපියල් හතළිස් දහසක මුදලකට මසට විකිණූ බවට මෙම අවස්ථාවේ පිළිගෙන ඇති අඳේට සතා බලා ගත් පුද්ගලයා මී දෙන මිලදීගත් ව්‍යාපාරිකයා තමන්ට හරිහැටි මතක නැතැයි ද පවසා ඇත.

අමතක වෙන රෝගය උඹටත් වැළඳිලා පොලිසියේදී හොඳට මතක් වෙයි’’ යනුවෙන් පවසා මී දෙනගේ හිමිකරු මේ පිළිබඳව පැමිණිලි කොට ඇත.



අදහස් (0)

අඳේට බලාගත් මීදෙන මස්කඩයට විකුණා වගකීම සර්පයකුට පටවලා

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

සූර්පිට ගේ මාරු වී හතරවටේට තට්ටු කරලා
2024 අප්‍රේල් මස 26 479 0

වසර ගණනාවක් තම උපන් ගෙදරට එන්නේ නැතිව පිටස්තර ප්‍රදේශයක වත්තක් බලාගෙන ජීවත් වූ තනිකඩ පුද්ගලයෙකු පසුගිය අවුරුදු සමයේ තම මිතුරෙකු ද සමග ගමට පැමිණීමට පි


අපූරු බීමෙන් මැරතන් ශූරයාට ඇබැද්දියක්
2024 අප්‍රේල් මස 25 642 0

බක්මහ උළෙලකදී මැරතන් ධාවන ශූරයකු තරගය අවසානයේ වතුර වෙනුවට පොල් තෙල් පානය කිරීම නිසා ජය සංකේතය ලබා ගැනීම පසෙක තබා රෝහල්ගත වීමට සිදු වූ පුවතක් හසලක ප්‍ර


තෑගි සාරියත් කූල් පෙට්ටියේ
2024 අප්‍රේල් මස 24 922 0

අලු‍ත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලු‍ත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත


අවුරුදු උත්සවේ ගම හරහා දිවිල්ල වැසිකිළියෙන් නවතී
2024 අප්‍රේල් මස 23 699 0

අවුරුදු උත්සව ධාවන තරගයකදී සිදු කළ විහිළුවක් පැටලී අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ගම්මු


සාදය අස්සේ බිරියයි දුවයි වාෂ්ප වෙලා
2024 අප්‍රේල් මස 22 1170 2

අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු


තහනම් ගහ බිරියට හසුවී සූර් සැමියාගේ වෙරිහිදිලා
2024 අප්‍රේල් මස 20 914 0

අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්‍


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1729 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site