(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
රෙදිපිළි සාප්පුවක ඩමියක හැපී ‘අනේ නංගි සොරි’ කියද්දී වටපිටාවේ සිටියවුන් සිනාසෙනු දැක රෙදි මිලදී ගැනීම පසෙකලා ආපසු ගිය අක්ක නඟෝ දෙදෙනකු පිළිබඳව කොළඹට නුදුරු නගරයකින් පසුගිය නත්තල් උත්සව සමයේදී අසන්නට ලැබිණි.
නාගරික පරිසරයක හැදුණු වැඩුණු සොයුරියන් තිදෙනෙකි. දෙවැනි අක්කා වසර ගණනකට ඉහත දී විවාහ වී ගියේ ගැමි පරිසරයකටය. ගමට ගිය දෙවැනි අක්කා මහගෙදර එන්නේ වසරකට එක් වතාවකි. ඒ දෙසැම්බර් පාසල් නිවාඩුවටය.
තම දරුවන් ද සමග ඉකුත් දාක ඇය මහගෙදරට පැමිණියාය. ඒ පැමිණි පසු ෂොපින් යාම මේ දෙන්නාගේ පුරුද්දකි. දෙයක් අවශ්‍ය නැති වුවත් මේ නංගිලා දෙන්නා සාප්පු සාවාරි යන්නේ නව නිපැයුම් ආදිය දැක ගන්නට අවස්ථාව සැලසෙන නිසාය.
කුලියට ගත් ත්‍රිරෝද රියකින් මේ අක්කා නඟෝ නගරයේ වෙළෙඳ ආයතනයකට ගියහ. දැන් තිදෙනා ඉහළ මාලයට යන්නේ ස්වයංක්‍රීය පඩිපෙළ දිගේය. එක් එක් ඩමිවලට අන්දවා ඇති ඇඳුම් දෙස බලමින් නංගිලා දෙන්නා ඒවා තම දියණියන්ට සුදුසු ඒවා බවට නිගමනය කරද්දී අක්කා නිහඬව ගමනේ යෙදුණි. ඉහළ මාලයට ගියා පමණි.
ඉදිරියට තැබූ පය පැටළී අක්කා වැටෙන්නට ගියේය. ඇය ඩමියක හැප්පීමත් සමග ඩමිය ද පැත්තකට විසි වී ගියේය. තරුණියක ලෙස එම ඩමිය දුටු අක්කා “අනේ නංගි සොරි සොරි” කියද්දී අසල සිටි වෙළෙඳ සේවිකාවන් මෙන්ම රෙදි මිලදී ගැනීමට පැමිණ සිටි කතුන් ද සිනාසෙන්නට වීම නිසා සොහොයුරියෝ දෙදෙනා බලවත් අපහසුතාවකට පත්වූහ.
සිනාව නවතා ගැනීමට නොහැකි නිසාම ඔවුහු ඇඳුම් ගැනීම පැත්තක තබා හෙමින් සීරුවේ වෙනත් රෙදි කඩයකට ගියෝය. එවිට නංගි අක්කා අමතා කීවේ “කවුරු ඇඟේ හැප්පුනත් සොරි කියන්න නම් එපා” කියාය.
වසර ගණනාවක් තම උපන් ගෙදරට එන්නේ නැතිව පිටස්තර ප්‍රදේශයක වත්තක් බලාගෙන ජීවත් වූ තනිකඩ පුද්ගලයෙකු පසුගිය අවුරුදු සමයේ තම මිතුරෙකු ද සමග ගමට පැමිණීමට පි
බක්මහ උළෙලකදී මැරතන් ධාවන ශූරයකු තරගය අවසානයේ වතුර වෙනුවට පොල් තෙල් පානය කිරීම නිසා ජය සංකේතය ලබා ගැනීම පසෙක තබා රෝහල්ගත වීමට සිදු වූ පුවතක් හසලක ප්‍ර
අලුත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලුත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත
අවුරුදු උත්සව ධාවන තරගයකදී සිදු කළ විහිළුවක් පැටලී අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ගම්මු
අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු
අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
අක්ක නගෝ දෙන්නා ඩමියකට සොරි කියලා