ඔහු දුර බැහැරක නිසා රැකියාව කළ ආයතනය පිහිටි නගරාසන්නයේ ගමක බෝඩිමක නතර විය. ටික දිනක් යනවිට එම ආයතනයේම රැකියාව කළ සම වයසේ අයකු ඔහුගේ හොඳම මිතුරා බවට පත්විය.
මිතුරා එම ගමේම පදිංචිකරුවෙකි. නිවාඩු දිනවල දෙදෙනා එක්ව බොහෝ දේ කතා කළහ. එම ගමට දීර්ඝ ඉතිහාසයක් ඇති බව දැනගත් ඔහු ගම ගැන තොරතුරු එක්රැස් කළේය.
මෙසේ කාලය ගතවී යද්දී ඔහුට තරුණියක් මුණගැසිණි. ඇය ඔහු සේවය කරන ආයතනය පිහිටි නගරයේම පෞද්ගලික ආයතනයක සේවය කළාය. ටික දිනක් යනවිට එය ප්‍රේම සම්බන්ධයක් බවට පත්විය. උපන් ගමේ සිට සැතපුම් සිය ගණනක් දුර බැහැර සිටින ඔහුට ඇයගේ හමුවීම මහත් අස්වැසිල්ලක් විය.
එහෙත් ඇයගේ වෙනත් සම්බන්ධතා ඇති බවට ඔහුගේ කනට වැටීමත් සමඟ ඔහු ඇය මගහරින්නට උත්සාහ කළත් එයට ඇයගෙන් ඉඩක් නොලැබිණ. මේ අතර තමාගේ හොඳම මිතුරා ද ඔහු සමඟ හිත යටින් විශාල කෝන්තරයකින් පසුවන බව ඔහුට දැනිණි. කෙසේ වෙතත් ඔහුත් ඇයත් එම නගරයෙන් පිටත වෙනත් නගරයකදී පසුගිය සතියේ දිනක හමුවිය. ඉන්පසු දෙදෙනා නතර වුණේ ලැගුම්හලක කාමරයක් තුළය.
මෙය ඔහුට තරමක අලුත් දෙයක් වුව ද ඇයට නම් අලුත් දෙයක් නොවීය. මෙවැනි වේලාවකදී පළමුව පිරිසිදු විය යුතු බව සිතූ ඔහු සියලුම ඇඳුම් උනා කාමරයේ ඇඳ මත තබා නාන කාමරයට වැදුණි. ඔහු සතුටින් සුවඳ සබන් ගා ඇඟ සෝදා විලවුන් ද තවරා ගත්තේය. පසුව ඔහු නාන කාමරයේ දොර අරින්නට අගුල කරකැවීය. පුදුමයකි. දොර විවෘත නොවීය. කොතෙක් උත්සාහ කළත් එය අසාර්ථක විය. දොර පිටතින් අගුලු දමා ඇති බව පැහැදිලි විය.
නාන කාමරයෙන් පිටතට ඒමට බොහෝ වේලාවක් උත්සාහ කළත් අසාර්ථක විය. දොරට තඩි බැවේය. අවසානයේ කෑ ගැසුවේය. පැය කිහිපයකට පසු කාමරයේ කිසියම් අමුත්තක් දැනී සේවකයෙක් ආවේය. නාන කාමරයේ කිසිවකු සිටින බව දැනී සේවකයා වහාම දොර පිටතින් දමා තිබූ අගුල ඇරියේය. මහත් වෙහෙසට හා ලජ්ජාවට පත්ව සිටි ඔහු ඇඳ ඇතිරිල්ල දවටා ගත්තේය. ඇඳ උඩ තිබූ ජංගම දුරකථන, මුදල් පසුම්බිය පමණක් නොව ඔහුගේ යට ඇඳුමේ සිට සියල්ලම ඇය ගෙන ගොස්ය.
ලැගුම්හලේ කළමනාකරු ද කාමරයට පැමිණියේය. ඔහුට නූල් පොටක්වත් ඉතිරි වී නැත. කාමර කුලිය කෙසේ වෙතත් ඔහු ලැගුම්හලේ සේවකයකුගෙන් ඇඳුමක් ඉල්ලාගෙන බෝඩිමට ආවේය. ඔහු මහත් මානසික වේදනාවට හා ලජ්ජාවට පත්ව සිටියේය. ඇය සෙව්වත් සොයා ගැනීමට නොහැකි විය.
මේ අතර අවස්ථා කිහිපයකදී ඇයට දුන් දුරකථන ඇමතුම්වලින් එක ඇමතුමකට පිළිතුරු ලැබිණ. ඔහුගේ සියලු දේපළ ගඟට දැමූ බව ඇය පැවැසුවාය. පසුව ඔහු පොලිසියට පැමිණියේ සාධාරණය ඉටු කරවා ගැනීමටය. පැමිණිල්ල අනුව පොලිසිය ක්‍රියාත්මක විය. තරුණිය අත්අඩංගුවට පත්විය. පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ සොරකම් කළ ඔහුගේ දේපළ එම ආයතනයේම සේවය කරන ඔහුගේ මිතුරාට ලබා දී ඇති බවය. ඒ අනුව එම පුද්ගලයා ද අත්අඩංගුවට පත්විය. ඒ වනවිට ඔහුගේ ජංගම දුරකථනයේ තිබූ සමහර දර්ශන තවත් පිරිස් වෙත ද බෙදාහැර අවසන්ය.
රුපියල් 11,440ක් වටිනා දේපළ සොරකම් කිරීම, සාපරාධී සාවද්‍ය ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් සැකකාරියත් එයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකකරුත් දෙදෙනා ගාල්ල පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උදය සෙනවිරත්න මහතාගේ උපදෙස් පරිදි සැරයන් රංජිත් සිල්වා (7718) මහතා විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
එහිදී ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ. නිශාන්ත පීරිස් මහතා සැකකාරියට හා සැකකරුට දැඩි ලෙස අවවාද කොට එක් අයකු රුපියල් විසිපන් දහසක මුදල් ඇපයක් සහ රුපියල් විසි ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළේය.
උණවටුන ඩී.ජී. සුගතපාල
වසර ගණනාවක් තම උපන් ගෙදරට එන්නේ නැතිව පිටස්තර ප්‍රදේශයක වත්තක් බලාගෙන ජීවත් වූ තනිකඩ පුද්ගලයෙකු පසුගිය අවුරුදු සමයේ තම මිතුරෙකු ද සමග ගමට පැමිණීමට පි
බක්මහ උළෙලකදී මැරතන් ධාවන ශූරයකු තරගය අවසානයේ වතුර වෙනුවට පොල් තෙල් පානය කිරීම නිසා ජය සංකේතය ලබා ගැනීම පසෙක තබා රෝහල්ගත වීමට සිදු වූ පුවතක් හසලක ප්‍ර
අලුත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලුත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත
අවුරුදු උත්සව ධාවන තරගයකදී සිදු කළ විහිළුවක් පැටලී අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ගම්මු
අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු
අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
හොඳම යාළුවයි සූකිරි කෙල්ලයි දීපු ගේමෙන් භෘංගයා තනිවෙලා නාන කාමරේ හෙළුවෙන්
akila Saturday, 14 July 2018 12:05 PM
දකුණේ ගැහැණුන්ව විශ්වාස කරන්නම බැහැ කියලා ගොඩක් අය කියන්නේ ඕකයි.