IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පුතාගෙ ගෙදර යන්න ආ පියාට බස් නොම්මරය පැටලී තරු පෙනිලා

(පොල්ගස්ඕවිට – එස්. වික්‍රමආරච්චි)
නාගරික ප්‍රදේශයක අලුතෙන් පදිංචියට ගිය සිය පුත්‍රයාගේ නව නිවෙසට ගෙවැදීමේ උත්සවයට සහභාගි වීම සඳහා ගමේ සිට පැමිණෙමින් සිටි වයස්ගත පියාට පුතා විසින් කියන ලද අංකය සඳහන් බස් රථය සොයා ගැනීමට නොහැකිවීමෙන් ඔහු මහත් අසීරුවට පත්වීමේ පුවතක් පසුගියදා කොට්ටාව ප්‍රදේශයෙන් වාර්තා විය.


වාර්තා වූ අන්දමට සිද්ධිය මෙසේය.


අගනුවරට ආසන්න ප්‍රදේශයක රැකියාවක් කළ මෙම තරුණ පුත්‍රයා එම ප්‍රදේශයෙන්ම ඉඩම් කැබැල්ලක් මිලදී ගෙන එහි ඉදිකළ නව නිවෙසට ගෙවැදීම පසුගියදා සිදුකෙරිණි.


මෙම අවස්ථාවට සහභාගිවීම සඳහා කොළඹ යාමට ඇඟිලි ගනිමින් සිටි ගමේ සිටින වයස්ගත පියා කුරුඳු, ගම්මිරිස්, ගොරකා මෙන්ම හාල් තුනපහ ආදී අඩුමකුඩුම ද එක්රැස් කළේ සති ගණනකට පෙර සිටය.


නියමිත දිනට පෙර දින නිවසේ දුරකතනයට ඇමතුමක් ගත් පුත්‍රයා පියාට උපදෙස් දුන්නේ ඇඹිලිපිටියෙන් කොළඹ එන බසයක පැමිණ කොට්ටාවෙන් බැස කොට්ටාවෙන් 342 බස්රියක පැමිණෙන ලෙසයි.පුතා පැවසූ පරිදි නිවසේ ලිපිනයත් 342 අංකයත් කොළ කැබැල්ලක ලියා ගත් පියා එය සුරැකිව තබාගත්තේය.


පුතාගේ උපදෙස් පරිදි පසුදින අලුයම බස් රියකින් පැමිණ කොට්ටාවෙන් බැසගත් පියා කොට්ටාව බස් නැවතුම්පොළ පුරා ඇවිදිමින් එහි නතර කර තිබූ සෑම බස් රථයකම ඉදිරිපස සහ පසුපස අංක තහඩු පරීක්ෂා කරමින් 342 නොම්මරය සහිත බස් රථයක් සොයන්නට වූයේ මාර්ග අංකවලින් බස්රථ හැඳින්වීමක් පිළිබඳව ඔහුට දැනුමක් නොතිබූ නිසාය.


කිලෝ පහළොවක් පමණ බරැති මල්ලක් ද කරමත තබාගෙන බස් නැවතුම්පොළ පුරා සැරිසැරීමෙන් අධික තෙහෙට්ටුවට පත් අසරණ පියා බැරිම තැන බස් රියක් අසල සිටි පුද්ගලයකුට තම අතේ ගුලිකරගෙන සිටි කොළ කෑල්ල පෙන්වා ඒ පිළිබඳව විමසීය.එම පුද්ගලයා විසින් පහසුවෙන්ම මාර්ග අංක 342 බස් රථයක් පෙන්වා දීම නිසා යාන්තම් දිවා ආහාරය වේලාව වනවිට පියාට පුතාගේ නිවෙසට යාමට හැකි වුණාලු.



අදහස් (1)

පුතාගෙ ගෙදර යන්න ආ පියාට බස් නොම්මරය පැටලී තරු පෙනිලා

sampath Monday, 24 February 2020 10:57 AM

මේ පුතානම් මහා පුදුම පුතෙක්... තමන්ගේ දෙමාපියන්ගේ තරම තේරුම් අරන් ඒ මිනිස්සුන්ට තේරෙන භාෂාවෙන් පැහැදිලිව කියන්න ඕනේ නේද? සමහර නිලධාරීන් ජනතාවට උපදෙස් දෙන්නෙත් මේ විදියටමයි. කියපු කිසිදෙයක් තේරෙන්නේ නැහැ... ලැජ්ජාවට අහන්නත් බැහැ. ඇහුවත් කඩන් පනිනවා..

:       0       37

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 7 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 696 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site