IMG-LOGO

2025 නොවැම්බර් මස 24 වන සඳුදා


කැසීමට මිතුරා දුන් බෙහෙත ගා දෙවියන් සිහිවෙලා

(කරුවලගස්වැව ජයරත්න වික්‍රමාරච්චි) 
සිය ශරීරයේ ඉනෙන් පහළ පෙදෙසක හටගත් සමේ රෝගයකට ගොඩ වෙදකමක් කිරීමෙන් ඇතිවු දැවිල්ලක් නිසා මහත් සේ පීඩාවට පත් පුද්ගලයකු තමන්ට උන්හිටිතැන් පවා අමතකව කෑ ගසමින් ගම හරහා දිව ගොස් ජලය පිරවූ බැරලයකට බැස සිටි පුවතක් පසුගියදා නවගත්තේගම ප්‍රදේශයට නුදුරු ගමකින් වාර්තා විය. 


එම වාර්තාවට අනුව රෝගී පුද්ගලයාට මෙම ගොඩ වෙදකම කළ පුද්ගලයාද යම් හෙයකින් රෝගියා කිසියම් අනතුරක් කර ගනිවී යැයි ඇති වූ සැකය හා බිය නිසා ඔහුව වළක්වාලීමට ඔහු පසුපසින් දිවගොස් ඇති බවත් එම වාර්තාවෙන් කියැවිණි. 


වාර්තා වූ අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය. 


රෝගී පුද්ගලයාත් ඔහුට මෙම ගොඩ වෙදකම කළ පුද්ගලයාත් යන දෙදෙනාම මිතුරන් වන අතර මැදි වයසේ පසුවන ඔවුන් එකම ගමේ සැතපුමක පමණ දුර පරතරයක පදිංචිකරුවන් බවද කියති. 


කලක සිට සිය ශරීරයේ ඉනෙන් පහළ සමේ කැසීමේ රෝගයකට ගොදුරු වී සිටි බව කියන එම රෝගී පුද්ගලයා ඊට ප්‍රතිකාර ලබාගැනීම සඳහා රෝහලකට හෝ ඊට සුදුසු වෛද්‍යවරයකු වෙත යෑමට මැලිකමක් දක්වා ඇත. රෝගය පවතින ස්ථානය වෛද්‍යවරයාට පෙන්වීමට ඔහුට ඇති වූ ලජ්ජාව එසේ නොයාමට හේතුව බවද කියති. 


ඒ අනුව කෙමක් යැයි පවසා සිය මිතුරා විසින් දෙහි ඇඹුලෙන් අඹරා දුන් බව කියන ගොඩ බෙහෙතක් මිතුරාගේ නිවසේදීම අදාළ රෝගියාගේ ගෑමෙන් පසුව හටගත් දැවිල්ල දරාගත නොහැකිව ඔහු මෙසේ කෑ ගසමින් ගම හරහා නිවසට දිව ගොස් ඇති බවද පැවසේ. 


දැවිල්ලේ හා දිවිල්ලේ තරම කෙතෙක් ද යත් රෝගී පුද්ගලයා ප්‍රතිකාරය සඳහා සිය මිතුරාගේ නිවසට පැමිණ ඇත්තේ යතුරු පැදියකින් බවත් මෙහිදී ඔහුට එයද අමතකවී ඇති බවත් පැවසේ.


මෙසේ නිවසට දිව ගොස් ඇති ඔහු එහි වැසි ජලයෙන් පිරී තිබූ බැරලයකට බැස පැය තුනක පමණ කාලයක් සිට ඇති බවත් පසුව ලැජ්ජාව පසෙකලා බිරියත් සමග නගරයට ගොස් ඊට අදාළ වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ගෙන ඇති බවත් කියති.   

 



අදහස් (0)

කැසීමට මිතුරා දුන් බෙහෙත ගා දෙවියන් සිහිවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 67 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 165 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1016 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site