IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


අනවසරයෙන් ගේකට රිංගුවාට කතුන්ට වැඳ සමාව අරන්

පාසල් යන දැරියක හා තරුණියක සිටි නිවසකට ඇතුළු වී ඔවුන් බියවැද්දූ සුරාබදු නිලධාරීන් පිරිසකට වැඩ වැරදී නැවත එම නිවසට පැමිණ නිවැසියන් ඉදිරියේ සමාව ගැනීමට සිදුවූ පුවතක් කෑගල්ල මූලස්ථාන පොලිසියෙන් වාර්තා වෙයි.


සිද්ධිය මෙසේය.


ඉකුත් 4 වැනිදා සිවිල් ඇඳුමින් ගල්ගමුව බල්ලපාන ප්‍රදේශයේ නිවසකට ඇතුළු වූ පිරිසක් නීති විරෝධී මත්පැන් ඇතැයි කියමින් නිවස සෝදිසි කර ඇත.


එම අවස්ථාවේ නිවසේ වැඩිහිටියන් රාජකාරි සඳහා ගොස් ඇති අතර, නිවෙසේ සිටියේ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුවියත් ඇගේ සහෝදරියත් පමණි. එහි පැමිණි පිරිස කාමරයක් කාමරයක් ගානේ සෝදිසි කරමින් තරුණියන්ගේ කාමරවලට ද ඇතුළු වී ඔවුන්ගේ ඇඳුම් පැලඳුම් තිබෙන තැන් ද අවුස්සමින් මේ ඔයාගේ කාමරය ද කියා අසමින් පරීක්ෂා කර ඇත.


ඉන් බියට පත් තරුණියක කෑගල්ල රෝහලේ සේවය කරන ඇගේ මවට දුරකතන ඇමතුමක් ගෙන කවුදෝ මිනිසුන් තුන්දෙනකු පැමිණ නිවසේ සියල්ල අදිමින් මොනවදෝ හොයනවා. අපිට බයයි කියා පැවසීමෙන් කලබලයට පත් මව කඩිමුඩියේ නිවසට පැමිණ කවුද කියා හඳුනා ගැනීමට නිල ඇඳුමකින් නොසිටි බැවින් ඔවුන්ගෙන් අනන්‍යතාව විමසද්දී තමන් සුරාබදු නිලධාරින් බවත්, හඳුනා ගැනීමට නිල හැඳුනුම්පත පෙන්වා සිටින ලෙස ඉල්ලා සිටිය ද පැමිණි පිරිස එලෙස නොකිරීම හේතුවෙන් සැක සිතී කෑගල්ල පොලිස් අධිකාරි කාර්යාලයට දැනුම් දී ඇත.


කෑගල්ල පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරිය, සුරාබදු කාර්යාලයට දැනුම් දීමෙන් පසුව එහි නිලධාරීන් පැමිණි අතර, දෙපාර්ශ්වයම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වෙත යොමු කරනු ලැබූහ. 


කිසිදු දැනුම් දීමකින් තොරව ගිය බවත්, තමන් නිවස සෝදිසි කිරීම වැරදීමකින් සිදුවූ බව සුරාබදු නිලධාරීන් පිළිගෙන තමන්ගෙන් වූ වරදට කුමක් කළ යුතු දැයි ඇසීමෙන් පසුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා කියා ඇත්තේ පැමිණිලි කළ මහත්මියගෙන් අසා ඒ අනුව කටයුතු කරන ලෙසයි.


මෙම ක්‍රියාකලාපය හේතුවෙන් ඇය ගම තුළ විශාල අපකීර්තියට පත්වූ බවත්, තම තරුණ දූ වරුන් බියට හා ලැජ්ජාවට පත්වූ බැවින් නැවත ගමට පැමිණ නිවැරැදි කරන ලෙස කියා සිටියාය.


ඒ අනුව සුරාබදු නිලධාරීන් එම නිවසට පැමිණ නිවැසියන්ගෙන් සමාවගෙන ඇත්තේ අවට නිවෙස්වල පිරිසක් රැස්කරමින් බව ද වාර්තා වෙයි.

(ගලිගමුව විශේෂ රොහාන් කුමාර දිසානායක)

 



අදහස් (1)

අනවසරයෙන් ගේකට රිංගුවාට කතුන්ට වැඳ සමාව අරන්

දිමුත් Monday, 17 February 2020 06:54 AM

ගම වටේ යවන්න තිබ්බේ. එතකොටවත් රාජකාරිය නිසි පරිදි කරන්න ඉගෙනගනියි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 168 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 367 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 377 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site