(මොරගොල්ලාගම සිසිර කැලේගම)
නිවෙසට පැමිණි පිටස්තරයකු පැවසූ අනාවැකියක් නිසා ඔහු ප්‍රදේශයේ ප්‍රසිද්ධියක් උසුලන සාස්තරකාරයකු බවට ප්‍රසිද්ධ වූ පුවතක් යාපහුව පුරවරයේ පිටිසර ගම්මානයකින් අසන්නට ලැබුණි.
අනාවරණය වූ ආකාරයට සිද්ධිය මෙසේය.
දිනක් නාඳුනන හැඩි දැඩි තරුණයකු මෙම නිවෙසට පැමිණ ඇත්තේ පිපාසයට වතුර බීම සඳහාය.
ඔහු එහි නැවතී වතුර බොන අතරවාරයේ “ මහත්තයා පුංචි කාලේ රිය අනතුරකින් අනූනවයෙන් බේරුණා නේ ද? මහත්තයාගේ ලග්නය සිංහ නේ ද”? යනුවෙන් ප්‍රශ්න කළේය.
ඇදහිය නොහැකි ලෙසට ඒ දෙස බලා සිටි ගෙයි හිමියා තම බිරිඳටත් අඬ ගැසුවේය.
“නෝනා මහත්තයා, ඔයත් සර්පයකු දෂ්ට කිරීමෙන් ජීවිතය බේරා ගත් කෙනෙක් නේ ද? ඔයාගේ ලග්නය මිථුන බව නම් පැහැදිලියි.”
ඔහු ඇයටත් සාස්තරයක් කියන්නට විය.
අනේ, මෙයා කියන දේවල් ඔක්කෝම ඇත්ත, යනුවෙන් ඒ දෙදෙනාම තව දුරටත් සමීප වී ආගන්තුකයාගෙන් ඒ පිළිබඳව තවදුරටත් සාස්තර අසන්නට විය.
ඔය දෙන්නට ඉන්නේ එකම දියණියකි. ඇයගේ විස්තර, වයස, හැඩහුරුකම සියල්ලට අනුව නිවෙසේ නොමැති දියණිය ගැන ද කියන්නට වුණි.
ඇයට සිකුරා බැල්ම හෙළා ඇත. ඇයගේ විවාහය ළඟදීම සිදු වෙනවා. හැබැයි, ඔයාලා මොනවා කීවත් ඇයගේ විවාහය හිතුවක්කාර තීරණයකට අනුව තමයි වෙන්නේ. ඇය පලා යන්නේ මාතලේ ප්‍රදේශයේ අහවල් ගමට ය. තම පවුලට පෑහෙන පවුලක් නම් නෙමෙයි. ඇයගේ නිවෙස ඉදිරිපිට වැවක් තිබෙනවා. ඇය වාසය කරන නිවහන තිබෙන්නේ වැව් වානේ. ඔහු ෙතාරතෝංචියක් නැතිව කියාගෙන යන්නට විය.
දුව ගැන කිසිදු සැකයක් නොමැති අම්මා තාත්තා දෙදෙනා ගෙදර ඇය නැති අතරේ සාත්තරේට කියු දේවල් ඇයට දැන ගන්නට ඉඩ තැබුවේ නැත. එහෙත් ඔවුන් දියණියගේ සිකුරු අපලයට කළ හැකි දේ කරන්නට සූදානම් වුණි. එවැනි සාත්තුවක් කරන්නට දින වකවානු සැලසුම් කරන අතරවාරයේ ඇය පලා ගියාය.
ඇය ආගිය අතක් නැත. ඇය සොයා ගත නොහැකි වුවත් සාත්තරේට කියු මාතලේ ප්‍රදේශයේ සඳහන් ග්‍රාමය ගැන ඔවුන් විපරම් කර බැලීය.
ඇය, එහි සිටිනවාය. සිදු වූ දේවල් අතර සාත්තරකරුවා කිරි ගහට ඇන්නා වාගේ මේ දේවල් කිව්වේ කොහොම ද? ඔවුහු කල්පනා කරන්නට වූහ.
සාත්තරකාරයා කියු දේවල් ඇසූ ගම්මු පවා පුදුමයට පත් වූහ. ඔහු සොයා යාමට ඔවුන්ට ද දැඩි අවශ්‍යතාවක් විය.
මව්පිය යුවළ ඥාතීන් හා ගම්මුන් කැටුව එම නිවහන සොයා ගියේය. නිවහන වැවක් අසල වානේ තිබෙනු දැක ගිය පිරිස සාස්තරේ කියූ තැනැත්තා ගැන තව තවත් විමතියට පත්ව ඇත.
ගතවූවේ නිමේෂයකි. එම සාස්තරකරුවා එම නිවෙසේ සිටිනු දැක දියණියගේ මව්පිය දෙපල අන්දුන්කුන්දුන් වී තිබේ.
වතුර බොන මුවාවෙන් එදා නිවසට පැමිණ සාස්තර කියා ඇත්තේ දියණිය අත ගෙන සිටින සැමියාගේ අතිජාත මිත්‍රයකු බව හෙළි විය. ඔහු සිදුවන්නට යන මංගල්‍යයේ හොරගල් ඇහිලීම සඳහා එහි ගොස් ඇති බවට අනාවරණය වනවිට සිදුවිය යුතු සියල්ල සිදු වී හමාර බවත් පවසමින් එම යුවළ රැස්ව සිටි පිරිස අතරේ සුසුම් හෙලුවාලු.
වසර ගණනාවක් තම උපන් ගෙදරට එන්නේ නැතිව පිටස්තර ප්‍රදේශයක වත්තක් බලාගෙන ජීවත් වූ තනිකඩ පුද්ගලයෙකු පසුගිය අවුරුදු සමයේ තම මිතුරෙකු ද සමග ගමට පැමිණීමට පි
බක්මහ උළෙලකදී මැරතන් ධාවන ශූරයකු තරගය අවසානයේ වතුර වෙනුවට පොල් තෙල් පානය කිරීම නිසා ජය සංකේතය ලබා ගැනීම පසෙක තබා රෝහල්ගත වීමට සිදු වූ පුවතක් හසලක ප්‍ර
අලුත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලුත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත
අවුරුදු උත්සව ධාවන තරගයකදී සිදු කළ විහිළුවක් පැටලී අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ගම්මු
අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු
අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
සාත්තරේ සූත්තරයෙන් මිතුරාට කෙල්ල සෙට්කරලා