(හසලක වාර්තාකරු)
ඔහු තිස් හතර හැවිරිදි වියේ පසුවන තරමක් මෝඩ පහේ අවිවාහකයෙකි. පියාගේ ඇවෑමෙන් පසු හැත්තෑ තුන් හැවිරිදි මව සමඟ ජීවත් වූ මොහු ගමේ කවුරුත් ඉතා කුළුපගව ඇසුරු කළේය. දිනක් ගමේ තරුණ පිරිසක් සමඟ කතාබහ කරමින් සිටින විටදී ඔවුන් ඔහුට යෝජනා කළේ අපි හැමෝම ගැහැනු ළමයි එක්ක යාළුවෙලා ඉන්නවා වාගේ ඔයත් ගැහැනු ළමයෙක් එක්ක යාළුවන ලෙසය.
මේ අදහස සිතේ තදින්ම කා වැදුණු ඔහු දිනක් තම ගමට යාබද ගමක පදිංචි අවිවාහක විසිහතර හැවිරිදි තරුණියක හමුවී තම අදහස ඇයට කීවේය. ඇය ගත් කටටම පැවැසුවේ ඒ අදහසට තමන් ටික දිනකින් කල්පනා කර බලා පිළිතුරක් දුරකතනයෙන් ලබාදෙන බවත් ඒ සඳහා තමන්ගේ ජංගම දුරකතනයට රුපියල් පන්දහසක රීලෝඞ් එකක් දමන ලෙසත්ය. ඇය තම ජංගම දුරකතන අංකය සටහන් කළ කොළයක් ද ඔහු අතට පත් කළාය.
ඉහේ මලක් පිපුනා සේ උද්දාමයට පත් ඔහු වහාම නිවෙසට දිව ගියේය. මව ඒ වනවිටත් නිවෙසින් පිටත කිසියම් වැඩක නිරත වී සිටියාය. එය ඔහුගේ වැඬේට පහසු විය. නිවෙසට ගොඩවූ ඔහු මවගේ අල්මාරිය හොර රහසේම විවෘත කර එහි තිබූ රුපියල් 5000 මුදල් නෝට්ටුවක් ගෙන පෙරලා දිව ගියේ ගමේ ජංගම දුරකතන අලෙවි කරන වෙළෙඳසලකටය. කඩිමුඩියේ එම ආයතනයට ගොඩවූ ඔහු එහි සිටි සේවිකාවකට මුදල් නෝට්ටුව දී පැවැසුවේ කඩදාසි කොළයක සටහන් කරගෙනවිත් තිබූ දුරකතන අංකයට රීලෝඞ් එකක් දමන ලෙසය.
මේ පුද්ගලයා ගැනත් පවුල ගැනත් තොරතුරු දන්නා තරුණිය සිතුවේ මේ මුදල අනිවාර්යයෙන්ම මවගෙන් සොරකම් කරගෙන ආ බවත් මොහු කාගේ හෝ මුලා කිරීමකට හසුවී ඇති බවත්ය.
ඔහොම වාඩිවෙලා ඉන්නැයි ඔහුට පැවැසූ ඇය වහාම තරුණයාගේ මවට දුරකතනයෙන් කතා කර සිද්ධිය පවසා ඇත. ඒ අනුව ක්‍රියාත්මක වූ මව ත්‍රිරෝද රථයකින් පැමිණ වෙළෙඳසල ඉදිරිපිටින් බසිනවාත් සමඟ තරුණයා පස්ස නොබලා දිව ගියේ මවගෙන් ලැබීමට නියමිත ගුටි පූජාවෙන් බේරීමට බව එම ස්ථානයේ සිටි කාටත් අවබෝධ විය. වෙළෙඳ සේවිකාවගේ ස්ථානෝචිත ප්‍රඥාව නිසා තම දරුවාත් මුදලුත් බේරාදීම ගැන එම මව තරුණියට මුව නොසෑහෙන්න ස්තුති කර පිටව ගියේ මෙවන් අහිංසකයන්ගෙන් මුදල් සූරා ගන්නා කාන්තාවන්ට නම් හොඳක් වෙන්න එපා යැයි කියා රුපියල් පන්දහසක මුදල ද අතේ ගුලි කරගෙනය.
වසර ගණනාවක් තම උපන් ගෙදරට එන්නේ නැතිව පිටස්තර ප්‍රදේශයක වත්තක් බලාගෙන ජීවත් වූ තනිකඩ පුද්ගලයෙකු පසුගිය අවුරුදු සමයේ තම මිතුරෙකු ද සමග ගමට පැමිණීමට පි
බක්මහ උළෙලකදී මැරතන් ධාවන ශූරයකු තරගය අවසානයේ වතුර වෙනුවට පොල් තෙල් පානය කිරීම නිසා ජය සංකේතය ලබා ගැනීම පසෙක තබා රෝහල්ගත වීමට සිදු වූ පුවතක් හසලක ප්‍ර
අලුත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලුත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත
අවුරුදු උත්සව ධාවන තරගයකදී සිදු කළ විහිළුවක් පැටලී අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ගම්මු
අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු
අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ලව් කරන්න පන්දාහක රීලෝඞ් කොන්දේසියක්