රජරට පුරවරයෙන් වයඹ පුරවරයට ගම ගෙදර බැලීමට පැමිණි ඥාතීන් පිරිසකට අවට ප්‍රදේශයේ තරුණයන් එක්ව ලබා දුන් තෑග්ගකින් ගම ගෙදර බැලීමට පැමිණි පිරිස දැඩි අසරණතාවකට පත් වූ පුවතක් මහවැලි එච්. 4 කලාපයේ ගම්මානයකින් අසන්නට ලැබුණි.
සිද්ධිය මෙසේය.
පෙම්වතා රජරට පුරවරයේ එච් කලාපයේය. පෙම්වතිය වයඹ පුරවරයේ ජනපද ගම්මානයකය. ඔවුන් දෙදෙනා අතර කලක සිට ඇත්තේ ප්‍රේම සම්බන්ධතාවකි. දෙදෙනාම නිසි වයස් සපුරා ඇති බැවින් ඔවුන්ගේ ගම ගෙවල් බැලීමට වැඩිහිටියෝ තීරණය කළහ.
ඒ අනුව පසුගිය දිනෙක පෙම්වතාගේ පාර්ශ්වය පෙම්වතියගේ නිවහන පිහිටි වයඹ ජනපද ගම්මානයට පැමිණියේය.
ඔවුන් එහි පැමිණ දෙපාර්ශවයේ ඥාතීන් එක්ව කාලය ගත කරමින් සිටින අතර වාරයේ ඒ අවට ගම්මානයක තරුණ පිරිසක් පෙම්වතාගේ පවුලේ අයවලුන් සොයා එහි පැමිණියහ.
එහි මිදුලේ නවතා තිබූ වෑන් රථයක් පෙන්වා ඉන් පැමිණි පිරිස කවුදැයි තරුණයෝ විමසූහ.
ඔයාලා අපි මීට ඉස්සර දැකලා නැහැ. නමුත් අපි පාර දිගට ඔයලා ආ විස්තර හොය හොයා කිලෝ මීටර් හතක විතර දුරක් ගෙවාගෙන තමයි මේ ආවේ. අපි හිතුවේ ඔයාලා හොයාගන්න බැරිවෙයි කියලා. කෙසේ වෙතත් හමුවීම ගැන සන්තෝෂයි.
අපි ආවේ ඇයි කියලා දන්නවාද? ඔයාලා එද්දි ගෙනාපු තෑග්ගක් මග දාලා ආවා. ඒක හිතාමතා වැටුණාද, දාලා ආවද දන්නේ නැහැ. ඒ වුණත් අපි ඒක දීලා යන්නයි ආවේ. කියා තරුණයින් අතර සිටි කටකාරයෙක් පැවසීය.
“මෙන්න ගන්න කියා එහි ජැංඩියට ඇඳ සිටි රූමත් තරුණියක අත පාර්සල් කළ පෙට්ටියක් තැබුවේය. එය දෝතින්ම ගත් තරුණිය පරීක්‍ෂා කර බලා කෑ මොරදීගෙන විසිකර දමා ඉවතට දිව්වාය. විසිවී ගිය පෙට්ටියෙන් පූස් පැටව් හතර දෙනෙක් එළියට පැන ගත්හ.
“ඔයාලා එද්දී මේ සතුන් ගෙනැවිත් අපේ ගමේ කැලෑ සීමාවේ විසි කරනවා අපි දැක්කා. ඒ හින්දා යනකොට මේවා අරගෙනම ගියොත් හොඳයි. එහෙම නැතුව අතරමග විසි කරලා ගිහින් තිබුණොත් ආයෙත් දවසක මෙහේ මඟුල් කන්න නාවොත් හොඳයි. යනුවෙන් තර්ජනාත්මක ස්වරයෙන් පවසා එළියට විසි වූ පුස් පැටවුන් ටික අල්ලා රජරට පෙදෙසින් විත් නවතා තිබූ වෑන් රථය ඇතුළටම දැමූහ.
තරුණ පිරිස ඉන් ඉවත්ව ගියත් පෙම්වතාගේ පාර්ශවය උදවිය පෙම්වතියගේ නිවසේ රැදී දවල් ආහාරය ගෙන ඒ ගැන වගේ වගක් නොකියා ලැජ්ජාවෙන් යුතුව කල් ගෙවා පූස් පැටව් ටිකත් අරගෙනම එච්. කලාපයේ තම ගම්මානය කරා යන්න ගියාලු.
(මොරගොල්ලාගම සිසිර කැලේගම)
වසර ගණනාවක් තම උපන් ගෙදරට එන්නේ නැතිව පිටස්තර ප්‍රදේශයක වත්තක් බලාගෙන ජීවත් වූ තනිකඩ පුද්ගලයෙකු පසුගිය අවුරුදු සමයේ තම මිතුරෙකු ද සමග ගමට පැමිණීමට පි
බක්මහ උළෙලකදී මැරතන් ධාවන ශූරයකු තරගය අවසානයේ වතුර වෙනුවට පොල් තෙල් පානය කිරීම නිසා ජය සංකේතය ලබා ගැනීම පසෙක තබා රෝහල්ගත වීමට සිදු වූ පුවතක් හසලක ප්‍ර
අලුත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලුත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත
අවුරුදු උත්සව ධාවන තරගයකදී සිදු කළ විහිළුවක් පැටලී අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ගම්මු
අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු
අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
මඟුලට පෙරගමන් ආදා ගමෙන් ඇවිදින තෑග්ගක්