IMG-LOGO

2024 මැයි මස 11 වන සෙනසුරාදා


දවල්ට පින්කමේ රෑට හොරකමේ දවල් මිගෙල් රෑ දනියෙල් නාඩගම සීසීටීවී කැමරාවේ

(බළන්ගොඩ විශේෂ වයි.ඒ.එස්. වීරවංශ)
මෙය බළන්ගොඩට නුදුරු ප්‍රදේශයක සිදුවූ අපූරු සිදුවීමකි. දිවා කාලයේ නවීන පන්නයේ මෝටර් රථයකින් පැමිණෙන පුද්ගලයින් දෙදෙනකු විහාරස්ථානයේ බෝධිය ඉදිරිපිට ඇති පිං කැටයට කිසියම් මුදලක් දමමින් පිටත්ව යන්නේ බෝධීන් වහන්සේට වැඳ නමස්කාර කරමිනි.


නැවත එදිනම මධ්‍යම රාත්‍රියේ ඉහත කී නවීන පන්නයේ මෝටර් රථයෙන් පැමිණෙන මේ පුද්ගලයින් දෙදෙනා විහාරස්ථානයේ පිංකැටය අසලට එන්නේ මුදල් දැමීමට නොව එය කඩා  මුදල් රැගෙන යාමටය.


පසුදින උදෑසන අවදි වී බෝ මළුව ඇමදීමට විහාරාධිපති හිමියන් එම ස්ථානයට ගිය විට පිංකැටය කඩා ඇති අයුරු දක්නට ලැබිණි. වහාම උන්වහන්සේ සී.සී.ටී.වී කැමරා පද්ධතිය පරීක්ෂා කළහ.


කිසියම් ආයුධයක් උපයෝගී කර ගනිමින් මේ පුද්ගලයින් දෙදෙනා පිංකැටය කඩා මුදල් සොරා ගන්නා අයුරු විහාරස්ථානයේ සී.සී.ටී.වී කැමරා පද්ධතියේ සටහන් වී තිබුණි.


මීට පෙර දෙවතාවකදීම විහාරස්ථානයේ පිංකැටය කඩා මුදල් සොරා ගත් නිසා දායක සභාව විසින් සී.සී.ටී.වී. කැමරා පද්ධතියක් සවි කර තිබුණි. ඒ අනුව සියලු විස්තර එහි සටහන් වී තිබුණ අතර පිංකැටය කඩා මුදල් සොරා ගත්තේ කවුරුන් ද යන්න පහසුවෙන් හඳුනා ගැනීමට හැකි විය. 


මේ පිළිබඳව අදාළ පොලිස් ස්ථානයට දැන්වීමෙන් අනතුරුව මෝටර් රථයේ හිමිකරු හා  පිංකැටය කැඩූ පුද්ගලයින් දෙදෙනා කවුරුන් ද යන්න හඳුනාගෙන ඇති අතර ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර තිබේ.

 



අදහස් (0)

දවල්ට පින්කමේ රෑට හොරකමේ දවල් මිගෙල් රෑ දනියෙල් නාඩගම සීසීටීවී කැමරාවේ

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

මිනී කාරයේදී පණ ඇවිත්
2024 මැයි මස 10 864 0

මියගියා යයි පවසා සුවසැරියෙන් ගෙන යාම ප්‍රතික්ෂේප කළ රෝගියකු මරණ පරීක්ෂණය සඳහා අවමංගල රථයකින් රෝහලට ගෙන යන අතරතුර පණ ආ අපූරු පුවතක් දකුණු පළාතේ නගරයකි


පියාගේ මළගමට දියණිය හැඩ වෙලා
2024 මැයි මස 09 1063 0

පියා මියගිය පුවත සැල වූ විගස සියලු‍ කටයුතු නවතා රූපලාවණ්‍යාගාරයක් කරා ගොස් සැරසී පියාගේ දේහය ඉදිරිපිටට වී තමන්ගේ ලස්සන පෙන්නන්නට කටයුතු කළ දියණියක ප


ගජ මිතුරාගෙන් අපූරු තෑග්ගක්
2024 මැයි මස 08 1136 0

සිය මිතුරාගේ දියණියගේ විවාහ මංගල්‍යය වෙනුවෙන් අපූරු තෑග්ගක් ලබා දුන් පුද්ගලයකු පිළිබඳ පුවතකි. මිතුරන් දෙපළ සේවය කරන ආයතනයේ නිලධාරීන්ගෙන් දැනගත් අන්


උපන්දින ඩයට් එක බයිට් එකට අරන්
2024 මැයි මස 07 953 0

විහාරස්ථානයක් අසල කාත්කවුරුවත්, හව් හරණක් නැති අසරණයන් පුදුම කරන්නට ගිය අයෙකුට තමාට පුදුමයෙනුත් පුදුමවෙන්නට සිදුවූ අපූරු පුවතක් දකුණේ නගරයකින් අසන


මැයි රැලියට නාවාට බෑනා මාමණ්ඩිය ගෙදරින් එලවලා
2024 මැයි මස 06 843 1

බෑනාගේ පක්ෂයේ මැයි රැලියට යන්න එන්නේ නැතිව වෙනත් පක්ෂයක මැයි රැලියට ගියයි කියා බෑනා තම මාමණ්ඩිය ගෙදරින් එළවා දැමූ පුවතක් බස්නාහිර පළාතේ පස්දුන් කෝරළ


සල්ලි හුටපටේකට ගුටි නොකා අනූනමයෙන් බේරිලා
2024 මැයි මස 04 122 0

සිංහල හින්දු අලු‍ත් අවුරුදු දිනවල නිවසට එන අමුත්තන්ට සංග්‍රහ කිරීමට මාළු මිලදී ගැනීමට ගෙන ගිය රුපියල් විසිදහසක මුදල අහිමි කරගෙන හිස් අතින් යළි නිවසට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 591 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2086 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1823 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site