IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


උපන්දිනේදා දවල් කෑමට බිරිය සැමියාට කිඹුල් කෑම දීලා

එක්දරු මවක වූ ඇය රැකියා විරහිත ගෘහණියකි. සැමියා දකුණු පළාතේ ප්‍රකට ආයතනයක මාණ්ඩලික නිලධාරියෙකි. එදින සැමියාගේ උපන් දිනය වීම නිසා උදෑසන ඉතා කාර්යබහුල වූයේ සංග්‍රහ කටයුතු අධිකවීමත් පෙර පාසල් දරුවාව පාසල් ගෙන යාමට උවමනා කළමනා සකස් කිරීමත් නිසාය.


සැමියාට දිවා ආහාරය සැකසීමට බැරිවූ නිසා “ඔයාට දවල්ටත් කිරිබත් ටිකක් පාර්සල් කළා” කී අතර සැමියාද ඊට එකඟවී දරුවාත් කළමනා සියල්ල ද රැගෙන ගෙයින් පිටවිය.


දහවල් දොළහට පමණ දරුවා රැගෙන ඒමට පෙර පාසලට ගිය මව සොයා ආ දරුවා කීවේ තමාට පෙර පාසලේ වැඩට ගෙන ඒමට සකස් කළ කිරි මැටි පාර්සලය නොවූ බවත් කිරිබත් පාර්සල් දෙකක්ම වූ බවත්ය.


ඇයට දෙවියන් සිහිවිය. කිරිබත් පාර්සලය හා කිරි මැටි පාර්සලය මාරුවී ඇති බව ඇයට සිතිනි. වහාම සැමියාට දුරකතන ඇමතුමක් දී මේ පටලැවිල්ල සැමියාට කී විට ඔහු සිනාසුණේය. 


“කමක් නෑ. අද උපන් දිනේට ගෙදරින් ලැබුණු කිඹුල්කෑම එක විසිකරල මම කඩෙන් කන්නං” ඔහු පැවැසීය. කිඹුල්ලු කිරි මැටි ගිලින කතාව මතක් වූ ඇයට ද සිනා ගියාලු.
(තිහගොඩ උපසේන ලියනගම)

 



අදහස් (1)

උපන්දිනේදා දවල් කෑමට බිරිය සැමියාට කිඹුල් කෑම දීලා

dasun Saturday, 28 July 2018 12:24 AM

රැකියා විරහිත ගෘහණිය කියන්නේ ගෙදර සැමියා සහ දරුවන් බලාගැනීමත් වැදගත් කාර්යයක් නෙවෙයි නිසාද?

:       1       1066

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

අපූරු බීමෙන් මැරතන් ශූරයාට ඇබැද්දියක්
2024 අප්‍රේල් මස 25 477 0

බක්මහ උළෙලකදී මැරතන් ධාවන ශූරයකු තරගය අවසානයේ වතුර වෙනුවට පොල් තෙල් පානය කිරීම නිසා ජය සංකේතය ලබා ගැනීම පසෙක තබා රෝහල්ගත වීමට සිදු වූ පුවතක් හසලක ප්‍ර


තෑගි සාරියත් කූල් පෙට්ටියේ
2024 අප්‍රේල් මස 24 774 0

අලු‍ත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලු‍ත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත


අවුරුදු උත්සවේ ගම හරහා දිවිල්ල වැසිකිළියෙන් නවතී
2024 අප්‍රේල් මස 23 634 0

අවුරුදු උත්සව ධාවන තරගයකදී සිදු කළ විහිළුවක් පැටලී අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ගම්මු


සාදය අස්සේ බිරියයි දුවයි වාෂ්ප වෙලා
2024 අප්‍රේල් මස 22 1135 2

අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු


තහනම් ගහ බිරියට හසුවී සූර් සැමියාගේ වෙරිහිදිලා
2024 අප්‍රේල් මස 20 880 0

අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්‍


එකට කාලා බොක්ක වෙනස්වී රෙදිත් ගැලවිලා
2024 අප්‍රේල් මස 20 759 0

මිතුරුකම පෙන්වා මිතුරාගේ උපකරණයෙන් මුදල් ගරමින් සිටිය දී මිතුරාට අතේ මාට්ටුවී රෙදි ගැලවී ගිය අවස්ථාවක් පිළිබඳ පුවතක් අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1551 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site