IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ඉස්කෝලේ දානෙකට ගෙනා යෝගට් මවුපියන්ගේ මලුවලට රිංගලා

(වියලුව වාර්තාකරු) 
පාසල් දරු පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැති සීල භාවනා වැඩසටහන් සඳහා පරිත්‍යාගශීලියකු විසින් ලබාදුන් යෝගට් තොගයක් එම දරුවන්ට නොදී වැඩසටහන සංවිධානය කිරීම සඳහා පැමිණ සිටි මව්පියන් පිරිසක් එක්ව බෙදාගත් බව කියවෙන පුවතක් වාර්තා විය. 


සිද්ධිය මෙසේය. 


නගරබද පාසලකි. නිරන්තරයෙන් දරුවන් ගුණ දහම්වලට යොමු කළ විදුහලේ ගුරු මණ්ඩලය පාසලේ සීල භාවනා වැඩසටහනක් සංවිධානය කළේ දරුවන්ගේ මව්පියන් ද සහභාගි කර ගනිමින්ය. 


සිල් සමාදන් වූ දරුවන් මෙන්ම ගුරු පිරිස වෙනුවෙන් දාන මානාදිය පිරිනැමුණේ ද මව්පියන් හා ප්‍රදේශයේ දානපතියන්ගේ සහභාගිත්වයෙනි. දහවල් දානයෙන් පසුව සිල් පිරිස වෙනුවෙන් බෙදාදීම සඳහා යෝගට් පාර්සලයක් රැගෙන පැමිණි ප්‍රදේශයේ දානපතියකු එම පාර්සලය මවුපියන් පිරිසක් අත තැබුවේ ‘මට හදිසි වැඩක් තියෙනවා. ඔයාලා මේක සිල් සමාදන් වුණු දරුවන්ට බෙදන්න. මම ගිහින් එන්නම්’ යැයි පිරිසට පවසමිනි. 


යෝගට් පාර්සලය දිග හල එක්තරා කාන්තාවක් ඉන් යෝගට් තුන හතරක් සිය ගමන් මල්ලට දමා ගත්තේ ‘ගෙදර ඉන්න පොඩි උන් දෙන්නට’ යැයි පිරිස සමග පවසමිනි. 


එය බලා සිටි තවත් කාන්තාවක් ද එයින් යෝගට් කීපයක් සිය පසුම්බියේ දමාගෙන ඇත්තේ ‘මටත් ගෙදර පොඩි උන් තුන් දෙනෙකු ඉන්නවා’ යැයි සෙසු පිරිසට පවසමිනි.


මේ අයුරින් එහි සිටි කීප දෙනකුම විවිධ හේතු දක්වමින් යෝගට් හත අට බැගින් සිය ගමන් මලුවල දමා ගැනීම හේතුවෙන් යෝගට් පාර්සලයෙන් හරි අඩකටත් වඩා අතුරුදන්ව ඇති අතර සිද්ධිය මුල සිට බලා සිටි තවත් මව්පියන් පිරිසක් පවසා ඇත්තේ ‘දැන් ඉතින් දරුවන්ට දෙන්න වෙන්නේ යෝගට් බාගේ ගානේ තමයි, ඒ නිසා උඹල ඔය ටිකත් බෙදා ගනිල්ලා’ යනුවෙනි. 


කෙසේ වෙතත් ඒ කීම තඹයකට මායිම් නොකළ පිරිස එම ස්ථානයෙන් හිමින් සීරුවේ මාරුවෙද්දී එහි සිටි තවත් අයකු පවසා ඇත්තේ ‘ඔව්වගේ සීතල ඉවර වෙන්න කලින් ගෙදර පලයල්ලා’ යනුවෙනි. 

 



අදහස් (3)

ඉස්කෝලේ දානෙකට ගෙනා යෝගට් මවුපියන්ගේ මලුවලට රිංගලා

Uditha Wednesday, 04 July 2018 12:58 PM

වැඩේ වැරදි අනුමත කරන්න බැහැ. නමුත් සුන්දර වරදක්. රටේ මහා අය කරන වැරදි විදිහට මේක අහලා හිනත් යනවා. සුන්දර වරදක්.....

:       225       1

තුශා Wednesday, 04 July 2018 02:56 PM

සිල් ගත්ත ළමයින්ට, බෙදාදෙන්න කියලා පරිත්‍යාග කරපු, යෝගට් ටික හොරෙන් ගත්ත එක සුන්දර වරදක් වෙන්නේ කොහොමද? මේ වාගේ හිතන මිනිසුන් නිසා තමයි අපේ මව්බිම අසුන්දර වෙලා තියෙන්නේ.

:       0       258

Bamunuarachchi Friday, 06 July 2018 05:16 AM

මේවා සුන්දර ලෙස දකින්නේ පට්ට හොරු

:       0       2

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

සූර්පිට ගේ මාරු වී හතරවටේට තට්ටු කරලා
2024 අප්‍රේල් මස 26 133 0

වසර ගණනාවක් තම උපන් ගෙදරට එන්නේ නැතිව පිටස්තර ප්‍රදේශයක වත්තක් බලාගෙන ජීවත් වූ තනිකඩ පුද්ගලයෙකු පසුගිය අවුරුදු සමයේ තම මිතුරෙකු ද සමග ගමට පැමිණීමට පි


අපූරු බීමෙන් මැරතන් ශූරයාට ඇබැද්දියක්
2024 අප්‍රේල් මස 25 530 0

බක්මහ උළෙලකදී මැරතන් ධාවන ශූරයකු තරගය අවසානයේ වතුර වෙනුවට පොල් තෙල් පානය කිරීම නිසා ජය සංකේතය ලබා ගැනීම පසෙක තබා රෝහල්ගත වීමට සිදු වූ පුවතක් හසලක ප්‍ර


තෑගි සාරියත් කූල් පෙට්ටියේ
2024 අප්‍රේල් මස 24 808 0

අලු‍ත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලු‍ත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත


අවුරුදු උත්සවේ ගම හරහා දිවිල්ල වැසිකිළියෙන් නවතී
2024 අප්‍රේල් මස 23 648 0

අවුරුදු උත්සව ධාවන තරගයකදී සිදු කළ විහිළුවක් පැටලී අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ගම්මු


සාදය අස්සේ බිරියයි දුවයි වාෂ්ප වෙලා
2024 අප්‍රේල් මස 22 1138 2

අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු


තහනම් ගහ බිරියට හසුවී සූර් සැමියාගේ වෙරිහිදිලා
2024 අප්‍රේල් මස 20 883 0

අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්‍


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 332 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1712 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1554 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site