(තිළිණි ද සිල්වා)
සෞදි අරාබියේ සේවය කළ ශ්‍රී ලාංකිකයින් 28 දෙනෙකු කොරෝනා වයිරසය වැළඳීමෙන් පසුගිය මාස හතරක කාලය තුළදී ජීවිතක්ෂයට පත්ව ඇතැයි එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙලෙස ජීවිතක්ෂයට පත් වූ ලාංකිකයින් 28 දෙනාගෙන් , දෙදෙනෙකු එරට ගෘහ සේවයේ නියුතු වූ කාන්තාවන් වන අතර ඉතිරි සෙසු පිරිස පිරිමි පුද්ගලයින් යැයිද ශ්‍රී ලංකා තානාපති කාර්යාල ආරංචි මාර්ග කියයි.
කොරෝනා වයිරස ආසාදනයෙන් මියගිය මෙම ලාංකිකයින් සියලු දෙනාගෙන් බහුතරයක් දෙනා හෘදයාබාධ , පිළිකා රෝග හා දියවැඩියාව යන බෝ නොවන රෝග වලින් පෙලුණු තැනැත්තන් බවට සෞදි සෞඛ්‍ය අංශ මඟින් අනාවරණය කර ගෙන ඇතැයි ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසීය.
ජීවිතක්ෂයට පත්වූ මෙම ලාංකිකයින්ගේ සිරුරු ජාත්‍යන්තර නිරෝධායන ක්‍රමවේදයන්ට අනුව එරටදීම ආදාහනය කර අවසන් කටයුතු සිදු කළ බවද එම ආරංචි මාර්ග වලින් වැඩිදුරටත් පැවසේ.
මීට අමතරව සෞදියේ සේවය කරන තවත් ලාංකික ශ්‍රමිකයින් 70 දෙනෙකු පමණ පසුගිය මාස කිහිපයේ දී කොරෝනා වයිරසය ආසාදන වීමෙන් රෝගාතුර වූ බවද සෞදියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියයි.
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් සිවුදෙනකු ඊයේ (22) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (23) පස්වරුවේ තහවුරු කළේය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
මාස හතරක දී කොරෝනාවෙන් සෞදියේ සිටි ලාංකිකයෝ 28 ක් මිය යති
Amila Nishshanka Friday, 18 September 2020 12:23 PM
එහෙත් රෝහල් තියෙනවා නේද? ඉතින් කරුණාකර ගුවන් තොටුපළ වහන්න අපේ රට ආරක්ෂා කරගන්න.
rama Sunday, 20 September 2020 01:20 AM
අමිල, ඔච්චර කුහක වෙන්න එපා. ඒ මිනිස්සුත් ශ්‍රී ලංකාවේ. හොයන විදේශ විනිමය එවන්නේ ලංකාවට එහෙ වැඩේට ගිහින් දුක් විඳින මිනිස්සු ගැන මීටවඩා කාරුණික වෙන්න. ලංකාවේ එයාර්පෝර්ට් එක ඔයාගේ නම් ඔයා වහන්න. නමුත් අනිත් අය ලංකාවට එන්න ඕනෑ..