හිර ගෙදරින් නැගුණ විජේවීර හඬ
02 වැනි කොටස

‘ජූලිය’ හා ජවිපෙ අතර ඇත්තේ අපූරු සම්බන්ධයකි. කළු ජූලියට මුවාවී ජනතා විමුක්ති පෙරමුණ තහනම් කළේ 1983 ජූලියේදීය. ජවිපෙ රහසිගත දේශපාලන ව්‍යාපාරයක් බවට පත්වූයේ එතැන් සිටය.


තහනම් දේශපාලන ව්‍යාපාරයක් බවට පත්වූ ජවිපෙ ආයුධ සන්නද්ධ අරගලයකට මුල පිරුවේ 1987 ජූලි මස අත්සන් කළ ඉන්දු-ලංකා ගිවිසුමෙන් පසුවයි. ධවල මර්දනයකට ලක්ව ජවිපෙ සංහාරයකට ලක්වූයේ ඉන් පසුවය.


එම ඉරණමෙන් ජවිපෙට ගැලවී ගත නොහැකි වූයේ ඇයි? ඒ සම්බන්ධයෙන් විවිධ මත තිබේ. කෙසේ වුවද පක්ෂය තුළ පැවති කණ්ඩායම්වාදයද එයට බලපෑ බවට මතයකි. 1971 අරගලයෙන් පසුවද ජවිපෙ තුළ මෙම කණ්ඩායම්වාදය බිහිවිය. ඒ සම්බන්ධයෙන් ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීර සිරගතව සිටියදීම ලේඛනයක් මගින් සිය සහෝදරයන්ට පැහැදිලි කළේය.
2011 නොවැම්බරයේදී නියමුවා ප‍්‍රකාශනයක් ලෙස එම ලේඛනය යළි සමාජගත කෙරිණි.

මේ ඒ ලියැවිල්ලය.

ලාංකීය ධනේශ්වර පාලක පංතිය ජනතා විමුක්ති පෙරමුණ මර්දනය කිරීමේ කටයුත්තේදී ඔවුන්ගේ ජාත්‍යන්තර ධනපති පංති සගයින් පුරා ශතවර්ෂයකටත් අධික කාලයක් මුළුල්ලේ පංති සටනේදී තම ප‍්‍රතිවිප්ලවීය කාර්යභාරයන් ඉටුකරමින් ලද අත්දැකීම් සම්භාරයම අද මේ රටේ උපයෝගී කරගනිමින් සිටිනවා. එනම් කුරිරු වෙඩි උණ්ඩවල පටන් අවස්ථාවාදී වාග්මාලා හරහා ව්‍යාජ විප්ලවවාදී විවේචන සහ න්‍යායන් හරහා, පිළිකුල් සහගත අවලාද, අපහාස දක්වා සෑම ප‍්‍රති විප්ලවීය අවියක්ම ජනතා විමුක්ති පෙරමුණ මර්දනය කිරීමට යොදවා තිබෙනවා.


වෙඩි උණ්ඩයත්, යුද ටැංකියත්, බයිනේත්තු, රයිෆල්, මැෂින් තුවක්කු හා හෙලිකොප්ටර්, ගුවන් යානාත් ධනේශ්වර පංතිය සතු එකම ආයුධය නොවේ. ත‍්‍රිවිධ හමුදා, පොලිසිය වැනි සන්නද්ධ මර්දන හමුදා ධනේශ්වර පංතිය සතු එකම ප‍්‍රහාරක සේනාංකය නොවේ. මේවා වලංගු නොවන තැන මේවා ප‍්‍රයෝජනයට ගෙන නිර්ධන පංති ව්‍යායාමය විනාශ කළ නොහැකි තැන ධනේශ්වර පාලක පංතීහු තමන් සතු ප‍්‍රතිවිප්ලවීය අවි ගබඩාවෙන් අනිකුත් නින්දාසහගත අවි ආයුධ මෙවලම් නිර්ධන පංති විප්ලවවාදී ව්‍යාපාර විනාශ කිරීම සඳහා උපයෝගී කරගනු ලැබේ. ධනේශ්වර පංතිය සතු ප‍්‍රතිවිප්ලවීය අවි ගබඩාව ඉතා පුළුල්ය. එසේම ඒ ප‍්‍රතිවිප්ලවීය අවි පාවිච්චි කිරීම සඳහා යොදනු ලබන සේනාංකද වෛවාරණ්‍ය මෙන්ම විශාලය. අවි අමෝරාගෙන සටන් බිමේ විවෘතවම එළියට එන යුද සෙබළා පොලිසියේ සිරමැදිරියේ අමානුෂිකව නමුත් මුහුණට මුහුණලා විවෘතවම පහර පිට පහර දෙන කුරිරු පොලිස් භටයා මෙන්ම ධනේශ්වර පාලක පංතියේ පංති අවශ්‍යතාවයන් සහ අරමුණු ඉටුකිරීමට, ඊටත් වඩා වෙනස් තත්්ත්වයන් යටතේ වෙනස් ආකාරයෙන් කටයුතු කරන්නෝද සිටිති. මේ පුද්ගලයින් ධනේශ්වර පංතියට කරන සේවය යුද සෙබළා හෝ පොලිස් භටයා කරන සේවය මෙන් එක එල්ලේම එක පාරටම කෙනෙකුට විවෘතව දැක ගත නොහැකිය. ඔවුන් කරන සේවය වක‍්‍ර ආකාරයෙන් ඉතා සියුම් ලෙස සහ සැඟවී සිටගෙන කරන්නෙකි. ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරයේ ඉතිහාසය තුළ හොඳින් එබී බැලූවහොත් අපට එවැනි පුද්ගලයන් සහ සත්වයන් විශාල ප‍්‍රමාණයක් සොයාගත හැක.


ජනතා විමුක්ති පෙරමුණ විනාශ කිරීම සඳහා ලංකාවේ ධනේශ්වර පාලක පංතිය සිය ඔත්තු සේවා, පොලිසිය, ත‍්‍රිවිධ හමුදා, ස්වේච්ඡුා සේවක බල ඇණි, ග‍්‍රාමීය ආරක්ෂක සේනාංක, විදේශ අවි ආයුධ ආම්පන්න, හදිසි නීතිය, ඇඳිරිනීතිය, මහජන ආරක්ෂක පනතේ වෙනත් විශේෂ වගන්ති සියල්ල පාවිච්චි කළ බව ඔබ හොඳින් දන්නෙහිය. ධනේශ්වර පංතිය මුළු වැර යොදා මුළු ශක්තිය හා දක්ෂතාවයන් යොදා තම ජාත්‍යන්තර පංති සගයන්ගේ ආධාර, අනුබල හා උපදෙස් ලබාගෙන විශාල මිනිස් සංහාරයක් මගින්, අපේ ඉතිහාසයේ මෑත වකවානුවේ කෙරුණු ම්ලේච්ඡු මිනිස් ඝාතනය මගින් ජනතා විමුක්ති පෙරමුණ විනාශ කර දැමීමට, ලාංකීය නිර්ධන පංති බලවේගය සහමුලින්ම නැතිභංග කර දැමීමට තැත් දැරුව නමුත් ඔවුන් තවමත් සිය අවසාන අරමුණ ඉටුකර ගැනීමට අපොහොසත් බව ඔවුන්ටම වැටහීගොස්ය. සිරභාරයට ගත් දසදහස් ගණනක් දෙනා හා සිරභාරයට තවමත් අසුනොවූ පුද්ගලයන් එක්කෝ ඝාතනය කර දැමීමේ ප‍්‍රයත්නය නැතහොත් අන් කවර හෝ මගකින් ඔවුන් විප්ලවයට ද්‍රෝහී වන විප්ලවයට සතුරු වන තත්ත්වයට ඇදදැමීමට හෝ විප්ලවය කෙරෙහි කලකිරුණු විප්ලවය එපාවුණු උදාසීන, උකටලී තත්ත්වයට ඇදදැමීමට හෝ පත්කළ යුතුව ඇත. මේ දසදහස් ගණන් විප්ලවවාදී තරුණයින්ට තවදුරටත් විප්ලවවාදීන් වශයෙන් පවතින්නට ඉඩදී රඳවා තබාගැනීම ධනේශ්වර පංතිය හමුවේ ඇති විශාලතම අන්තරාවකි.
විශේෂයෙන්ම දහස් ගණන් තම පංති සංගයින්, තම විප්ලවාදී සොයුරන් ධනේශ්වර පංති ඝාතකයින්ගේ ම්ලේච්ඡු වධ හිංසාවලට ගොදුරුව මිය යනු සියැසින්ම දුටු තම සහෝදරියන් ධනේශ්වර ම්ලේච්ඡු සාහසික භටයන් විසින් ¥ෂණය කරනු දැක ඇති, සිය ගෙවල් දොරවල් දවා අළු කරනු ලැබ ඇති විප්ලවවාදී තරුණයින් දසදහස් ගණනින් තවදුරටත් විප්ලවවාදී ජීවගුණයෙන් පිරී ඉතිරී ගිය මිනිසුන් හැටියට රඳවා තබා ගැනීම නම් ධනේශ්වර පංතියට සිය දිවි නසා ගැනීමකි. එබැවින් ඔවුන් විසින් කළ යුතු වන්නේ එක්කෝ හිට්ලර් යුදෙව් ජාතිකයන් ඝාතනය කළ අයුරින් මේ තරුණ ජනයා ඝාතනය කර දැමීමයි. නමුත් එය ප‍්‍රශ්නයට විසඳුමක් නොවනු ඇත. මේ දස දහස් ගණන් තරුණයින්  ඕපපාතික වූවන් නොවෙති. ඔවුන් සමාජයේම කොටසක් වෙති. මේ තත්ත්වයන් හොඳින් තේරුම් ගත් අපේ රටේ ධනේශ්වර පාලක පංතිය උන්ගේ ජාත්‍යන්තර පංති සගයින්ගේ උපදෙස් හා අනුශාසනා පරිදිය, ධනේශ්වර පංතිය පංතියක් වශයෙන් මුහුණලා ඇති මේ බැ?රුම් ප‍්‍රශ්නය විසඳීමට පංතියක් වශයෙන් ඉදිරිපත් වූයේ. ඒ විසඳුම් මග නම් මේ දසදහස් ගණන් විප්ලවවාදී තරුණයින් ඝාතනය නොකර විප්ලවවාදීන් වශයෙන් ඝාතනය කිරීමයි. ශාරීරිකව ඝාතනය කිරීමක් නොව දේශපාලනික වශයෙන් ඝාතනය කිරීමයි. ඔවුන් තවදුරටත් විප්ලවවාදීන් වශයෙන් නැතිව එක්කෝ උදාසීන වූවන් නැත්නම් ප‍්‍රතිවිප්ලවවාදීන්ගේ තත්ත්වයට පත්කිරීමයි. එය කළ නොහැකි නම් අඩු තරමින් ජනතා විමුක්ති පෙරමුණ භේද බින්න කර එකිනෙකාට පර සතුරු වූ එකිනෙකාට උගුල් අටවා ගන්නා, එකිනෙකා පාවාදී ගන්නා තත්ත්වයන් ඇති කර එකිනෙකා කෙරෙහි එකිනෙකාට විශ්වාසයක් නැති කර විවිධ න්‍යායන් අනුගමනය කරන විවිධ නිකායන්ට අයත් කැඞීබිඳී ගිය කුඩා කණ්ඩායම් බවට පත් කොට එමගින් විප්ලවීය බලවේගයක් වශයෙන් ජනතා විමුක්ති පෙරමුණේ ශක්තිය හැකියාව හා ජීවමාන බව විනාශ කිරීමයි. එය අවුල් ජාලාවක් කිරීමයි. මේ කටයුත්ත තමා පුනරුත්ථාපනය නමින් හැඳින්වූයේ. පුනරුත්ථාපනය යනු තරුණයින් සිරගෙවල්වල රඳවා තබාගෙන කෑම බීම, ලබාදීම නොවෙයි. මේ පුනරුත්ථාපනයේ විශේෂ සංගෘහිත වැඩපිළිවෙළ වනුයේ, ජනතා විමුක්ති පෙරමුණ අභ්‍යන්තරයෙන් බිඳ දමා සී සීකඩ කර එහි කොටස් නොයෙක් වක‍්‍ර මාර්ගවලින් ධනේශ්වර පංතියේ පහළ වන පංති සංවිධානය හරහා සහ ධනේශ්වර පංතිය විසින් හීලෑ කරගන්නා ලද වෛවාරණ විප්ලවවාදී සංවිධාන හරහා හෝ ධනේශ්වර පංතියට සේවය කරන ඇට්ටර වූ දිරාපත් වී ගිය වඳ බැහැපු න්‍යායන් වෙත නම්මවා ගැනීම මගින් හෝ ධනේශ්වර පංතියේ අරමුණු ඉටුවන තැනට කටයුතු සලසා ගැනීමයි.


ධනේශ්වර පංතියට එහි විවෘත පංති නියෝජිතයින්ට සහ නායකයින්ට කෙළින්ම ඉදිරිපත් වී කළ හැකි පුනරුත්ථාපනයක් නැත. පීලික්ස් ඩයස් බණ්ඩාරනායක හෝ මෛත‍්‍රීපාල සේනානායක හෝ ඇන්. ඇම්. පෙරේරා හෝ කොල්වින් ආර්. ද සිල්වා හෝ ලෙස්ලි ගුණවර්ධන හෝ පීටර් කේනමන් ඇස්. ඒ. වික‍්‍රමසිංහ හෝ ස්ටැන්ලි සේනානායක හෝ ලයනල් සේනානායක හෝ සේපාල ආටිගල හෝ වෙනත් එවැනි ධනේශ්වර පංතියේ විවෘත නියෝජිතයෙක්ව හෝ ජනතා විමුක්ති පෙරමුණට විරුද්ධව, එහි දර්ශනයට විරුද්ධව, ප‍්‍රතිපත්තිවලට විරුද්ධව, වැඩපිළිවෙළට විරුද්ධව, ක‍්‍රියාමාර්ගයනට විරුද්ධව, එහි පුරෝගාමීන්ට විරුද්ධව කිවහැකි දෙයක් තිබේද?ඔවුන් කියන දෙයක් විප්ලවාදීන් ගණන් ගනීද? සත්තකින්ම නැත. මෙන්න මේ තත්ත්වයන් යටතේ ධනේශ්වර පංතිය විසින් ජනතා විමුක්ති පෙරමුණට අවලාද නැගීම සඳහා එමගින් ජනතා විමුක්ති පෙරමුණ කෙරෙහි ජනතාවගේ ඇති විශ්වාසය පළුදු කිරීම සඳහා, ජනතා විමුක්ති පෙරමුණේ ක‍්‍රියාමාර්ග ප‍්‍රතිපත්ති දර්ශනය හා වැඩපිළිවෙළ කෙරෙහි ජනතාවගේ ඇති බලාපොරොත්තු සුන් කිරීම සඳහා හා ජනතා විමුක්ති පෙරමුණේ සැබෑ විප්ලවාදීන් කෙරෙහි ජනතාවගේ ඇති ආදරය හා විශ්වාසය අහෝසි කිරීම සඳහා විප්ලවාදීන් නමින් පෙනීසිටින ධනේශ්වර පංති ඒජන්තවරුන් සහ ද්‍රෝහීන් ප‍්‍රයෝජනයට ගනු ලබන්නේය.


පක්ෂයක් පිළිබඳව හෝ පුද්ගලයින් පිළිබඳ සැබෑ වැරැුදි විවේචනය කිරීම නරක දෙයක් නොවේ. එය හොඳ දෙයකි. එය කළ යුතු දෙයකි.
එහි අරමුණ විය යුත්තේ එම වැරැුදි තත්ත්වයානුකූලව සොයා බලා විග‍්‍රහ කර ඒවා ඇති වූයේ කුමන තත්ත්වයන් යටතේද? ඒවා ඒ පැවැති තත්ත්වයන් යටතේ ඒ අයුරින්ම ඇතිවීම සාධාරණද? ඒවා වැළැක්විය හැකිව තිබුණේ කෙසේද? ඒවායින් දැන් අත්මිදීමට ඇති මාවත් මොනවාද? අනාගතයේදී එවැනි තත්ත්වයන් මගහැරිය හැක්කේ කෙසේද? යන මේ ප‍්‍රශ්න අනිවාර්යයෙන්ම සැබෑ විප්ලවවාදියකු විසින්ම සොයා බැලිය යුතුමය. කිසිම සැබෑ විප්ලවවාදියෙක් කවරදාවත් වැරැුදි වසන් නොකරයි. ඒ වෙනුවට විවෘතවම එළිපිටම ඒ වැරැුදි පිළිගනී. ඒවා අධ්‍යයනය කරයි. ඒ මගින් හැකි ඉක්මනින් අත්මිදීමටත්, එසේම ඒවා අනාගතයේදී නොකිරීමටත් එවැනි තත්ත්වයන් ඇති නොවීමටත් වග බලා ගනී. සැබෑ විප්ලවවාදියෙක් තමා දැන දැනම විප්ලවවාදීන් වැරැුදි කිරීමට නොපෙළඹෙයි. මෙයින් අදහස් කරන්නේ විප්ලවවාදීන් අතින් වැරැුදි නොකෙරෙනවාය යන්න නොවේ. දැන දැනම හිතා මතා සැබෑ විප්ලවවාදියෙකු අතින් වර්ධනය වූ විප්ලවවාදියෙකු අතින් වැරදි වීම අපහසු බවයි. නමුත් අඩු දියුණු සංවර්ධිත විප්ලවවාදීන් අතින් වඩා වර්ධනය වූ විප්ලවවාදීන්ට වඩා වැරදි සිදුවීමට ඉඩකඩ තිබේ.


සෑම සිදුවීමක්ම ද්විඝටනාත්මක ලෙස සලකා බලන විට අන්තර් බැඳීම්වලින් යුක්තව පවතී. සෑම දෙයක්ම හැදෑරිය යුත්තේ ඒ ඓතිහාසික තත්ත්වයන් තුළය. මාක්ස්වාදී ද්වීඝටනය ලෝකය හැදෑරීමේදීත් විශ්ලේෂණය කිරීමේදීත් පිළිගන්නා ක‍්‍රමය එයයි. මෙය වැරැුදි සම්බන්ධයෙන්ද පොදුය. වැරැුද්ද අන්  ඕනෑම දෙයක් මෙන්ම හැදෑරිය යුත්තේත්, විශ්ලේෂණය කළ යුත්තෙත් තේරුම් ගත යුත්තේත් ඒවා සිදු වූයේ යැයි සලකන ඓතිහාසික තත්ත්වයන් තුළය. ඓතිහාසික තත්ත්වයන් මග හැර අන්තර් සම්බන්ධතාවයන් කපා දමා යම් විෂය වස්තුවක් හැදෑරීමට ගියහොත් එහිදී බැසගන්නා නිගමන මනෝමූල හා සාවද්‍යවන බව මාක්ස් ලෙනින් චින්තාව අපට අවධාරණයෙන් උගන්වයි. අපි අන් සෑම සියලූ දෙයක් මෙන්ම වැරැුදි දෙසද දැක්විය යුතු ආකල්පය මනෝ මූලික හා සාවද්‍ය නොවිය යුතුය. ද්විඝටනාත්මක විය යුතුය. එනම් වැරැුදි ඒවා සිදුවේ යැයි කියන ඓතිහාසික තත්ත්වයන් තුළ ඒවා සිදුවූ කාලයේ පැවැති අන්තර් සම්බන්ධතාවයන්ගෙන් යුතුව, කොටසක් නොව සමස්තව ගෙන උඩින් පල්ලෙන් ආවාට ගියාට නොව ගැඹුරට, පතුලට කිඳා බැස, සිතින් මවාගෙන අලූතින් ඈඳාගත් තත්ත්වයන් යටතේ නොව, යථාර්ථවාදීව නියම තත්ත්වයන් යටතේ හැදෑරිය යුත්තෙමු. එය නියම ක‍්‍රමයයි. මාක්ස් ලෙනින්වාදී ක‍්‍රමයයි. වැරැුදි සෙවීමත් ඒ වැරැුදි අධ්‍යයන කිරීමත් ඒවායේ නිසි පාඩම් අනාගත කටයුතු සඳහා සොයා බැලීමත් එක් කටයුත්තකි. ඒ කටයුත්ත නිර්ධන පංති විප්ලවවාදී ව්‍යාපාරයේ ඉදිරි ගමන ප‍්‍රගතිය අරමුණ කරගත්තක් වේ. නමුත් එක්කෝ සැබෑ වැරදි පසෙක තිබියදී ඒවා වසංකර ගැනීමේ චේතනාවෙන් හෝ අමතක කරලීමේ හෝ මගහරවාලීමේ හෝ චේතනාවෙන් ඒ සැබෑ වැරැුදිවලට ද්විතීක තත්ත්වයක් ආරූඪ කරලීමේ චේතනාවෙන් හෝ වැරැුදි නොවන දේ වැරැුදි ලෙස විග‍්‍රහ කිරීමත් බොරු මවාපෑමත් ඇතැම් සත්‍ය සිද්ධීන් විකෘති කර ඒවාට වැරැුදිභාවයක් ආරූඪ කිරීමත් අතිශෝක්තියත්, සැබෑ ලෙස අවංක ලෙස විප්ලවාදී ව්‍යාපාරයේ ඉදිරි ගමන සඳහා නිර්ධන පංති ව්‍යායාමයේ ප‍්‍රගතිය සඳහා කරන්නක් විය නොහැක.


දැන දැනම අවලාද අපහාස නැගීමත්, චරිත ඝාතනය කිරීමත් පවා සහ බේගල් ඇදබෑමත් කිසි ලෙසකින්වත් විප්ලවයේ සතුරන් ලෙස මිස මිතුරන් ලෙසින් කළ හැකි, කළ යුතු දෑ නොවේ. දැන දැනම හිතාමතාම කුමන හෝ හේතුවක් නිසාවෙන් විප්ලවාදී ව්‍යාපාරයකට එරෙහිව, එහි දර්ශනයට එරෙහිව ප‍්‍රතිපත්තියට, වැඩපිළිවෙළට, ක‍්‍රියාමාර්ගයනට හා එයට ඇප කැප වන පුද්ගලයනට එරෙහිව හිතාමතා සාවද්‍ය ගොතන ලද කරුණු හා සිද්ධීන් පදනම් කරගෙන අවලාද, අපහාස කිරීම මගින් බලාපොරොත්තු වනුයේ පංති සතුරාට ධනේශ්වර පංතියට සූක්ෂ්ම අන්දමින් සේවය කිරීමයි. එවැනි පුද්ගලයෙක්, ඔහු කවරෙකු හෝ වේවා නිර්ධන පංති සතුරෙකි.ධනපති පංතියේ මිතුරෙකි. ඒ ධනපති පංතියේ ඔත්තුකරුවකු නොවේ නම් අද අප මුහුණ පා සිටින තත්ත්වයන්ට, බොහෝදුරට සමාන තත්ත්වයන්ට ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරයේ වෙනත් නොයෙකුත් සහෝදරවරු විවිධ අවස්ථාවලදී මුහුණපා තියෙනවා. අප මෙවැනි තත්ත්වයකට හා පුරා කියා පත්වූ අය නොවේ. අපේ ජාත්‍යන්තර පංති සොයුරන් මේ විෂයෙන් ලැබූ අත්දැකීම් අපට මෙහිදී මහත් සේ ඵලදායී වෙනවා.