ජාතික හෙළ උරුමය නිල වශයෙන් ආණ්ඩුවෙන් ඉවත් වූයේ නොවැම්බර් 19 වැනිදාය. එදින ඔවුන් විසින් පවත්වන ලද ප‍්‍රවෘත්ති සාකච්ඡුාව රටේ ප‍්‍රධානතම මාතෘකාව බවට පත්විය. ශ්‍රීලනිපය හා ජාතික හෙළ උරුමය නිල වශයෙන් පැවැත්වූ සාකච්ඡුා මේ වනවිට බිඳ වැටී හමාරය. 


නොවැම්බර් 16 වැනිදා වනවිට චම්පික ඇමතිතුමා විජේරාම සිය නිල නිවසින් බඩු බාහිරාදිය ඉවත් කර ගැනීම ආරම්භකර තිබුණි. තවද ඊට සමගාමීව ඔහුගේ අමාත්‍යාංශයෙන් ලිපිලේඛන ඉවත් කර ගැනීම ද ආරම්භ විය. මේ අනුව අවසානයේ නොවැම්බර් 19 වැනිදා පෙරවරුවේ ජාතික හෙළ උරුමය විශේෂ මාධ්‍ය සාකච්ඡුාවක් පවත්වමින් තමන් ආණ්ඩුවේ සියලූ අමාත්‍ය ධුරවලින් ඉවත්වන බව ප‍්‍රකාශ කළේය. මේ සඳහා අමාත්‍ය චම්පික රණවක, උදය ගම්මන්පිල, අතුරලියේ රතන හිමි, නිශාන්ත වර්ණසිංහ ඇතුළු පිරිසක් සහභාගිවූහ.

විශේෂයෙන්ම බස්නාහිර පළාතේ අමාත්‍ය උදය ගම්මන්පිල එම අවස්ථාව වනවිට ‘ලංකා හොස්පිටල්ස්’ පෞද්ගලික රෝහලෙහි නේවාසිකව ප‍්‍රතිකාර ලබමින් සිටි අතර ඔහු මෙම විශේෂ මාධ්‍ය සාකච්ඡුාවට සහභාගි වීම සඳහාම මඳ වේලාවකට රෝහලෙන් පිටව පැමිණියේය. ‘ගල්ලෙන බිඳලා ලෙන් දොර ඇරියා’ යනුවෙන් වූ හෙළ උරුමයේ සුප‍්‍රසිද්ධ ප‍්‍රකාශය කරළියට පැමිණියේ මෙම මාධ්‍ය හමුවේදීය. සැබැවින්ම එම දිනය වනවිට රට තුළ ගොඩනැඟී තිබූ දේශපාලන පරිසරය හමුවේ එම ප‍්‍රකාශය පොදු අපේක්ෂකයා බලාපොරොත්තුවෙන් සිටි ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට මහත් චිත්ත ධෛර්යක් හා අභිපේ‍්‍රරණයක් සැපයූ බව නම් නොරහසකි.
කෙසේ වෙතත් ජාතික හෙළ උරුමය ආණ්ඩුවෙන් ඉවත්වන අවස්ථාව වනවිට නිශ්චිත වශයෙන්ම පොදු අපේක්ෂකයා බවට පත්වන්නේ මෛත‍්‍රී ඇමැතිතුමා බව දැන සිටියේ නැත.

හෙළ උරුමයේ ඉවත්වීම ආණ්ඩුවට දැඩි බලපෑමක් එල්ල කළ අතර ඊට සමගාමීව රාජපක්‍ෂවරුන්ගේ පාලනයේ පීඩනයට ලක්ව සිටි ශ්‍රීලනිප මැති ඇමැතිවරුන්ගේ මඩි තරවීම ද ගෙවල්වලටම මුදල් ගෙනවිත් බාරදීමේ ක‍්‍රියාවලිය ද මේ වනවිට ආරම්භ වී තිබුණි. විශේෂයෙන්ම ජනාධිපතිවරණයක් ප‍්‍රකාශයට පත්වීමත් සමග විපක්‍ෂයට එක්වීමට බලාපොරොත්තුවෙන් සිටි මැති ඇමැතිවරුන් යැයි සැකයට භාජනය වූ පිරිසගේ බිරින්දෑවරුන් හා ¥වරුන් පසුපස හඹායමින් මුදලට ඔවුන් මිලදී ගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සජින් ද වාස් ගුණවර්ධන, ප‍්‍රියත් බන්දු, ආචාර්ය පී.බී. ජයසුන්දර හා තිරු නඬේසන් වැනි කිහිප දෙනකුම මේ වනවිට යුහුසුලූව සිටියහ.


යෝජිත හදිසි ජනාධිපතිවරණයක් පිළිබඳ සමාජ කථිකාව ඉදිරියට පැමිණීමත් සමග රාජිත ඇමැතිතුමා සමග වඩාත්ම සමීප වූයේ රෙජිනෝල්ඞ් කුරේ ඇමැතිතුමාය. ඔහු කියා සිටියේ ‘රාජිත ඔයා එන්නේ නැත්නම් මම තනියෙන් හරි යූ.එන්.පී එකට යන’ බවකි. මේ අනුව රෙජිනෝල්ඞ් කුරේ ඇමැතිතුමා යූ.එන්.පී. යාම වළක්වා ගැනීමට ද රාජිත ඇමැතිතුමා කටයුතු කළ යුතු ය. එවිට රාජිත, රෙජිනෝල්ඞ් සමග මෛත‍්‍රී ඇමැතිතුමා මුණ ගැසීමට ගොස් ඔහු අස්වසාලයි. රෙජිනෝල්ඞ් මෙන්ම ජනක බණ්ඩාර හා මර්වින් සිල්වා ඇමැතිතුමාද රාජිත ඇමතිතුමාටත් ඉදිරියෙන් රාජපක්‍ෂ විරෝධීය.


මෙම ඇමැතිවරු පිරිස අපගේ ප‍්‍රසන්ටේෂන් විග‍්‍රහය දකින්නේ මේ අතරතුරය. කරන්නේ කෙසේද කියා මෙන්ම එය සැබැවින්ම තමනට කළහැකි ද යන්න නොදන්නා නමුත් එය කළයුතුම බව පමණක් දැන සිටි මෙම පිරිසට ඩිව් ඇමැතිතුමාගේ කාර්යාල පරිශ‍්‍රයේ දී දැකගත හැකි වූ එම විග‍්‍රහයෙන් පසුව තමන්ගේ මානසික මට්ටම ඉතා වේගයෙන් ධනාත්මක වර්ධනයකට ලක්වූ බව රාජිත ඇමැතිතුමා ඉතා නිහතමානීව ප‍්‍රකාශ කරයි. එමෙන්ම, එම කාල වකවානුව තුළ තමන්ට මුණගැසෙන අනෙකුත් මැති ඇමැතිවරුන්ටද අපගේ විග‍්‍රහය මූලාශ‍්‍ර කරගනිමින් රාජිත ඇමැතිතුමා කරුණු පැහැදිලි කළේය. මේ අතර ඉහත දැක්වූ අනුක‍්‍රමික සිදුවීම් පෙළ මගින් දෙදෙනාට දෙදෙනා සැකහැර මිත‍්‍ර වූ රාජිත ඇමතිතුමාගේ නිවසටත් පැමිණීම නිතර නිතර සිදුවන්නට විය. ඒ අතරම වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මිය සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක් ලෙස කටයුතු කිරීමද මෙම කටයුතුවලදී යම් උපකාරයක් විය.


දිනක් බස්නාහිර පළාත් සභා මැතිවරණ සමයේ දී අනුර කුමාර දිසානායක මහතා විසින් කළුතර වෙට්ටුම කඬේදී පැය එකහමාරක් පුරා ඉතා ආකර්ෂණීය වේගවත් කථාවක් සිදු කළ අතර එය අසා සිටි ප‍්‍රදේශයේ මුස්ලිම් ජනතාව පවා අනුර කුමාර මන්ත‍්‍රීතුමා වෙත පැමිණ අතට අත දුන්හ. එම සමස්ත කථාවේ විනාඩි අනූව පුරාම අනුර කුමාර විසින් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගෙන් පටන්ගෙන එතුමාගේ බාල පුත් ‘චිචී’ දක්වා පිරිස කරනු ලැබුවේ යැයි කියැවෙන ¥ෂණ අක‍්‍රමිකතා ප‍්‍රශ්න පත‍්‍රයක් එකින් එක ඉතා ආකර්ෂණීය ලෙසින් ඉදිරිපත් කළේය. ඒ අනුව මෙම සම්පූර්ණ කථාවම දිනක් රාත‍්‍රියේ චතුර සේනාරත්නගෙන්  ෂ ඡු්ා තුළින් අසා සිටි රාජිත ඇමැතිතුමා පසුදින ගොස් අනුර කුමාර කරනු ලබන චෝදනාව ඉතා බරපතළ බව ජනාධිපතිතුමාට පැහැදිලි කළේය. එය අසා සිටි ජනාධිපතිතුමාගේ පිළිතුර වූයේ ‘ ඕකට මර්වින්ව දාලා ගැස්සිය යුතුයි’ යනුවෙනි. ජනාධිපතිතුමාගේ මෙම ප‍්‍රකාශය මගින් අනුර කුමාරගේ චෝදනා ඔප්පුවන බව වටහාගත් රාජිත ඇමැතිතුමාගේ සිතට මහත් කම්පනයක් එහිදී ඇතිවිය.


චතුර සේනාරත්න මගින් රතන හාමුදුරුවෝ රාජිත ඇමතිතුමා මුණගැසෙන්නේ මේ අතරතුරය. රාජිත ඇමැතිතුමා රතන හාමුදුරුවන් හා චතුර අතර සිදු වූ එම පළමු සාකච්ඡුාවෙන් පසුව ‘පිවිතුරු හෙටක්’ සංවිධානය රටට ඉදිරිපත් කිරීමට යෝජනාකර ඇති ප‍්‍රධාන යෝජනාවලිය ඉන් සතියකට පසුව රතන හිමියන් රාජිත ඇමැතිතුමා හමුවේ විස්තර කළහ. ඊට අනුව ඔවුන් යෝජනාකර ඇත්තේ පළාත් සභා වෙනුවට දිස්ත‍්‍රික් සභාය. එය දුටු රාජිතට තරමක් කේන්ති ගියේය.

උතුරු නැගෙනහිර පළාත් සභා දෙක වෙන්කිරීම නොපිළිගන්නා දෙමළ ජනතාව එය කෑලි 5කට කඩන දිස්ත‍්‍රික් සභා නොපිළිගන්නා බව පෙන්වාදුන් ඇමැතිතුමා ‘මහින්ද රාජපක්‍ෂ කුමක් කළද හෙළ උරුමය දේශපාලනයට අනුව තමන්ගේ දේශපාලන ස්ථාවරය වෙනස් නොකරන බව’ රාජිත  ඇමැතිතුමාට ආවේණික වාග් විලාශයෙන්ම රතන හිමියන්ට ප‍්‍රකාශ කළේය.‘‘ඒ අනුව රතන හිමියන් විමසා සිටියේ ඩොක්ටර් යෝජනා කරන්නේ කුමක්ද යන්නය. එවිට ඇමැතිතුමා පැහැදිලිවම කියා සිටියේ මෙම අවස්ථාවේදී අපේ ඇති දේශපාලන පරස්පරතා අවම කිරීම සඳහා බලය බෙදීම වැනි කොටස් අමතක කර දමා උතුරටත් දකුණටත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගේන්න සටන් කරමු’’ යන්නය.


ඒ අනුව එම ස්ථාවරය ඔස්සේ ඉදිරි පියවර ආරම්භ කළ රතන හාමුදුරුවන් රාජිත ඇමතිතුමා හා චතුර පිවිතුරු හෙටක් පළමු රැුස්වීම බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ කමිටු ශාලාවක පවත්වනු ලැබීය. එහි වූ විශේෂත්වය නම් විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා මෙන්ම ශ්‍රීලනිපයේ ඇමැතිවරු කිහිප දෙනෙක්ද ඊට සහභාගි වීමය. එම රැුස්වීමෙහි පිළිගැනීමේ කථාව චතුර සේනාරත්න විසින් සිදුකළ යුතු බවට රතන හිමියන් යෝජනා කළ ද රාජිත ඇමතිතුමා ඊට විරුද්ධ විය. රාජිත ඇමතිතුමාගේ අදහස වූයේ තමා තවදුරටත් ඇමතිවරයකු ලෙස කටයුතු කරද්දී චතුර මෙහි පිළිගැනීම සිදුකිරීම ප‍්‍රඥාගෝචර නැති බවයි. තවද, ආරම්භයේදීම තමා සම්පූර්ණයෙන්ම සමාජයට නිරාවරණය වන බවද එතුමා රතන හිමියන්ට පහදා දුන්නේය.

 

 

 

සකස් කළේ : 
ප‍්‍රසන්න සංජීව තෙන්නකෝන්