තම නිවෙස හා ගෙවත්ත පිරිසුදු කිරීම හොඳසිරිතක්. එහෙත් තම නිවෙසේ එකතු වන කැළිකසළයාබද වත්තට දමන්නෝ ද වෙත්. එසේ කරනුයේඑකඟතාව සහිතව නම් අවුලක් නැත. එහෙත් ධනය,නිලය, බලය ඇත්නම් බලහත්කාරය යොදවා එසේකරන්නෝ ද වෙත්. නීතියට හරස් වුව එබඳු දෑ මෙරටඑමටයි.

මීතොටමුල්ල ඛේදවාචකය තුඩු දුන්නේ ද කොළඹ කුණුකතිකාවකින් තොරව, ප‍්‍රජාව දැනුවත් කිරීමකින් තොරව එහිබැහැර කිරීමෙනි. එයත් බලහත්කාරයක් වන්නේ එහිවැසියන්ගේ විරෝධතා තඩි පොල්ලෙන් ගසා මැඬලීමනිසාය. එහිදී නීතිය ද අසරණ විය. අධිකරණ තීන්දු පවා කඩකරමින් කසළ කඳු මැවුණේ පෙර නොවූ විරූ මහාපරිමාණයෙනි. අවසානයේ අසරණුන්ට ජීවිතෙන් පවා වන්දිගෙවන්නට සිදුවිය.

මෙම විපත සිදු වන බව කල් තියා දැනගන්නට පාලකයන්සහ බලධාරීන් අසමත් වූයේ ඇයි? ඔවුන්ගේ නූගත්කම නිසාද? එසේ වෙතැයි සිතන්නට බැරි ඔවුන් හැසිරෙන්නේසියල්ල දත්තවුන් සේ බැවිනි. හැරත් කසළ බැහැර කිරීමෙහිනූතන විධික‍්‍රම හදාරන්නට දෙස්පලූවන් හා නිලදරුවන්එතෙර ගොස් ඇත්තේ බුරුතු පිටිනි. එසේම ඔවුන් ජනතාදුකට සංවේදී නොවූයේ මන්ද? පරාර්ථයට වඩා ආත්මාර්ථයටනැඹූරු හෙයින්ද?

මෙම රුදුරු විපතහමුවෙහි පවා එබන්දක්යළි සිදුවීමවළක්වන්නටවත්එකමුතුව කටයුතුකරනු වෙනුවට ප‍්‍රධානදේශපාලන නායකයෝඑකිනෙකා පිට වරදපටවමින් විකටරංගනයක යෙදෙති.හිනහවට වඩාත්මහේතු වන්නේමීතොටමුල්ල කුණුකන්ද නිර්මාණය කළසහ ජනතා විරෝධයමැද එය ව්‍යාප්ත කළහිටපු ජනපති හා සෙසුනායකයන් වරද නවආණ්ඩුව වෙත එල්ලකිරීමය. එසේම නවපාලකයන්ට දවගකීමෙන් නිදහස් විය නොහැකි වන්නේ ඔවුන් දැන් වසරදෙකහමාරක්ම පාලනය කර ඇති හෙයිනි. දෙපිරිසම මෙමප‍්‍රශ්නයෙහි දී හැසිරී ඇත්තේ අඳ ගොළු බිහිරි පුඟුලන් සේය.දැන්වත් මෙම ප‍්‍රශ්නය දෙස බුද්ධිමත්ව බලා විද්‍යාත්මකවිසඳුම් සැපැයීමේ වගකීම වත්මන් ආණ්ඩුව සතුය. එහෙත්ඇතැම් මැති ඇමැතිවරු ආත්ම වර්ණනාවන්හි යෙදෙමින්තමන් ළඟ හොඳම විසඳුම ඇති බවට පුරසාරම් දෙසමින්එකිනෙකා සමඟ වාදයක පැටලී සිටිති. තවත් ඇමැත්තෝකිහිප දෙනෙක් ‘පුංචි හිට්ලර්’ මානසිකත්වයකින් ප‍්‍රශ්නයදෙස බලමින් ජනතාව පිටම වරද පටවති. එයට උල්පන්දම්දෙන පුරෝහිතයන්ගේ ද අඩුවක් නැති.ආණ්ඩුවත් විපක්ෂයත් කුණුවල අයිතිය ගැන අලූතෙන්අරෝවක් අරඹා ඇත. ඒ කොළඹ එකතු වන කුණු බැහැරකරන්නට තැනක් හොයමින් යන විට තම පළාතට ඒවාගෙන ඒමට එරෙහිව ජනතාව වීදි බැසීම නිසාය.මීතොටමුල්ලේ ඛේදවාචකය හේතුවෙන් ජනතාවගේ හැසිරීමතේරුම් ගත හැකි. එම උද්ඝෝෂණ පිටුපස දේශපාලනඥයෝද වෙති. ඒ ගැන ද පුදුම නොවිය යුතුය. දේශපාලන පක්ෂසහ ප‍්‍රජා සංවිධාන සමඟ සාකච්ඡුා කෙරූ ප‍්‍රශ්නයටතාවකාලික හෝ පිළියමක් සෙවූයේ නම් කොළඹ කුණු අපටඑපා කියමින් තොපේ කුණු අපේ කුණු වශයෙන් බෙදීමක්පැන නොනඟින්නට තිබිණි.පනින රිළවුන්ට ඉණිමං බඳින්නාක් මෙන් ආණ්ඩුවෙහිඇත්තෝ ද කොළඹ කුණු හාරා අවුස්සමින් පිටතින්පැමිණෙන්නවුන් ද එහි කුණු දමන හෙයින් එහි වරද රටෙහිමුළු ජනතාව පිටම පටවන්නටත් එහි වගකීමෙන් අඩක් උන්පිට තබන්නටත් බොළඳ උත්සාහයක යෙදුණාහ.අපේ නිවෙස්වලට ද පිටතින් යහළු මිතුරෝ, හිතවත්තු සහවිවිධ සේවා සපයන හා ලබා ගන්නා පිරිස් පැමිණෙති.එහෙත් ඒ නිසා එකතු වන අපද්‍රව්‍ය අපේ නොවේ තොපේකියමින් ඒවා බැහැර කිරීමෙහි වගකීම අනුන් පිට පටවනසිරිතක් අපේ ළඟ නැත. එවැන්නක් ලෝකයේකොතැනකවත් තිබේ දැයි යන්න ද සැක සහිතය. එහෙයින්කොළොම්පුර කසළ කළමනාකරණයෙහි ප‍්‍රධාන වගකීමඇත්තේ කොළඹ මහ නගර සභාවට. එයට ඉන් මිදියනොහැක.

එහෙත් දැන් ආණ්ඩුව එම ප‍්‍රශ්නයට මුහුණ දෙන්නට හදිසිරෙගුලාසි අතට ගෙන ඉමහත් බලතල හා දණ්ඩනවිධික‍්‍රමවලින් සන්නද්ධව සිටී. එය යහපාලනයට මෙන්මප‍්‍රජාතන්ත‍්‍රවාදයෙහි සංවර්ධනයට එතරම් හිතකර නැත.දේශපාලන විරුද්ධවාදීන් හා වෙනස් මත දරන්නවුන්මර්දනයට ඉදිරියේ ආණ්ඩුව සහ නීතිය රකින නිලදරුවන්නොපෙළෙඹෙතැයි සහතිකයක් ඇත්ද? අපේම අත්දැකීමනම් එබන්දක් නැති බවයි. නිරන්තරයෙන් කොකා ගස්සන්ටසූදානමින් සිටි මෙන්ම ‘අවම බලය’ උපරිමය කළ ඇතැම්පොලිස් නිලදරුවන් දණ්ඩනයෙන් මුක්තිය ලබා සිටින කලකවර සහතිකද?

අපද්‍රව්‍ය කළමනාකරණයෙහි ලා අපට වැරැුදුණ තැන්හදාරා දැන්වත් විද්‍යාත්මක ප‍්‍රවේශයකට එළැඹිය යුතු. මේ

පිළිබඳ මධ්‍යම අධිකාරයක්පිහිටුවන බව ආණ්ඩුව කියයි.දීප ව්‍යප්තව අපද්‍රව්‍යකළමනාකරණ අධීක්ෂණයසහ නියාමනය සඳහාඑබන්දක් අවශ්‍ය වුව යථාකළමනාකරණ ක‍්‍රියාවලියවිමධ්‍යගතව කළ යුත්තකි.හැම දෙයක්ම මහාපරිමාණයෙන් කිරීමෙහි මෙගා ව්‍යාපෘතිඋන්මාදයෙන් වැළැකියයුතුය. ඇත්තටම එයසාමාන්‍යයෙන් සිදු විය යුතුවන්නේ පළාත් පාලනආයතන මට්ටමෙනි. ඒසඳහා ලොව පුරා රවුම්ගසන්නට ද වුවමනා නැත.අවශ්‍ය දැනුම මෙරට ඇත.හැරත් අප රාජ්‍යතාන්ත‍්‍රික ¥තමණ්ඩල හරහා එතෙරින්අවශ්‍ය වුවහොත් තාක්ෂණිකසහාය ලබා ගන්නට දපිළිවනි.

කැළිකසළකළමනාකරණය වඩා පහසුකරවන ක‍්‍රමවේද කරා අපඉක්මනින් මාරු වන්නටකාලය දැනටමත් ප‍්‍රමාදය.නිවෙස් මට්ටමින් හැකි තරම්කසළ කළමනාකරණය කළහැකි නම් ආයතනිකව කළයුතු පරිමාව අඩු කළ හැකිය.ගෘහස්ථව කොම්පෝස්ට්පොහොර නිපැදවීම සඳහානිවැසියන්ට ආර්ථිකදිරිගැන්වීම් සැපැයීම එක්ප‍්‍රායෝගික පියවරක්. දැනටඇතැම් තන්හි පමණක්ක‍්‍රියාවට නැෙඟන කසළවර්ගීකරණය දීප ව්‍යාප්තවකිරීම ද පිහිටක් වනු ඇති. ඒපිළිබඳ ජනතාව දැනුවත්කිරීම ද වැදගත්... ඒ සඳහාජනමාධ්‍ය උපයෝගී කර ගතයුතු මුත් මුදල් ගෙවාපළකරන දැන්වීම්වලින්තොරව එය කළ හැකි නම්වඩාත් යෙහෙකි.ප‍්‍රජා සෞඛ්‍ය කටයුතුවලදීපවා ආණ්ඩුව හැම විටමමුල්තැනදී ඇත්තේමිලිටරිකරණය වෙත යොමු වීමෙන්. හමුදා පිරිස් මදුරුමර්දනයට යෙදවීමෙන් සහ නෛතික දණ්ඩන මාර්ගයෙන්ඩෙංගු වසංගතයට වැට බඳින්නට ගන්නා උත්සාහය ඵල දරානැත. මහජන මුදලින් නඩත්තු වන සියලූ සැප සම්පත් භුක්තිවිඳින ජනතා නියෝජිතයන් රූපවාහිනි තිරයක මුහුණදාගන්නට පමණක් නොව එම කටයුත්තට සක‍්‍රීයවමදායකත්වය සපයන්නේ නම් එය ද ප‍්‍රයෝජනවත් විය හැකිය.සියල්ලට ම වඩා වැදගත් වන්නේ ආපදාවන්හි මෙන්මසාමාන්‍යයෙන් ද ජනතාවට ඇත්ත නොවලහා කීමය. මැතිඇමැත්තන්ගේ සිට පහළම නිලධාරියා දක්වා එකම කාරණයපිළිබඳ වෛවාරන්න විග‍්‍රහ ඉදිරිපත් කරන්නේ නම් ජනතාවඅන්දමන්ද වනු ඇත.

වර්තමාන බේදවාචකයෙන් ප‍්‍රශ්නය නිමා වන්නේ නැත.තවත් ඛේදවාචක අනාගතයෙහි ඇති වන්නට පිළිවනි.දැනටමත් මහනුවර හා වෙනත් ප‍්‍රදේශයන්හි එවන් විපත්පිළිබඳ පුරෝකතන තතු දන්නෝ ඉදිරිපත් කර ඇත්තාහ.අගනුවර බ්ලූමැන්ඩල් කුණු කන්දේ ප‍්‍රශ්නය තවමත් පවතී.මෙම ප‍්‍රශ්න මෙසේ ඉතිරිව ඇත්තේ පැවැති හැමආණ්ඩුවක්ම මෙන්ම පවත්නා ආණ්ඩුවත් ප‍්‍රමුඛතා පටලවාගැනීම නිසාය. රට කරවන දේශපාලන පක්ෂ සහ ඒවායෙහිනායකයෝ හැම විටම බල තණ්හාවට මිස ජනතා යහපතපෙරදැරි කර නොගත්තෝ වෙති. එසේ කළා නම්නගරාලංකරණයට පෙර මීතොටමුල්ල කුණු කන්දේප‍්‍රශ්නයට විසඳුම් සපයන්නට තිබිණි. ඊට අමතරව කුණු කන්දජාවාරමක් කර මඩිය තර කර ගත්තෝ ද වෙති. දැනුදුවිසඳුමකට ඔවුන් හරස් වන බව සැලයි.ජනතාව පත් ව ඇත්තේ ‘වැටත් නියරත් ගොයම් කා නම්කාට පවසමු ඒ අමාරුව?’ වැනි තත්ත්වයකටය. ජනතානියෝජිතයන් අසරණ ජනතාවගේ දුකට සහ වුවමනාවන්ටවඩා සංවේදී විය යුතුය. ස්වාභාවික වුව, මානවක‍්‍රියාකාරිත්වයෙහි ඵලයක් වුව හැම ආපදාවකින්මවැඩියෙන්ම පීඩාවට පත්වන්තෝ දුප්පත්තුය. එහෙයින්දුප්පතුන්ට හිතවත් දේශපාලන පිළිවෙත් ක‍්‍රියාවට නැඟීමහදිසි හා ප‍්‍රමුඛ කාර්යයක්.

ජයතිලක ද සිල්වා